[gtranslate]

Tag: fh

yoshitha knews
පුවත්

යෝෂිත අත්අඩංගුවට

බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුව ලැබීමට යාම ආශ්‍රිතව සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සහ මුදල් අවභාවිත කිරීම් ආදිය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (17) උදේ යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට පසුගිය 16 දා එම කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබුණත් ඔහුට එම දිනයට පැමිණීමට නොහැකි වී තිබුණු අතර ඒ අනුව අද දිනයේ ඔහු එම කොමිසමට පැමිණි පසුව ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇත. යෝෂිත රාජපක්ෂ 2006 දෙසැම්බර් 14 වන දින නාවික හමුදාවට එක්වී ඇති අතර, අදාළ තනතුරු සඳහා අවශ්‍යව තිබූ උසස් පෙළ විද්‍යා/ගණිත සුදුසුකම් සපුරා නොතිබුණු ද, පසුව එම සුදුසුකම් සංශෝධනය කර ඔහුව බඳවා ගැනීම, ඔහු නාවික හමුදාවට බඳවාගන්නටත් ප්‍රථම හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් යෝෂිත රාජපක්ෂ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා ඇකඩමියට යැවීම පිළිබඳව එම ආයතනයෙන් විමසා තිබීම, රජයේ මුදල් වියදම් කරමින් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුණු පසුව 2007 වසරේ ජනවාරියේ දී ඔහු මෙම පුහුණුවට බ්‍රිතාන්‍ය වෙත යැවීම ආදී සිදුවීම් කිහිපයක් පිළිබඳව මෙම විමර්ශනයේදී කරුණු සොයා බලන බව ද ඒ අනුව යෝෂිත රාජපක්ෂට විරුද්ධව ඉතාමත් ඉක්මනින් අධිචෝදනා ගොනුකරන බව ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Read More »
chamindrani knews
පුවත්

2026 උසස් පෙළ මාසයකින්වත් කල් දාන්න – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණි කිරිඇල්ල

2026 උසස් පෙළ විෂය නිර්දේශ ආවරණය කිරීමට ලැබී ඇත්තේ මාස 21ක් වැනි කෙටි කාලයක් බැවින් සහ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිසුන් පීඩාවට පත්ව ඇති බැවින්, විභාගය අවම වශයෙන් මාසයකින් හෝ මාස එකහමාරකින් කල් දමන්නැයි සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මන්ත්‍රීනි චමින්ද්‍රාණි කිරිඇල්ල රජයෙන් ඉල්ලා සිටියි. අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහත්මිය සඳහන් කළේ, කොවිඩ් නිසා ප්‍රමාද වූ කාලසීමාව මෙවර සිසුන්ගේ කාලයෙන් පියවා ගැනීමට කටයුතු නොකොට, ඔවුන්ට සාධාරණ කාලයක් ලබාදිය යුතු බවයි.

Read More »
gunsite trinco knews
පුවත්

ත්‍රිකුණාමලය ගන්සයිට් තවත් අපරාධ එළියට – සීඅයිඩීය ගුහා සිරමැදිරිවලට සීල් තියයි

පුද්ගලයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් රඳවා තබාගෙන කප්පම් ගෙන පසුව ඝාතනය කර මුහුදට දැමුවා යැයි කියන කුප්‍රකට ගන්සයිට් අපරාධ වැලට අමතරව තවත් අපරාධ රැසක් මෙම පරිශ්‍රයේ සිදුව ඇතැයි තොරතුරු අනාවරණය වීම නිසා මෙම භූගත සිරමැදිරි සංක්‍රීර්ණය සීල් කරන්නට සීඅයිඩීය කටයුතු කර ඇතැයි කරුණු වාර්තා වෙයි. ඒ අනුව මෙම පරිශ්‍රය නිරීක්ෂණය කිරීම සඳහා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා එලබෙන 17 වැනි දින මෙම ස්ථානයට පැමිණෙන බව දැනගන්නට ලැබේ. මෙම ලියුම්කරු පුද්ගලයන් 11 දෙනාගේ ඝාතනයන්වලට අදාළව තොරතුරු සොයන කාල‍යේදී මෙම පරිශ්‍රයේ 28 දෙනෙක් පමණ රඳවාගෙන සිට ඝාතනය කර ඇතැයි තොරතුරු තිබුණ අතර එම සංඛ්‍යාව 50ත් 60ත් අතර විය හැකියැයි දැන් වාර්තා වෙයි. 2009 වර්ෂයේ යුද්ධය අවසන් වීමත් සමඟ මෙම ස්ථානය, නාවික හමුදාව විසින් කුප්‍රකට වධකාගාරයක් සේ පවත්වාගෙන ගොස් තිබෙන අතර එය එවක හමුදාපති වසන්ත කරන්නාගොඩ මෙන්ම බොහෝ ඉහළ නාවික හමුදා නිලධාරීන් දැන සිට ඇත. ඡායාරූපය – AI

