[gtranslate]

Category: ජීවිතය

food knews
ජීවිතය

මියන නැතිව මා මියැදෙයි කියාපන්…!

සිරීපාද කන්දෙන් පහළට පැනලා දුවගෙන දුවගෙන ඇවිත් ගිමන් නිවන ගමන්, වක්වෙලා ගලන කළු ගඟ, ගේ මිදුලේ අලෝගෙන තමයි අපේ ලොකු අම්මගේ ගෙපැල හිනා වුණේ. මිදුලෙන් පහළ බැලුවාම, ගඟ හැමදාම සීරෝසිස් හැදිලා වගේ, බඩ මහත් කරගෙන ඔරොක් කරගෙන, ඔහේ හිටියා. එහෙම ඔහේ හිටියට ඉතිං රෙද්ද කඩාගත්ත ගංවතුර දවස්වලට ගඟ මිදුලට ඇවිත් ගෙදරට හාදු දුන්නා. මම මේ කියන්නේ හැරණියාවක ගැන. පානදුරෙන් රත්නපුරේට එන්න තියෙන නයා ගිය වංගු පාරේ ඔයා ආවොත්, ඉඩංගොඩ ටවුම පැන්නාම හම්බවෙන පළවෙනි ප්‍රධාන හන්දිය තමයි මේක. දකුණට පහළ ගලතුරට අයගමට කලවානට මතුගමට දික් වෙච්ච පාර. ඔයා රත්නපුර පැත්ත බලාගෙන බකන්නිලා ගත්තොත් ගඟේ වම් ඉවුර නම් උසයි. වම් ඉවුරෙ තමයි පාර අලෝලා තියෙන්නේ. දකුණු ඉවුර පහත්, පොඩි චුරු චුරුවකට වුණත් යට වෙන්න බලාගෙන හිටපු දකුණට ඇල කරපු වතුර බේසමක් තමයි හැරණියාවක කියලා කියන්නේ. ඉස්සර මැණික් පතල් සුලබ නැති කාලේ, හැරණියාවක කළු ගඟ මිටියාවතේ රබර් ගස් හිටගෙන හිටියා. වතුර වැඩි නිසාදෝ එපාවෙලා වගේ තමයි හිටියේ. ඒ රබර් යායවල් යටින් යටි වගාවක් වගේ තිබ්බේ මීවන සාගරයක්. ඒ ගහට අපි කිව්වේ මියන කියලා. සමහරුන් කියනවා මියන පලා කියලා. අපි නම් කිව්වේ මියන කොළ කියලා. එහෙම නැත්තං මියන දළු. කළු ගඟ අසල ඕසෙට හැදෙන මේ මීවන ශාකය පුදුම රස කෑමක්. සුවඳලේ බත් පිසුවයි කියාපන්මියන මාළු හොදි පිසුවයි කියාපන්මියන නැතිව මා මියැදෙයි කියාපන්රෑට බතට මම එන බව කියාපන් ජන කවියා ‘මියන නැතිව මියැදෙයි’ කියලා බය වෙලා. සපරුන් ඒ තරමට මියන කොළේට පෙම් බැන්දා. මේක කළු ගඟ නිම්නයේ තමයි වැඩිපුර හමුවෙන්නේ. ඒත් සීතාවක ගඟ නිම්නයේත් මේ ගහ ඕසෙට දළුලනවා. සීතාවකට මේ ගහ ගිය එකත් සීතාවක රාජධානි කතාව එක්ක ගැටගැහුණු රස කතාවක්. කොහොම වුණත් මියනේ ගුණේ සහ රසේ නිසාම මේක කන්ද උඩ මාළිගාවේ රාජභෝජනයටත් ගියා කියලා කියනවා. ලංකාවේ කන්න පුළුවන් පලා වර්ග 255 අස්සේ පලා රජ්ජුරුවෝ කවුද කියලා ඇහුවොත්, මම නම් එකෙන්ම කියන්නේ මියන කියලා. මම නම් මියන කොළේට ඒ තරමට ලෝලයි ආලයි. සපරුන්ගේ පළාතේ තියෙන ප්‍රධාන මල්වතු විහාර පහෙන් එකක් වෙච්ච කිරිඇල්ලේ නැඳුන් විහාරයට, පළවෙනි රාජසිංහ රජ්ජුරුවෝ දුම්බර නින්දගම පරිත්‍යාග කරලා තියෙන්නේ ඇයිද කියලා ඔයාලා දන්නවාද? මේ විහාරයේ වැඩසිටි කරඳන දේවරක්ඛිත හාමුදුරුවන්ට ව්‍යංජනයට ‘මියනදළු’ මිටක් කඩා ගන්න තමයි රජ්ජුරුවෝ මේ නින්දගම විහාරයට පූජා කරලා තියෙන්නේ. ඉතිං හිතහල්ලකෝ රත්නපුරේ මිනිස්සු අතීතයේ ඉඳලා මියන කාපු තරම ගැන..! ඒක රජ්ජුරුවොත් දැනගෙන ඉඳලානේ..! මියන දල්ල රත්නපුරේ මිනිස්සුන්ට මසක් මාංශයක් වගේ. අපේ අම්මලා බදාදා සෙනසුරාදා කෙම්මුර දවස්වලට මියන කැඩුවෙවත් කෑවෙවත් නෑ. ඒකට