මහර සන්සුන් කිව්වට තවමත් වෙඩි ශබ්ද
මහර බන්ධනාගාර පරිශ්‍රයේ ඊයේ (1) හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇතැද යුද්ධ හමුදාව සහ පොලීසිය අවට සහ බන්ධනාගාරය තුළ ආරක්ෂාව තහවුරු කරමින් ඇතැයි ද කරුණු වාර්තා වෙයි. මේ පිළිබඳව අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ.වුට්ලර් ප්‍රකාශ කරන්නේ දැන් මහර සන්සුන් බවයි. එහෙත් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපදන යටතේ මහර බන්ධනාගාරය අවට ප්‍රදේශ කිහිපයකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක බවයි ඔහු සඳහන් කරන්නේ. මෙම තත්ත්වය නිසා මේවනවිට 6 දෙනෙක් තුවාල ලබා එක් අයෙක් මිය ගොස් ඇති බව රජය නිලවශයෙන් ප්‍රකාශ කළත් ඒ අවට රැඳී සිටින මාධ්‍යවේදීන් ප්‍රකාශ කරන්නේ උදෑසන 7 පමණ වනතුරු බන්ධනාගාර පරිශ්‍රය ඇතුලතින් වෙඩි ශබ්ද ඇසුණු බවයි. තුවාලකරුවන් ප්‍රමානය සහ ජීවිතක්ෂයට පත්වූ ප්‍රමානය නිල සංඛ්‍යාවලට වඩා වෙනස් විය හැකි බව ඔවුන් ප්‍රකාශ කරයි. දැනට වාර්තා වෙන ආකාරයට මෙම නොසන්සුන්තාවයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අධික තදබදය සහ බන්ධනාගාර නිලධාරීන්ගේ හිංසනයයි. එමෙන්ම රැඳවියන්ට අඩු පහසුකම් හිමිවීම වැනි තත්ත්වයන් පිළිබඳව ද මේ වනවිට සංවාදයක් ඇති වෙමින් තිබෙයි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed