ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල පහළට. අපෙත් අඩු කරයිද?

world oil prices knews

එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇතිවී තිබෙන මූලික සාම එකඟතාව නිසා සහ ලෝක බොරතෙල් සැපයුමේ කේන්ද්‍රය වන හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීමට ඇති බලාපොරොත්තුවත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළ බසිමින් ඇත.

මෙම නව සාම වටපිටාව සමඟ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 83ත් 84ත් අතර අගයක් ගෙන ඇති අතර ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80ත් 81.50ත් අතර අගයක් වෙත පහත බැස ඇත.

පසුගිය මැයි මාසයේදී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 100යේ සීමාව ඉක්මවා ගොස් තිබුණු අතර ඒ අනුව ලෝකයේ බොහෝ රටවල තෙල් මිල ඉහළ ගියේය.

මෙම නව තත්ත්වයත් සමඟ පසුගිය අප්‍රේල් මැද භාගයෙන් පසු පළමු වතාවට එක්සත් ජනපදයේ සාමාන්‍ය සිල්ලර පෙට්‍රල් මිල ගැලුමක් සඳහා ඇමෙරිකානු ඩොලර් 4ට වඩා අඩු අගයක් ගෙන ඇතැයි වාර්තා වෙයි.

එළඹෙන ජුනි 19දා පැවැත්වෙන නිල අත්සන් තැබීමේ උත්සවයෙන් පසුව ගිවිසුමේ කරුණු මාධ්‍ය වෙත නිකුත් කරන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන අතර ඔහුගේ ප්‍රකාශයට අනුව එදිනම හෝමූස් යළි නෞකා ගමනාගමනය සඳහා විවෘත වනු ඇත. එක්සත් ජනපද ජනාධිපතිවරයා කුමක් කීවත් මෙම මුහුදු තීරයේ රඳවා ඇති පුපුරන ද්‍රව්‍ය ඉවත් කිරීම ලේසි නැති බව බටහිර මාධ්‍ය වාර්තා කරයි.

මෙම නව තත්ත්වයත් සමඟ ලෝකයේ බොහෝ රටවලට ඉහළ දමනු ලැබූ ඛනිජ තෙල් මිල පහත හෙළීමට සිදුවනු ඇතැයි කරුණු වාර්තා වුවත්, ලංකාව ඛනිජ තෙල් මිල ලෝක වෙළෙඳපොළේ විශාල වශයෙන් අඩුවුණත් ටික කාලයක් මේ මිල ගණන්ම පවත්වාගෙන යනු ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...