හේතුව මියන කියන්නේ මාංශයක් කියලා ඔවුන් හිතපු එක. ලේ තියෙන පලාවක් කියලා තමයි කීවේ. මියන කොක්කක් ටකස් ගාලා දෙකට කැඩුවාම එන සුවඳ ටිකක් ලේ සුවඳට කිට්ටු නිසා, මේ අදහස ආවා වෙන්න පුළුවන්. ඉතිං ලේ අඩු වුණ ගමන්, ඇස් යට සුදු වුණ ගමන්, අපේ මිනිස්සු මියන හොය හොයා කනවා. ඇත්තටම මියන දළු කෑවාම ලේවල රතු රුධිරාණු උඩ යනවා බලාගෙන ඉන්දැද්දී.. මියන කියලා කියන්නේ පෝෂණයෙන් ඉහළ ලෙඩ රෝග ගොඩකට හොය හොයා කන පලාවක් කියන එක මතක තියාගන්න. මියන කොළ ගැන පර්යේෂණ කරපු ඉන්දියානු පෝෂණවේදියෙක් මේ කරුණ සනාථ කරනවා. ඇත්තම කීවොත් ඩිප්ලේසියම් එස්කුලෙන්ටම් (Diplazium esculentum) කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ මීවන ශාකය හිමාලයානු සහ උප-හිමාලයානු කලාපයේ මිනිස්සු වල් එළවළුවක් විදිහට භාවිතා කරනවා. ඒ ජන සමාජයන්වල ජන සාහිත්‍යයට අනුව මේ ශාකයට, දියවැඩියාව, වසූරිය, ඇදුම, පාචනය, රූමැටික්, අතීසාරය, හිසරදය, උණ, සරම්ප, අධි රුධිර පීඩනය, මලබද්ධය, අස්ථි බිඳීම වගේ රෝග ගොඩක් වැළැක්වීමට පුළුවන් කියලා කියනවා. පිලිපීනය වගේ රටක් ගත්තොත් මේක ජනප්‍රියම කෑමක්. මියන දළු මාළුව රත්නපුරේ අපි කරියට නැත්තං ව්‍යංජනයට කිව්වේ මාළුව කියලා. ඉතිං මියන දළු හැමවෙලාවෙම අපි කෑවේ මාළුව විදිහට. මම මුලින්ම කීවනේ මේක අපි මසක් මාංශයක් විදිහට තමයි සැලකුවේ කියලා. ඉතිං කළුවට කළුවේ සුවඳ හමන්නැහේ, දඩමස් හදන්නැහේ තමයි හැදුවේ. මුලින්ම මියන දළු මිටිය හොඳට සෝදලා කපාගෙන, නැත්තං අතේ ටකස් ටකස් කඩාගෙන, මිරිස් තුනපහ කබලේ දාලා කර කරලා, කැස්ස එනකොට බාලා, ඒක මියන දළු උඩට දාලා, කහ, රතු ලූණු, සුදු ලූණු, කරපිංචා, ගම්මිරිස්, උළුහාල්, උම්බලකඩ හිතේ හැටියට දාගෙන, කලවම් කරගෙන, ඒකට පොල් කිරි උකුවට ඕසෙට දාගෙන, ගොජ ගොජ ගාලා හෙමින් හෙමින් නටන්න ඉඩදීලා බලාගෙන ඉඳලා තමයි හැදුවේ. මෙහෙම ලැසි ගමනේ හදලා සුවඳ හමන වෙලාවට හොද්ද උඩ, නැත්තං බොරය උඩ තෙල් කට්ට පෑදීගෙන එනකොට බාගත්තා නම් ඉතිං රුවන්වැලිය වගේ බත් කන්දක් කන්න පුළුවන්. රවුමට ලොකු ලූණු කපලා, ඒක සුදු ලූණු අහුරක කලවම් කරලා, රතු මිරිස් කරල් දෙක තුනක් ලොකුවට දෙකට තුනට කඩාගෙන, ඒක තෙල රත්වෙනකොට චාස් ගාලා දාගෙන රන්වනට බැඳීගෙන එනකොට අබ අහුරක් ඒකට වීසි කරගෙන චටපට ගාලා අබ පුපුරනකොට ඒකට අපි අර ලැසි ගමනින් හදාගත්ත මියන හොද්ද හලාගත්තා නම් ආයේ ඉතිං රස කියන්නේ පිස්සු හැදෙන රසක්. මේකට සුදු කැකුළු සහල් ටිකක් බෙරි වෙන්න බතට හදාගත්තා නම් බඩ උල්වෙනවා තේරෙන්නේ නෑ ඇත්තමයි..! මේක ඉතිං පොල් රොටියට පරාටාවතියට වගේ ඕනෑම රොටීමය පිටි තලියක් කටට ඔබාගන්න ඔබින පන්කාදු පහේ කෑමක් හරිද.. මියන ඌරා අපි ඉතිං අපේ ජීවිතේ වැඩි හරියක් මියන දළු කෑවේ ඔය උඩින් ලියපු ක්‍රමයට තමයි. ඒත් මම මියන උයන්න පටන් ගත්තාම, එක එක