Read More »
free lawyers knews
පුවත්

ඩොලර් මිලියන 2.5 ගැන හොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න – ෆ්‍රී ලෝයර්ස්ලා ජනපතිගෙන් ඉල්ලයි

භාණ්ඩාගාරයට සම්බන්ධ ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව සහ මෑතකාලයේ වාර්තා වූ අනෙකුත් මූල්‍ය වංචාවන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස Free Lawyers Association නම් සංවිධානය ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කථානායක ජගත් වික්‍රමරත්න යන මහත්වරුන් වෙත ලිපි යවමින් ඉල්ලා ඇත. එම සංවිධානයේ සම කැඳවුම්කරුවන් වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ අතුල ද සිල්වා යන අයගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපිය මගින්, මෙම මූල්‍ය වංචාවන් පිළිබඳව විමර්ශනය කර ඉදිරියට මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා ඇතැයි තවදුරටත් වාර්තා වෙයි.

Read More »
pujith hemasiri knews
පුවත්

පූජිත්-හේමසිරි දෙන්න ගැනම තීන්දුව ජූලි 31ට..!

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම සහ රාජකාරි පැහැර හැරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ ගොනුකර ඇති නඩුවට අදාළ තීන්දු ලබන ජූලි 31දා ප්‍රකාශයට පත්කරන බව ප්‍රකාශ කර ඇත. බුද්ධි අංශ තොරතුරු තිබියදී ප්‍රහාරය වළක්වා ගැනීමට නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීමට එරෙහිව මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඩුල්ල හමුවේ වෙන වෙනම මෙම නඩු දෙක ගොනුකර ඇති අතර ඒ අනුව තීන්දු දෙක එලබෙන ජූලි 31දා ප්‍රකාශයට පත්කරනු ඇත.

Read More »
stock market srilanka knews
පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්වයි

කොළඹ කොටස් වෙළඳපොළ මෑතක දක්නට ලැබුණු ශක්තිමත්ම එක්දින ක්‍රියාකාරීත්වය පෙන්වමින් 2026 ජූනි 15 දින ආරම්භයේ සිටම පුළුල් මිලදී ගැනීමේ උනන්දුවක් පෙන්වා ඇතැයි වාර්තා වෙයි. ගෝලීය ආයෝජක මනෝභාවය වැඩිදියුණු වීම සහ කලාපීය ආර්ථිකයන් ශක්තිමත් වීම තුළින් ආයෝජක විශ්වාසය යළි තහවුරු වීම මෙයින් පෙන්වන බවද ඉහළ අවිනිශ්චිතතාවයකින් යුත් කාලපරිච්ඡේදයකින් පසුව, වෙළෙඳපොළ ආරම්භයේ සිටම පුළුල් මිලදී ගැනීමේ උනන්දුවක් දක්නට ලැබීම උද්‍යෝගය දනවන බවද කොටස් වෙළඳපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ඒ අනුව සියලුම කොටස් මිල දර්ශකය ඒකක 743.22 කින් (+3.43%) ඉහළ ගොස් 22,380.65 ක් ලෙස සටහන් වී අතර, S&P SL20 දර්ශකය ඒකක 192.48 කින් (+3.19%) වර්ධනය වී 6,219.53 ක් ලෙස සටහන් වී ඇත. දවසේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 4ක් බව වාර්තා වෙන අතර මෙම සැසියේදී ගනුදෙනු වූ කොටස් ප්‍රමාණය මිලියන 205.58ක් බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

Read More »
copfnews knews
මාකට්ටුව

රුපියල් බිලියන 13ක හොරාගේ අම්මගෙන් පේන අහන මහබැංකුව..!