ක්‍රමවලට උයලා බැලුවා. උයනවා කියන්නේ කලාවක්. හැම කෑමක් අස්සෙම රස කතාවක් තියෙනවා. ඉතිං මට දවසක් හිතුණා ඌරුමස් එක්ක මියන උයලා බලන්න. මොකද මම ඒ වෙනකොට නිවිති ඌරා කාලා තිබුණා. නිවිති ඌරා සෝයා සාරුවේ තැවරිලා කටට ආවාම මට හිතුණා, ෂා මියන ටිකකුත් වෙලාවක ඌරට මික්ස් කරලා බලන්න ඕනෑ කියලා. ඉතිං මම ඌරු මස් ඉස්ටුවක් හදාගෙන, ඒක ළිපෙන් බාගන්න ඔන්න මෙන්න, දැම්මා මියන කොළ අහුරක්. අම්මෝ රස.. පිස්සු හැදෙන රස සුවඳක් විතරක් නෙවෙයි පාටක්. ඒ විතරක් නෙවෙයි චරස් චරස් පොඩි සෙක්සි හැපිල්ලත් මරු. ඉතිං ඌරු ඉස්ටුවට වගේම, පස්සේ මම ඌරා ඩෙවල් කරලත් ඒකට තක්කාලි එහෙම එක්ක මියන කැලෑවක් මික්ස් කළා. හැබැයි ඉතිං බාගන්න ඔන්න මෙන්න තමයි මේක කරන්න ඕනෑ. හොඳටම කුක් වෙන්න නොදී හාෆ් කුක් තමයි කොළට කොළේ මටනම් රසේ. මියන කිරි හොද්ද අපේ අම්මා කිරි හොදි හදන්නේ හරි අපූර්ව ක්‍රමයකට. උන්දැට අඩුම පොල් ගෙඩියක්වත් තියෙන්න ඕනෑ කිරි සොද්දක් හදන්න. දිය කිරි එහෙම ගන්නේ නෑ. මිටි කිරි පමණයි. ඉතිං කහ ගානට පදමට දාලා, ඒකට කොළ මිරිස් ඕසෙට දාලා, රතු ලූණු, සුදු ලූණු, ලොකු ලූණු, පදමට දාලා, උළුහාල් මිටක් දාලා, රම්පේ කරපිංචා එක්ක උම්බලකඩ අහුරක් දාලා තමයි මේ හොද්ද හැඳිගාන්නේ. ලුණු හරියට පදමට දැම්මාම කිරි කැටි ගැහෙන්නේ නෑ කියලා තමයි අම්මා කියන්නේ. ඉස්සර අපි කොස් කන්නෙම මේ කිරි හොද්දේ පා කරලා. ඉතිං මට හිතුණා සුමිහිරි මේ කිරි හොද්දට, ඇත්තටම අපි ආදරේට කීවේ සොද්ද කියලා, මේ සොද්දට මියන දළු මිටක් දාලා බලන්න. අම්මෝ ඔයාලත් දාලා කාලා බලන්න. ආස හිතෙයි!. කිරි හොද්ද හොඳට උතුරනකොට දාගත්තා නම්, කොළට කොළේ මස් වගේ චරස් චරස් ගාලා හැපෙන මියනේ දිවට දෙන්නේ පුදුම සැපක්..! මේ කොළය ඕනෑම මසකට ගහට පොත්ත වගේ සෙට් වෙනවා. රස දෙගුණ තෙගුණ කරලා තමයි දෙන්නේ. මේක ඉතිං

Read More »
ai for life knews
ජීවිතය

ජීවිතේට AI – 01

අපි දැන් ඔන්ලයින් යන්නේ නැත. අපි එහි හුස්ම ගන්නෙමු! ‘ඔන්ලයින් එන්න…!’ දශකයකට එහා දුරාතීත කාලය තුළ මිතුරන්, පෙම්වතුන් අතර බහුලව හුවමාරු වූ කෙටි පණිවිඩයකි මේ. එවකට ඔන්ලයින් යාම යනු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ‘වැඩක්’ වූ අවධියකි. මේසයකට වාඩි වී, අන්තර්ජාලයට සම්බන්ධ වී, යම් කිසි විශේෂ කාර්යයක් අවසන, ඊමේල් ගිණුමෙන් හෝ ෆේස්බුක් අඩවියෙන් ලොග් අවුට් වූ කාලයක් ඔබට, මට තිබුණි. වෙළඳපොළ වෙත, පුස්තකාලය වෙත ගොස් නැවත පැමිණියේ යම් සේ ද, අන්තර්ජාලය ද යන එන තැනක් මිස නවතින තැනක් නොවුණි. එ දවස අහවරව ඇති බවට වර්තමානය සාක්ෂි දරයි. තවදුරටත් අන්තර්ජාලය යනු ගමනාන්තයක් නොවේ. එය, ඔබ අප ජීවත් වන පරිසරය බවට පත්ව, ජීවිතයට බද්ධ වී ඇත. මිත්‍ර සම්බන්ධතා, රාජකාරි කටයුතු, රසවින්දනය, අධ්‍යාපනය මතු නොව, දින පොත් පුරා කුරුටු ගෑ රස රහස් පවා ඩිජිටල් අවකාශයේ සැරිසරයි. භෞතික ලෝකය සහ ඩිජිටල් ජාලය හරි හරියට මුසු වූ මිශ්‍ර යථාර්ථයක ජීවත් වන පළමු පරම්පරාව අපි වෙමු. මාෂල් මැක්ලූහන් වරෙක පැවසූ පරිදි මුලින් අපි මෙවලම් හැඩ ගස්වනු ලබන අතර, පසුව මෙවලම් විසින් අපව හැඩ ගස්වනු ඇත. රන්වන් හිරු කිරණින් දවස ඇරඹූ කාලය ගෙවී අවසන් ය. ජංගමයේ සුදු පැහැති එලාම් ආලෝකයට අවනතව දෑස් හැර, හද ගැස්ම යථා තත්වයට ගෙන එන නොටිෆිකේෂන් පෙළ පසු කර අවසන් නම් යන එන මඟ සෙල්ෆි කැමරාවට විරිත්තා, රාත්‍රී නින්දට මත්තෙන් අස අසා සිටි පොඩ්කාස්ට් එකට නැවත සවන්දෙන්න. රැකියා ස්ථානයේ ජාලකරණය කළ පරිගණක පද්ධතිය සියල්ල පහසු කරමින් තිබේ. චැට්ජීපීටී වැනි AI මිත්‍රයන් සමඟ තමන්ගේ වියෝ දුක බෙදාගන්නා මොහොතක පවා කිසිදු අමුත්තක් නොදැනෙනු ඇත. නොනවතින ඩිජිටල් සහජීවනය අපව ඕෆ්ලයින් රහිත ජීවිතයක් කරා මෙහෙයවා හමාර ය. තාක්ෂණය පිළිබඳ දැනුමැත්තන් මෙය ubiquitous computing නමින් හඳුන්වයි. විරාම නොමැති සක්‍රිය ඩිජිටල් සම්බන්ධතාවන් ද, හැඳුනුම්පත් නොව සමාජජාලා ගිණුම් ද, අපට අවශ්‍ය දේ සෙවීම නොව අපේ අවශ්‍යතාවලට ගැළපේ යැයි සිතා තමන්ට අවැසි දෑ පෙන්වන ඇල්ගොරිතම ද ගෘහය කොට ගෙන අපි එහි ජීවත් වෙමින් සිටින්නෙමු. ආදරවන්තයාගේ සිත රිදවනු පිණිස අන්තර්ජාලය විසන්ධි කොටගත් පෙම්වතියක මිස දෛනික කාලසටහනකට අන්තර්ජාලයට ගොඩවදින zසූමරයන් කොහි වෙත්ද? Z පරම්පරාවේ තරුණයෙකුගෙන් ඔහුගේ ජීව දත්ත පත්‍රිකාව කොහේදැයි විමසන්න. ඇස පිනවන වෙබ් පෝට්ෆෝලියෝ එකක් ඔහු ඔබට පෙන්වනු ඇත. එම පරම්පරාවේ ව්‍යවසායිකාවකගෙන් ඇගේ ව්‍යාපාරය පිළිබඳ අසන්න. ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලයේ දිවෙන මුදල් වැය නොවන වෙළඳ දැන්වීමක් ඈ පෙන්වනු ඇත. Zසූමර් අරගලකරුවෙකුගෙන් ඔවුන් පළමු වරට සිදු කළ විරෝධතාවය පිළිබඳ විමසන්න. එය හෑෂ්ටැග් (#) එකකින් ආරම්භ වූවක් බව මට සහතික ය. මෙම පරම්පරාව හැදී වැඩෙන්නේ ඇල්ගොරිතම සහ කෘත්‍රිම බුද්ධිය සමඟිනි. පොදු මතය වන්නේ AI මඟින් මිනිසුන් දස ගුණයක් වේගවත් වන බවයි. නමුත් නිර්මාණකරණය කිසිවිටෙකත් සෘජු සහ ක්ෂණික ප්‍රථිපල ලබා නොදෙන බව මගේ මතය යි. සමහර අදහස් පහළ වීමට අනන්තය දක්වා දිවෙන දිගු මං ද, වැරදුණු තැන් සහ පණ්ඩිතකම් ද ඇවැසි ය. වත්මන් පරම්පරාව සිටින්නේ AI විසින් ලෝකය අත්පත් කරගන්නා බියකරු කාලයක නොව AI මගින් බලගැන්වෙන නව යුගයක පාලන පුවරුව අසල යි. ඉතිහාසයේ සිදු වූ සෑම ප්‍රධාන තාක්ෂණික වෙනසක්ම මුලින් ආවේ ගරා යක් මුහුණක් පැළඳගනිමිනි. මෙම මොහොත ද එයට දෙවැනි නොවේ. බූමර්ස් පරම්පරාව පරිගණක වලට හැඩගැසුණි. මිලේනියල් පරම්පරාව අන්තර්ජාලයට හැඩගැසුණි. දැන් සූමර්ස්ලා සහ ඇල්ෆා තරුණ පරම්පරාව ඉගෙන ගනිමින් සිටින්නේ කෘත්‍රිම බුද්ධිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ආකාරයයි. අනාගතය