NDB මූල්‍ය වංචාව සහ මහ බැංකුවේ පියවර පිළිබඳව පසුගිය දා පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා සාකච්ඡාවේදී හරි අපූර්ව කරුණු රැසක් අනාවරණය වී ඇත. දීර්ඝ කාලයක් තිස්සේ ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුව ඇති මෙම මූල්‍ය වංචාව රුපියල් බිලියන 13ක් පමණය. අමාත්‍ය ආනන්ද විජේපාල කියන ආකාරයට මේ වනවිට මෙම මුදල් රටින් පිටට ගොස් හමාරය. අශ්වයා ගිය පසු ස්ථාලය වසා දමන්නට දක්ෂ, ලංකාවේ ලොකුම වැටුප් ලබාගන්නා සේවකයන් සේවයේ නිරත මහබැංකුවට, දීර්ඝ කාලයක් සිද්ධවූ මේ වංචාව කලින් අල්ලාගන්නට හැකිවී නැත. එනිසාම බැංකු අධීක්ෂණ සහ නියාමන යාන්ත්‍රණයන් ශක්තිමත් කරන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මහ බැංකුවෙන් ඉල්ලා ඇතැයි අනාවරණය වෙයි. එය ඔවුන් සිදුකර ඇත්තේ පස්වන සහ හයවන සමාලෝචනය හරහා ය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය දා මෙම වංචාව පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු මහ බැංකු නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඇත. එහිදී මහ බැංකුව විසින් ගෙන ඇති පියවරයන්හි ප්‍රගතිය පිළිබඳව ආචාර්ය ද සිල්වා විමසා ඇත. මෙහිදී මහ බැංකු නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ගනුදෙනුවලට මුල් වූ හේතුව සහ ඒවා ක්‍රියාත්මක වූ ආකාරය හඳුනා ගැනීම සඳහා වෝහාරික විගණනයක් ආරම්භ කර ඇති බවය. මෙහිදී හරි අපූර්ව කතාවක් එළියට පැමිණ ඇත. එනම් මෙම වෝහාරික විගණනයේ විෂය පථය තීරණය කරන්නේ චූදිත බැංකුව විසින්ම බවයි. මෙහිදී චූදිතයා වන NDB බැංකුව, මෙම වෝහාරික විගණනයේ විෂය පථය තීරණය කිරීමට සම්බන්ධ වන්නේ කෙසේදැයි ආචාර්ය ද සිල්වා සහ කාරක සභා සාමාජික රවී කරුණානායක යන දෙදෙනාම ප්‍රශ්න කර ඇත. එයට ප්‍රථිචාර දක්වමින් මහබැංකු නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ විෂය පථයේ දළ සටහනක් පමණක් සකස් කරන ලෙස NDB බැංකුවෙන් ඉල්ලා ඇති බවයි. එය ලැබුණ පසුව මහ බැංකුව සිය අදහස් ද එක් කරමින් එය විධිමත් කරන බව කාරක සභාව හමුවේ ප්‍රකාශ කර ඇත. මේ අනුව සතියක් ඇතුළත අතුරු වාර්තාවක් ද, ජූලි 18වන දින අවසන් වාර්තාව ද ඉදිරිපත් කරන බව මහබැංකුව ප්‍රකාශ කර ඇත. වසර දහයක කාලයක් ආවරණය වන පරිදි සිදු වූ ගනුදෙනු මෙහිදී විමර්ශනයට ලක් කෙරෙනු ඇති බව වාර්තා වෙන අතර ඒ අනුව වංචනික ගනුදෙනු හරහා බැංකුවෙන් රුපියල් බිලියන 13ක් හොර රහසේ ඉවත් කරගත් ආකාරය අනාවරණය වෙනු ඇතැයි මහබැංකුව සිය විශ්වාසය කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

Read More »
weather knews
විශේෂාංග

සුපිරි එල්-නීනියෝවකින් ලංකාවට නියඟයක් එයිද?