අයිති වන්නේ AI මඟහරින අයට නොව එය ප්‍රශ්න කරන, එයට මඟ පෙන්වන සහ ඒ සමඟ එක්ව අලුත් දේ නිර්මාණය කරන අයටයි. Think you’re giving me chronic insomniaI dream in 20-second clips, like it’s maniaThink I’m addicted to endlessly missing yaSo come online…! Take me deeper and deeper in your internetTake me deeper and deeper in your internet 2017 වසරේ දී ජුලියා මින්කින් මෙසේ ගායනා කළාය. ගීය ඇසූ පෙම්වතියන් තම ප්‍රේමවන්තයාට එහි එන ඇතැම් පද එස්එම්එස් කළහ. ඉන් දශකයකට පසුව ඇගේ ආයාචනය නොස්ටැල්ජික් ප්‍රේමයක් සිහිගන්වනවා පමණි. වර්තමාන පණිවිඩය සරල මෙන්ම ස්ථාවරය. අපි දැන් ඔන්ලයින් යන්නේ නැත. අපි එහි හුස්ම ගන්නෙමු! -නර්මදා විජේගුණරත්න-

Read More »
beef food knews
ජීවිතය

හරක් මස් රස – 01

මට අද ආසයි කාල රේඛාවක එහෙට මෙහෙට යන්න. මුලින්ම මම යන්නම් මගේ බාල කාලෙට. රත්නපුරේ ජීවිතේට. ඒ කාලේ අපි රසට කාපු කෑම අතරේ උඩින්ම තියෙන මසක් තමයි හරක් මස් කියලා කියන්නේ. 2000 දශකය වෙනකම් අපිට හරක් මස් අගුණ වුණේ නෑනේ. ඉතින් අපි හොඳට හරක් මස් කෑවා. තාත්තා පඩි දවසට ගෙදර ආවේ හබරල කොළයක ඔතපු මස් පාර්සලයකුත් අරගෙන. කිලෝ එකකට වැඩිය මිසක් අඩු වුණේ නෑ. හරක් මස් තමයි ගොඩක් වෙලාවට ගෙනාවේ. හොඳ මස් කුට්ටියක ඉඳලා, කිරි බොකු, ලොකු කටු ඇට දක්වා මස් ගොමුවක් තමයි ඒ මස් පාර්සලයේ තිබුණේ. හාට් එකෙන් අක්මාවෙන් කෑල්ලක් පවා ඒ මස් පාර්සලයේ වැරදුණේ නෑ. ඉතින් ගෙදරට මස් ගෙනාවා කියලා ගෙදරට පෙරේතයෝ ආවෙත් නෑ. ගෙදරට අණවිනයක් කොඩිවිනයක් වුණෙත් නෑ. තාත්තට අම්මට පව් පිරුණා කියලා ඔවුන් දුක් වුණෙත් නෑ. හරක් මස් කන්න එපා කියන ගවයෝ ඒ කාලේ අඩු වුණ නිසා වෙන්න ඇති අපි එහෙම මස් කෑවේ. ඉතින් මාසෙකට නැත්තං දෙකකට සැරයක් තමයි අපි මෙහෙම මස් කෑවේ. ගොඩක් වෙලාවට අම්මා මස් හැදුවේ එකම ක්‍රමයට. තුනපහා මිරිස් කබලේ රත්කරලා කළු පාටට තමයි හොද්ද හැදුණේ. සමහර දවසකට හොද්ද හොඳට හිඳිලා සාරුව මස් කෑල්ලේ එතුණා. සමහර දවස්වලට අපි සාරුව එක්ක පාන් ගිල්ලා. මස්, මල් පෙති වගේ මෙලෙක කරන්න අම්මා විනාකිරි තමයි ගොඩක් වෙලාවට දැම්මේ. එහෙම නැත්තං සියඹලා. තුනපහා වුණත් සෙපරේට් කරලා කොත්තමල්ලි සූදුරු මහඳුරු විදිහට කබලේ බැදලා කොටලා තමයි ගත්තේ. සමහර නිවී සැනසුණ දවසකට අම්මා හාල් පොල් බැදලා අඹරලත් දැම්මා. එතකොට ඉතින් මාර විදිහට හරක් මස් එක රස වුණා. අපේ දිව කොර වුණා. සමහර දාක අම්මා මේ හොද්දට පොල් කිරිය ටිකක් හලා ගත්තා, හොරෙන් වගේ එතකොට හරක් මස් තවත් රසවත් වුණා. තාත්තා නම් කිරි ගාවනවට වත් කැමති වුණේ නෑ. මස්වලට කවුද බන් පොල් කිරි දාන්නේ.. තාත්තා සමහර රස මස් දවසට එහෙම ඇහුවා! පස්සේ කාලෙක රත්නපුරේ ටවුන් එකේ පුස්තකාලය ළඟට ආවාම මට හමුවුණා බර්ටි විද්‍යාලංකාර