2026 ජුනි මස වනවිට ගෝලීය දේශගුණ අනාවැකි අනුව පැසිෆික් සාගරයේ එල්-නීනියෝ තත්ත්වයක් වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර එය වසර අවසානය වනවිට ‘සුපිරි එල්-නීනියෝ’ මට්ටමක් දක්වා වර්ධනය වීමේ සැලකිය යුතු හැකියාවක් පවතී. මෙම ලිපියේ අරමුණ වූයේ පසුගිය ප්‍රබල එල්-නීනියෝ අවස්ථා 5ක් (1972-73, 1982-83, 1997-98, 2015-16, 2023-24) විශ්ලේෂණය කරමින් එවැනි තත්ත්වයක් ලංකාවේ වැසි, උෂ්ණත්වය සහ වායුගෝලීය හැසිරීම කෙරෙහි ඇති කළ බලපෑම් හඳුනා ගැනීමයි. එල්-නීනියෝ යනු ENSO (El Niño Southern Oscillation) සංසිද්ධියේ එක් අවධියකි. එය පැසිෆික් සාගරයේ ඇතිවුවද, ලෝකය පුරා සුළං රටා සහ වර්ෂාපතන ව්‍යාප්තිය වෙනස් කිරීමේ හැකියාවක් ඇති බැවින් ශ්‍රී ලංකාවටද සැලකිය යුතු බලපෑම් ඇති කරයි. සාමාන්‍යයෙන් එල්-නීනියෝ තත්ත්වයක් වසරේ මුල් භාගයේ ආරම්භ වී නොවැම්බර්–දෙසැම්බර් කාලයේ උපරිම ප්‍රබලතාවට පත්වේ. පසුගිය ප්‍රබල එල්-නීනියෝ අවස්ථාවල නිරීක්ෂණ අනුව ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය මාස අනුව වෙනස් ආකාරයෙන් බලපෑමට ලක්වී ඇත. මැයි මාසයේදී සාමාන්‍යයට වඩා තරමක වැසි වැඩිවීමක් දක්නට ලැබී ඇත. එහෙත් ජුනි, ජුලි සහ අගෝස්තු මාසවලදී වැසි ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවී ඇති අතර උෂ්ණත්වය වැඩි වී ඇත. විශේෂයෙන් අගෝස්තු මාසයේදී වැසි හිඟය සහ උෂ්ණත්ව ඉහළ යාම නිසා නියං ලක්ෂණ වර්ධනය විය හැකි බව දත්ත පෙන්වයි. සැප්තැම්බර් මාසයේදී නිරිතදිග මෝසම දුර්වල වන අතර අන්තර්මෝසම් තත්ත්වයන් ආරම්භ වීමත් සමඟ වැසි තත්ත්වය තරමක් යහපත් වන ප්‍රවණතාවක් පවතී. ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී, ගෝලීය වශයෙන් බොහෝ රටවල් වියළි සහ උණුසුම් තත්ත්වයන් අත්දැක තිබුණද, ශ්‍රී ලංකාවේ සාමාන්‍යයට වඩා වැඩි වැසි ලැබී ඇති බව නිරීක්ෂණය වී ඇත. එම නිසා දෙවන අන්තර්මෝසම් සමයේදී එල්-නීනියෝව වැසි වැඩි කිරීමට දායක වී ඇති බව පෙනේ. උෂ්ණත්වය සම්බන්ධයෙන්, මැයි සහ ඔක්තෝම්බර් මාස හැරුණු විට බොහෝ මාසවලදී සාමාන්‍යයට වඩා වැඩි උෂ්ණත්වයන් වාර්තා වී ඇත. විශේෂයෙන් ඊළඟ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලයේදී උෂ්ණත්ව විෂමතා වඩාත් ඉහළ මට්ටමක පැවතිය හැකි බව පෙර දත්ත පෙන්වයි. එබැවින් 2027 මාර්තු–අප්‍රේල් කාලයේ උෂ්ණත්ව වැඩිවීම් පිළිබඳ විශේෂ අවධානයක් අවශ්‍ය වේ. වායුගෝලීය විශ්ලේෂණ අනුව, ප්‍රබල එල්-නීනියෝ අවස්ථාවලදී මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිතදිග මෝසම් සුළං සාමාන්‍යයට වඩා දුර්වල වී ඇත. මෙය දකුණු ඉන්දීය සාගරයෙන් සහ අරාබි මුහුදෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන ජලවාෂ්ප ප්‍රවාහය අඩු කරන බැවින් වැසි අඩුවීමට හේතු වේ. ජුනි–අගෝස්තු කාලයේ වැසි හිඟය සඳහා මෙය ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගත හැක. අනෙක් අතට, ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී පහළ වායුගෝලයේ සුළං රටා දුර්වල වීම සංවහන වැසි වර්ධනයට සහ බෙංගාල බොක්කේ අඩු පීඩන පද්ධති නිර්මාණයට හිතකර තත්ත්වයන් සලසයි. එමඟින් ශ්‍රී ලංකාවේ දෙවන අන්තර්මෝසම් වැසි සාමාන්‍යයට වඩා වැඩි විය හැක. සමස්තයක් ලෙස, ප්‍රබල එල්-නීනියෝවක් ශ්‍රී ලංකාවේ සෑම කාලයකම නියඟයක් හෝ ගංවතුරක් ඇති කරයි යැයි පැවසිය නොහැක. එහි බලපෑම ඍතු අනුව වෙනස් වේ. පසුගිය දත්ත අනුව මැයි මාසයේ වැසි වැඩිවීමක්, ජුනි–අගෝස්තු වැසි අඩුවීමක්, සැප්තැම්බර්–දෙසැම්බර් වැසි වැඩිවීමක් සහ ඊළඟ වසරේ ජනවාරි–අප්‍රේල් වැසි අඩුවීමක් නිරීක්ෂණය වී ඇත. ඒ සමඟම බොහෝ මාසවල උෂ්ණත්වයද ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතී. එබැවින් ජල සම්පත් කළමනාකරණය, කෘෂිකාර්මික සැලසුම්කරණය, උෂ්ණත්ව අවදානම් සඳහා සූදානම් වීම සහ නිල කාලගුණ අනාවැකි අඛණ්ඩව අනුගමනය කිරීම ඉදිරි මාසවලදී අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත් මෙම සංසිද්ධිය විසින් පමණක් කාලගුණය තීරණය නොකරන අතර Madden–Julian Oscillation, Indian Ocean Dipole, සුළි කුණාටු සහ වෙනත් කලාපීය සාධකද අවසාන ප්‍රතිඵලයට බලපාන බව සැලකිල්ලට ගත යුතුය. මූලාශ්‍ර – https://www.cclka.com වෙබ් අඩවිය