මහත්තයා, මිනිහා හෙන සාහිත්‍ය රසවතා. රත්නපුරේට ඔය නාට්‍ය එහෙම ගේන්න පුරෝගාමී වුණ චරිතේ. දැන්නම් අපිව දාලා මිනිහා ජීවිත සිහිනයෙන් ඇහැරිලා අවුරුදු කීපයක් වෙනවා. ඉතින් රත්නපුරේ ආවාම මම මිනිහා එක්ක උදෙන්ම මිනිහගේ රජනාව කන්ද මුදුනේ තිබුණ මාළිගාවට යන්න හුරු වුණා. සාහිත්‍ය කයියකට කියලා ගියාට ඇත්තටම එතන තිබුණේ පෙරේතකමද කොහේද? මිනිහා මම එහේ එනවා කියපු එහෙම උදේට, උදෙන්ම මස් කඩේට ඇවිත් හොඳ මස් කුට්ටියක් අරගෙන යනවා, ගිහින් ගස්ලබු කෑලි එක්ක හොඳ මාළුවක් ඒදලා ළිපේ තියලා මාව ගන්න ටවුන් එකට එනවා කැබ් එකේ. ඊට පස්සේ අපි ගල් බෝතලේකුත් අරගෙන කඳු මුදුනේ ඒ මාළිගාවට යනවා. යනකොට හරකා දුම් දානවා. මුළු ගෙදරම පුසුඹේ බෑ. ටික වෙලාවකින් දත් ගලවලා බඩට වැටෙන්න පුළුවන් ගිනි රස්නේ බීෆ් කෑලි කරිය මේසෙට එනවා ගල් බෝතලෙත් එක්ක. ඉතින් බොන ගමන්, බයිටට හරක් මස් කන ගමන්, අපි සාහිත්‍ය ගැන දේශපාලනය ගැන කයි ගහනවා. හරක් මස් රසටම උයන්න පුළුවන් මට හම්බ වුණ රසවතුන් අතරේ බර්ටි මහත්තයා උඩින්ම ඉන්නවා. ඒකේ ආයේ කතා දෙකක් නම් නෑ. ඔහොම හරක් මස් රසට හුරුවෙලා තිබ්බ මගේ කටට අමු හරක් මස් රස ගෙනාවේ සිංගප්පූරුව. මම කාලයක් එහේ ඩීජේවරයෙක් විදිහට ගරු රැකියාවක් කළානේ! අපි යාළුවෝ මේ විදිහට ඩීජේ ගහනවා කිව්වට අපි ඇත්තටම කළේ රෙස්ටුරන්ට්වල පිඟන් සෝදපු එක. හරිනම් රැකියාව ඩිෂ් වොෂ්.. ඒත් ඉතින් අපි ඩබ්ලිව් එක ජේ කරලා නම්බුව හදා ගත්තා. හරියට අර පහත රට එවුන් නුවරින් කසාද බැන්දා වගේ! ඉතින් දවසක් මම ටෙම්පරියක් අදින්න ගියා සකේ සුෂී කියන ජපන් රෙස්ටුරන්ටුවට. අම්මෝ ජපන් රෙස්ටුරන්ට්වල ඩීජේ ගහන්න යනවා කියන්නේ වහ කනවා හොඳයි. එක මේසෙක ඈයෝ නැඟිට්ටාම ඇච්චෝ බැච්චෝ පිඟන් කෝප්ප පීරිසි දීසි තසිම් ලොට් එකක් එනවා. මුන් කන්නේ පෝසිලේන්ද කියලා හිතෙන තරමට යකා නඟිනවා. සිගරැට්ටුවක් උරන්න අයිස් කැට කන්දක් අස්සෙන් ස්ප්‍රයිට් සොටෙකක් තොලගාන්න එළියට එහෙම ගියොත් ඇතුලට එනකොට රුවන්වැලිය වගේ පිඟන් කෙළිය..! කොහොම වුණත් ඉතින් සිංගා ගිහින් වැඩි දවසක් නෑ මතක විදිහට රිවර් වැලී රෝඩ් එකේ තිබ්බ මේ රෙස්ටුරන්ටුවට යන්න වුණා ඩීජේ ගහන්න. යනකොට මකරෙක්ගේ විශාල පච්චයක් කොටාගත්ත මැලේවරයෙක් තමයි ලොකු ඩීජේවරයා විදිහට තේජමානව වැඩ සිටියේ. අන්තිමට උන්දැ එළියට වෙලා සිගරැට් අදිනකොට මම ඇතුලට වෙලා මැෂිමක් වගේ වැඩ කළා. කන්න හම්බවුණේ මෙලෝ අලබෝලෙක රහක් නැති ජපන් කෑම. මේක තේරිලාද කොහේද මට ඩිජේ මැලේ බෝයිවරයා හරක් මස් සුප් එකක් ගෙනත් දුන්නා. ඇත්තටම ඒකේ තිබුණ රතුම රතු දෙළුම් පාට මස් කෑල්ල අමුවට වගේ තමයි තිබුණේ. පස්සේ තමයි මම දැනගත්තේ ඒක ජපානයේ ජනප්‍රිය ෂබු-ෂබු කියලා. මේ මස් එකෙන් තමයි මම ඉගෙන ගත්තේ හරක් මස් අඩු රස්නයක අඩු වෙලාවක රත්කරලා රසට කන්න පුළුවන් කියලා. ඒ වගේම රසම රස අමු මස් සූත්‍ර ගොඩක් හරක් මස් එක්ක බැඳිලා තියෙනවා කියලා. ඉතින් මම අද හිතුවා හරක් මස් රසට කන්නේ කොහොමද කියලා චුට්ටක් කතාකරලා ලෝකේ මිල අධිකම හරක් මස් එක ගැන කයියක් ගහන්න. ලංකාවේ හරක් මස් කඩේකට ඔයා ගියොත් ඔයාට අමතක වෙන්නේ නැති රූපයක් තියෙනවා ඒ මොකක්ද? ඒ තමයි මස් කැබලි එල්ලපු කොකු. මස් කිලෝ එකක් ඉල්ලුවාම ගොඩක් වෙලාවට කරන්නේ කලවා මස්වලින් කිලෝ එකක් කපලා, අනෙක් මස්වලින් චුට්ට චුට්ට දාන එක. සමහර පැතිවල මේක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මම ඉඳලා හිටලා යන රත්නපුරේ, අම්බලන්ගොඩ වගේ පැතිවල හරක් මස් තවම විකුණන්නේ මේ ක්‍රමයට. අපි මස් කඩයකට ගියාම කටු නැති මස් කෑල්ලක් අරගෙන ඇවිත් කන්න තමයි හිතන්නේ. මුදලාලි හොඳ මස් කෑල්ලක් දෙන්න කියලා තමයි අපි කියන්නේ. එහෙම ගෙනල්ලා උයලා සමහරු කියනවා අයියෝ අද මස් හරිම හයියයි මොනවා දැම්මත් මෙලෙක වුණේ නෑනේ කියලා. ඉතින් මම අද කියන්න යන කතාව මෙන්න මේ ගැටලුවටත් උත්තරයක්. ඇත්තටම හරක් මස්වල රසය තීරණය වෙන්නේ ඒ මස් කොටස හරකාගේ සිරුරේ කොතනින් කපාගත්තා ද කියන එකත් එක්ක. මෙතනදි මම මෙහෙම කියන්නම් හරකගේ ඇඟේ නිරන්තරයෙන් චලනය වෙන ප්‍රදේශවල තියෙන මස් තිබෙනවා නේද, ඒවා හරිම තදයි. හරි මම මෙහෙම කියන්නම් කෝ, ඔයා හිතන්න ඔයා හරකගේ කර සහ උරහිස වගේ තැනකින් මස් කෑල්ලක් ගෙනල්ලා උයනවා කියලා, එතකොට උරහිස සහ බෙල්ල ආශ්‍රිත මාංශ පේශි නිරන්තරයෙන් ව්‍යායාමයට ලක්වන නිසා මේ මස් තන්තු ශක්තිමත්ය. එතකොට ඔයාට ගොඩක් වෙලා උයන්න වෙනවා මෙයා මුදු සුමුදු කරගන්න නම්.. හැබැයි මේ මස්වල ‘කොලජන්’ ගොඩක් තියෙනවා. ඉතින් ඔයා අර සූර පප්පා අරිෂ්ඨේ හදනවා වගේ පැසෙව්වොත්, ගොඩක් වෙලා ළිපේ තියාගෙන ගොජ දාන්න දුන්නොත්, මෙයා හොඳ රහක් දෙනවා. ඒ වගේ මෘදු වෙනවා. එහෙම බලනකොට ලැසි ගමනින් ස්ලෝ කුක් ස්ටූ එකක් එහෙම හදාගන්නවා නම්, මෙන්න බඩු කෑල්ල. ඊට පස්සේ අපි යමු රිබ් එකට එහෙමත් නැත්තං ඉල ඇට ප්‍රදේශයට, මේක තමයි පුතේ මටනම් රසම රස මස් කලාපය. මම මස් කඩේට ගියාම ඉල්ලන්නෙම මේක. හේතුව තමයි මේ රතු මස් අස්සේ සුදු පාටට ලස්සනට මේද රේඛා ගිහින් තියෙන එක. ඒක හරියට මකුළු දැලක් වගේ. ගොඩාක් මම වගේ රස විද්‍යාඥයන් නම් කියන්නේ හරකගේ රසම කොටහා තමයි මේ කියලා. මොකද හෙමිහිට අඩු ගින්නේ නටවනකොට නළවනකොට මේ මස් අස්සේ තියෙන අර ලස්සන සුදු රේඛා මේද දහරා ගලන්න

Read More »
cancer awareness knews
ජීවිතය

සමහර කැන්සර් හෙම්බිරිස්සාවක් තරම්වත් දරුණු නැහැ – රුධිර පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් හේවමාන