Read More »
bimal knews
ගවේෂණ

කන්ටේනර් නිදහස් කිරීම – 01

වර්තමාන රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ආන්දෝලනාත්මක රතු ලේබල් කන්ටේනර් නිදහස් කිරීමේ සිද්ධියේ දී එම කන්ටේනර් නිදහස් කිරීම අධීක්ෂණය සඳහා පත්කර තිබුණ නිලධාරියා බවත් එහිදී ඔහු එම අධීක්ෂණ කාර්‍යභාරයෙන් ඉවත්වී එම කන්ටේනර් නිදහස් කිරීමේ කාර්‍යභාරයට උරදී කටයුතු කර ඇති බවත් නීරීක්ෂණය වෙන බව, මේ පිළිබඳව සොයා බැලීමට පත් කළ මුල්ම කමිටුව සිය වාර්තාව මඟින් ප්‍රකාශ කර ඇත. එය එසේ තිබියදීත් ඔහු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 45 වැනි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්ව පසුගිය 2026 මැයි මස 05 වැනිදා විශ්‍රාම ගිය අතර මේ වනවිට නව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විමල් ලියනගම කටයුතු කරයි. ඒ අතරේ මේ ආන්දෝලනාත්මක සිදුවීම පිළිබඳව කරුණු සොයන්නට පාර්ලිමේන්තු කමිටුවක් පත්වුණ අතර එම කමිටුව ඉදිරියට ජනාධිපතිවරයා සහ එවක රේගුව භාරව කටයුතු කළ බිමල් රත්නායක අමාත්‍යවරයා කැඳවන්නට එම කමිටුවේ සිටින විපක්ෂ මන්ත්‍රීවරුන් යෝජනා කළත් එයට බහුතර ආණ්ඩු මන්ත්‍රීවරුන් සිය විරෝධය පෑම නිසා එම යෝජනාව හකුලා ගන්නට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සිදුවිය. ඒ අනුව අමාත්‍යවරයා නොමැතිව දැන් රාජ්‍ය සේවකයා මත පමණක්ම පදනම්ව කමිටු කටයුතු සිදුවෙමින් තිබෙයි. එම පසුබිමේ knews අප මේ ගැන සොයාබලන්නට කල්පනා කළේය. මෙම පාර්ලිමේන්තු කමිටුව පත්වන්නට ප්‍රථම මේ පිළිබඳව සොයා බැලීම සඳහා 2025 ජනවාරි 30 වෙනි දින අංක එම්එෆ්/එස්ටී/01/02 ලිපිය මඟින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් කමිටුවක් පත් කළ අතර එහි සභාපතීත්වය භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.කේ සෙනෙවිරත්න මහතා විසින් දරනු ලැබීය. මෙම කමිටුව වෙත සිය කරුණු දක්වා ඇති වර්තමාන රේගු අධක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා, 2024/7/18 දින ඉහළ කළමනාකරණ රැස්වීමේදී ගත් තීරණය මත පදනම් කරගෙන බහාළුම් නිදහස් කිරීම සඳහා නිලධාරීන් 3කුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබුණ බවත් එම කමිටුවේ කාර්‍යයන් අධීක්ෂණය තමන් විසින් සිදුකළ බවත් ප්‍රකාශ කර ඇත. සීවලි අරුක්ගොඩ මහතා සඳහන් කරනු ලබන එම නිලධාරීන්ගේ කාර්‍යභාරය වී ඇත්තේ ග්‍රේලයින් 1 සහ 2 වෙත යොමුවෙන රතු ලේබල් සහිත බහාළුම් ස්කෑන් පරීක්ෂාවකින් පසුව භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සඳහා නැවත මාර්ගගත කිරිම හෝ RCT වෙත පරීක්ෂාවක් සඳහා යොමු කිරීමය. එහිදී කමිටුව වෙත අදහස් දක්වන සීවලි අරුක්ගොඩ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙම කමිටුවේ විනිවිද පෙනෙන සුළුබව වැඩිකිරීම සඳහා තමන් විසින් මෙම කමිටු කාර්‍යයන් අධීක්ෂණය කළ බවය. එම අධීක්ෂණ කාර්‍යභාරය පිළිබඳව සිය නිරීක්ෂණයන් දක්වන කමිටුව ප්‍රකාශ කරන්නේ ප්‍රස්තුත බහාළුම් 309 නිදහස් කළ දිනය වන 2025 ජනවාරි 18 වෙනි දින රැස්වූ කමිටුව සඳහා සහභාගීවී ඇත්තේ රේගු අධ්‍යක්ෂ එස්.ඒ.ටී.බී සුරවීර මහතා පමණක් බවය. ඒ අනුව ඔහුගේ එදින කාර්‍යභාරය නිරීක්ෂණය කිරීම සඳහා වර්තමාන රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා සහභාගී වී සිට ඇති බව සඳහන් කරන එම කමිටු වාර්තාව ප්‍රකාශ කරන්නේ සීවලි අරුක්ගොඩ මහතා සිය අධීක්ෂණ කාර්‍යයෙන් ඉවත්වී බහාළුම් නිදහස් කිරීම සඳහා සහභාගීවී සිට ඇති බවය. -කේ. සංජීව-

Read More »
cancer awareness knews
ජීවිතය

සමහර කැන්සර් හෙම්බිරිස්සාවක් තරම්වත් දරුණු නැහැ – රුධිර පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් හේවමාන

බෝනොවන රෝග කාණ්ඩය අස්සේ තිබෙන ‘පිළිකාව’ කියලා කියන්නේ, අපි බයම වෙන රෝගය කීවොත් නිවැරදියි. දියුණු රටවල මිනිසුන් පිළිකාව දෙස බලන විදිහ සහ අපි ඒ දෙස බලන විදිහ සෑහෙන්න වෙනස්. මේ වෙනසට මූලිකම හේතුව තමයි මේ රෝගය පිළිබඳව අපි තවමත් හරි හැටි දැනුවත් නොවීම. මේ රෝගයට බෙහෙත් කරන බහුතරයක් වෛද්‍යවරුන් පවා රෝගීයාගේ බිය තව තවත් වැඩිවෙන විදිහට කටයුතු කරනවා මිසක් ඔහුට දැනුම දෙමින් මේ රෝගයට සැහැල්ලුවෙන් මුහුන දෙන්න අවශ්‍ය ශක්තිය ලබාදෙන්නේ නෑ. මෙන්න මේ තත්ත්වයට පිළිතුරක් විදිහට අපි හිතුවා පිළිකාව ගැන ලිපි මාලාවක් සම්පාදනය කරන්න. මේ ලිපිය තමයි එහි පළමු කොටස. අපි මේ ලිපි මාලාව සඳහා මුලින්ම එකතු කරගත්තේ ලංකාවේ සහ මහා බ්‍රිතාන්‍යය යන රටවල් දෙකේම පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන, රුධිර පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් හේවමාන මහතා. ඔහු ලංකා හොස්පිට්ල්ස් රුධිර පිළිකා මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙසත් කටයුතු කරනවා. මම කැමතියි ඩොක්ටර්ගෙන් මුලින්ම අහන්න පිළිකාවක් කියන්නේ මොකද්ද? සරළව පැහැදිලි කළොත්… පිළිකා (Cancer) කියන්නේ ජානමය රෝගයක් (Genetic Disease). ජානමය කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට එනවා කියන එක නෙමෙයි. ජානමය කියන්නේ ජානයක වෙනසක් වෙලා හැදෙන ලෙඩක් කියන එක. ජානමය ලෙඩ ඔක්කොම පරම්පරාවෙන් එන්නේ නැහැ. එහෙම එන්නෙ ෆැමිලි ඩිස්ඕඩර්ස්. මම පිළිකා විශේෂඥවරයෙක් විදියට වැඩකරන්න පටන් ගත්තේ අවුරුදු 25කට විතර කලින්. දැන් දන්න ජානවලින් සියයට අසූවක් අපි ඒ දවස්වල දන්නේ නැහැ. පිළිකා කියන්නේ සංක්‍රීර්ණ ජානමය ලෙඩක්. ඒක ඔයාට උපතින් නැතත්, ඉපදුණාට පස්සේ එන්න පුළුවන්. පිළිකා හැදෙන්නේ හුඟක් වෙලාවට ඉපදුණාට පස්සේ සිදුවෙන ජාන වෙනස්වීම් නිසා. අපි දන්නවා අපේ ජාන හැමදාම වෙනස් වෙනවා. අපේ ශරීරයේ හැමදාම සෛල හැදෙනවා, මිලියන ගණනින් තමයි හැදෙන්නේ. මේ නිශ්පාදන ක්‍රියාවලියෙදි, තමයි මේක වෙන්නේ. එකම මැෂින් එකේ වුණත් මෙහෙම හැදෙනකොට පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. අපේ ශරීරයේ ක්‍රමවේදයක් තිබෙනවා හරියට හැදෙන්නේ නැති සෛල මරලා දන්න. නමුත් එහෙම මරලා දානකොට එක්කෙනෙක් දෙන්නෙක් බේරිලා යන්න පුළුවන්. අන්නෙහෙම මඟහැරිලා යන සෛලයක වර්ධනයකින් පිළිකාවක් පටන් ගන්න පුළුවන්. ඕක තමයි සරළම පැහැදිලි කිරීම. එතකොට මේ ජාන වෙනස් වීම කියන එක, එක එක දේවල් නිසා වෙන්න පුළුවන්. අපි මේ කන බොන දේවල් හරි, රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම (Exposure) නිසා හරි, තරහ යන එක නිසා හරි, විකිරණවලට නිරාවරණය වීම නිසා හරි මේක වෙන්න පුළුවන්. පිළිකාවක් තිබෙනවා කියලා දැනගත්ත ගමන් අපේ මිනිස්සු සෑහෙන්න බය වෙනවා. ඇත්තම කතාව ගත්තොත් රෝගියා විතරක් නෙවෙයි මුළු පවුලම බයවෙනවා. ඊට පස්සේ විශාල ඛේදවාචකයක් මතින් තමයි ප්‍රතිකාර ක්‍රියාවලිය ගමන් කරන්නේ. මේ බිය ඇතිවෙන්න හේතුව මොකද්ද? මුලින්ම කියන්න ඕනෑ පිළිකාව කියලා එක දෙයක් නැහැ. කැන්සර් වර්ග හුඟාක් තියෙනවා. සමහර කැන්සර් හෙම්බිරිස්සාවක් තරම්වත් දරුණු නැහැ.විශේෂයෙන් අපි රුධිර පිළිකා (බ්ලඩ් කැන්සර්) ගැන කතා කළොත්, රුධිර පිළිකා වර්ග දහස් ගණනක් තියෙනවා. සමහර රුධිර පිළිකා තියෙනවා, ඒවට කොත්තමල්ලි ටිකක්වත් බොන්න ඕනෑ නැහැ. ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි, ක්‍රොනික් ලිම්ෆොසිටික් ලියුකේමියා කියලා එකක් තියෙනවා, CLL කියලා කියන්නෙ. ඒ ජාතිය අපි හරියට හඳුනා ගත්තොත්, ඒක හැදෙන ලෙඩුන්ගේ සියයට තිහකට විතර කිසිම ප්‍රතිකාරයක් කරන්න ඕනෑ නැහැ. වෙන මොකක් හරි වෙලා, වයසට ගිහින් හරි, හෘදයාබාධයක් හැදිලා හරි නැති වෙනවා මිසක්, කැන්සර් එකෙන් නැති වෙන්නේ නැහැ. කැන්සර් භයානකයි, කොලෙස්ටරෝල් හැදෙන එක භයානක නැහැ. රුධිර පීඩනය භයානකයි, දියවැඩියාව භයානක නැහැ. කියලානේ අපි හිතන්නේ, එහෙම එකක් නැහැ. හැම ලෙඩක් ඇතුළෙම සබ් ටයිප්ස් තියෙනවා. මම රුධිර පිළිකා විශේෂඥ වෛද්‍යවරයෙක් නිසා මම මෙහෙම කියන්නම් – රුධිර පිළිකා වර්ග තියෙනවා. ඒ වර්ග ඇතුළේ තව වර්ග තියෙනවා. ෆොලිකියුලර් ලිම්ෆෝමා කියලා ලිම්ෆෝමා එකක් තියනවා. ඒ්කේ ස්ටේජින් (අවධිය) තියෙනවා. එක එක වර්ග තියනවා. සමහර වර්ගවලට ප්‍රතිකාර කරන්නේ නැහැ. ඒ හින්දා මම හිතන්නේ ‘කැන්සර්’ කිව්වාම බය වෙන එක අපේ සමාජයෙන් ඇති වෙච්ච දෙයක්. දැන් මම එක්සත් රාජධානියේ වැඩ කරනවානේ, එහේ ලෙඩෙක්ට කැන්සර් හැදිලා ද, කොලෙස්ටරෝල් හැදිලා ද කියලා නෑ, මේ දෙකටම ඔවුන් සතුව තියෙන්නේ එකම ප්‍රතිචාරය. මම මේ මාසේ ලංකාවේ වැඩ කරනකොට, කැන්සර් හැදිච්ච ලෙඩෙක් බයවෙන තරමයි, කොලෙස්ටරෝල්වලට බයවෙන තරමයි මට පේනවා, ඒක හරි වෙනස්. අපි තේරුම් ගන්නෑ ලෝකේ වැඩිපුරම මිනිස්සු මැරෙන්නෙ කාඩියොවාස්කියුලර් ඩිස්ඕඩර්ස් නැත්නම් ස්ට්‍රෝක්වලින් කියලා. සෙරිබ්‍රොවැස්කියුලර් ඇක්සිඩන්ට්ස් වලින් තමයි වැඩිපුරම මිනිස්සු මැරෙන්නේ. බෝ නොවන රෝගවලින් ඒක තමයි පළවෙනිම ලෙඩේ. කැන්සර් තියෙන්නේ දෙවෙනියාට. හැබැයි අපි වැඩිපුරම බය වෙන්නේ කැන්සර්වලට. අරකට බය වෙන්නේ නැහැ. කොලෙස්ටරෝල් හැදුනම පොෂ් ලෙඩක් කියලා තමයි අපි හිතන්නේ. ඇත්තටම අපි බය වෙනවා නම් බය වෙන්න ඕනෑ කැන්සර් එකක් හුඟාක් ප්‍රමාද වෙලා ඩයග්නෝස් වුණොත්, එතකොට අපිට හදාගන්න තියෙන කාලය මදි. ඒත් දැන්නම් කැන්සර් නිසා මැරෙන රෝගීන් ප්‍රමානය විශාල වශයෙන් අඩුවෙලා තිබෙන්නේ. ඒකට හේතුව තමයි බෙහෙත් වගේම ප්‍රතිකාර සහ සායනික තත්ත්වයන්වල ඇතිවෙලා තියෙන දියුණුව. පුද්ගලයෙක්ට පිළිකාවක් හැදෙන්න නිශ්චිත හේතුවක් තියෙන්න පුළුවන් ද? අපේ මතයක් තිබෙනවා විෂ රසායන නිසා, දුම්පානය නිසා, මත්පැන් පානය නිසා, නොයේක් රසකාරක සහිත ආහාර පුරුදු නිසා, විකිරණවලට නිරාවරණය නිසා, ඇස්බැස්ටර්ස් නිසා, පිළිකා හැදෙන්න පුළුවන් කියලා. විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට ඔබගේ මතය කුමක්ද? මගේ ක්ෂෙත්‍රය රුධිර පිළිකා නිසා මම ඒ පැත්තෙන් මේ ප්‍රශ්නයට උත්තර දෙන්නම්. රුධිර පිළිකා බහුතරයක් හැදෙන හේතුව අපි දන්නේ නැහැ. දන්නේ බොහොම ටිකයි. ඒ නිසා බ්ලඩ් කැන්සර්වලට හේතුව මොකක්ද කියලා ඇහුවොත්, ‘දන්නේ නැහැ’ කියන එක තමයි උත්තරය. බොහොම කලාතුරකින් කෙනෙකුට පවුලෙන් එන්න පුළුවන්. ඔය මත්පැන් පුරුදු, රසකාරක වගේ කතා දිහා බැලුවොත් අපිට ඒක නිසා කැන්සර් හැදුනා කියලා කෙළින්ම කියන්න බෑ. නමුත් ඒකේ සම්බන්ධතාවක් (Association) තියෙන්න පුළුවන්. හැබැයි, සෘජුවම සිගරට් බීපු හින්දා රුධිර පිළිකා හැදෙනවා කියලා කියන්න බැහැ. ඒ්ක පෙනහළු පිළිකාවලට (Lung Cancer) හේතුවක් වෙනවා කියන්න පුළුවන්. සිගරට් බොන එක හොඳ නැහැ, ඇල්කොහොල් බොන එක හොඳ නැහැ, සැකසූ (Processed) කෑම හොඳ නැහැ, වගේ මත අපි ළඟ තිබෙනවා, නමුත් ප්‍රශ්නය මේවා ගැන ඇත්තම කතාව අපි තවම දන්නේ නැති එක. අපි පළතුරු, එළවළු වැඩිපුර කාලා ව්‍යායාම කරලා ඉන්න එක හොඳයි. හැබැයි, ව්‍යායාම නොකරපු හින්දා ලියුකේමියාව හැදෙනවා කියලා සෘජුව අපිට කියන්න බැහැ. ඇල්කොහොල් වලින් සිරෝසිස් හැදෙනවා කියලා දැන් අපි ඩිරෙක්ට්ලි දන්නවා. හැබැයි ඇල්කොහොල් නිසා ලියුකේමියාව හැදෙනවා ලිම්ෆෝමා හැදෙනවාද කියලා හරියටම කියන්න අපි දන්නේ නෑ. එහෙම සෘජු සම්බන්ධතාවක් නැහැ. මෙහෙම කිව්වහම කෙනෙක් හිතන්න පුළුවන් සිගරැට් බිව්වත් අරක්කු බිව්වත් අවුලක් නෑ කියලා, නෑ ඒක නෙවෙයි මම කියන්නේ, මම කියන්නේ වෛද්‍යවරයෙක් විදිහට මට එහෙම කෙළින්ම කියන්න බෑ, මේකට මේක සම්බන්ධයි කියලා. මොකද එහෙම එකක් හරියටම සොයාගෙන නෑ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අනිත් එක තමයි, සිගරට් නොබොන එක වැදගත් බ්ලඩ් කැන්සර්වලටත්. අපි හිතමු මම ළඟට ලෙඩෙක් එනවා ලියුකේමියාව හැදිලා, ඔහුට වයස අවුරුදු හතළිහක් විතර, එයා සිගරැට් බීලා නෑ, පෙනහළු හොඳට තියෙන කෙනෙක්, එතකොට මට ප්‍රතිකාර කරන්න ලේසියි. සිගරට් හතළිහක් විතර දවසට බොන කෙනෙක් ලියුකේමියාව හැදිලා මම ළඟට ආවොත්, එයා මැරෙන්නෙ ලියුකේමියා වලින් නොවෙන්නත් පුළුවන්, එයාට පෙනහළු ආසාදන එන්න පුළුවන්. අපි හිතමු හොඳටම මත්පැන් පානය කරලා ලිවර් එක සවුත්තු කරගත්ත කෙනෙක් ලියුකේමියාව හැදිලා මම ළඟට ආවා කියලා, එතකොට අපිට ඔහුට කීමෝතෙරපි දෙන්න බෑ. මොකද කීමෝ තෙරපි ලිවර් එකට ඇෆෙක්ට් වෙනවානේ. එතකොට ලියුකේමියාව හැදුණේ බීපු නිසා නෙවෙන්න

Read More »