බෝනොවන රෝග කාණ්ඩය අස්සේ තිබෙන ‘පිළිකාව’ කියලා කියන්නේ, අපි බයම වෙන රෝගය කීවොත් නිවැරදියි. දියුණු රටවල මිනිසුන් පිළිකාව දෙස බලන විදිහ සහ අපි ඒ දෙස බලන විදිහ සෑහෙන්න වෙනස්. මේ වෙනසට මූලිකම හේතුව තමයි මේ රෝගය පිළිබඳව අපි තවමත් හරි හැටි දැනුවත් නොවීම. මේ රෝගයට බෙහෙත් කරන බහුතරයක් වෛද්‍යවරුන් පවා රෝගීයාගේ බිය තව තවත් වැඩිවෙන විදිහට කටයුතු කරනවා මිසක් ඔහුට දැනුම දෙමින් මේ රෝගයට සැහැල්ලුවෙන් මුහුන දෙන්න අවශ්‍ය ශක්තිය ලබාදෙන්නේ නෑ. මෙන්න මේ තත්ත්වයට පිළිතුරක් විදිහට අපි හිතුවා පිළිකාව ගැන ලිපි මාලාවක් සම්පාදනය කරන්න. මේ ලිපිය තමයි එහි පළමු කොටස. අපි මේ ලිපි මාලාව සඳහා මුලින්ම එකතු කරගත්තේ ලංකාවේ සහ මහා බ්‍රිතාන්‍යය යන රටවල් දෙකේම පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන, රුධිර පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් හේවමාන මහතා. ඔහු ලංකා හොස්පිට්ල්ස් රුධිර පිළිකා මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙසත් කටයුතු කරනවා. මම කැමතියි ඩොක්ටර්ගෙන් මුලින්ම අහන්න පිළිකාවක් කියන්නේ මොකද්ද? සරළව පැහැදිලි කළොත්… පිළිකා (Cancer) කියන්නේ ජානමය රෝගයක් (Genetic Disease). ජානමය කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට එනවා කියන එක නෙමෙයි. ජානමය කියන්නේ ජානයක වෙනසක් වෙලා හැදෙන ලෙඩක් කියන එක. ජානමය ලෙඩ ඔක්කොම පරම්පරාවෙන් එන්නේ නැහැ. එහෙම එන්නෙ ෆැමිලි ඩිස්ඕඩර්ස්. මම පිළිකා විශේෂඥවරයෙක් විදියට වැඩකරන්න පටන් ගත්තේ අවුරුදු 25කට විතර කලින්. දැන් දන්න ජානවලින් සියයට අසූවක් අපි ඒ දවස්වල දන්නේ නැහැ. පිළිකා කියන්නේ සංක්‍රීර්ණ ජානමය ලෙඩක්. ඒක ඔයාට උපතින් නැතත්, ඉපදුණාට පස්සේ එන්න පුළුවන්. පිළිකා හැදෙන්නේ හුඟක් වෙලාවට ඉපදුණාට පස්සේ සිදුවෙන ජාන වෙනස්වීම් නිසා. අපි දන්නවා අපේ ජාන හැමදාම වෙනස් වෙනවා. අපේ ශරීරයේ හැමදාම සෛල හැදෙනවා, මිලියන ගණනින් තමයි හැදෙන්නේ. මේ නිශ්පාදන ක්‍රියාවලියෙදි, තමයි මේක වෙන්නේ. එකම මැෂින් එකේ වුණත් මෙහෙම හැදෙනකොට පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. අපේ ශරීරයේ ක්‍රමවේදයක් තිබෙනවා හරියට හැදෙන්නේ නැති සෛල මරලා දන්න. නමුත් එහෙම මරලා දානකොට එක්කෙනෙක් දෙන්නෙක් බේරිලා යන්න පුළුවන්. අන්නෙහෙම මඟහැරිලා යන සෛලයක වර්ධනයකින් පිළිකාවක් පටන් ගන්න පුළුවන්. ඕක තමයි සරළම පැහැදිලි කිරීම. එතකොට මේ ජාන වෙනස් වීම කියන එක, එක එක දේවල් නිසා වෙන්න පුළුවන්. අපි මේ කන බොන දේවල් හරි, රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම (Exposure) නිසා හරි, තරහ යන එක නිසා හරි, විකිරණවලට නිරාවරණය වීම නිසා හරි මේක වෙන්න පුළුවන්. පිළිකාවක් තිබෙනවා කියලා දැනගත්ත ගමන් අපේ මිනිස්සු සෑහෙන්න බය වෙනවා. ඇත්තම කතාව ගත්තොත් රෝගියා විතරක් නෙවෙයි මුළු පවුලම බයවෙනවා. ඊට පස්සේ විශාල ඛේදවාචකයක් මතින් තමයි ප්‍රතිකාර ක්‍රියාවලිය ගමන් කරන්නේ. මේ බිය ඇතිවෙන්න හේතුව මොකද්ද? මුලින්ම කියන්න ඕනෑ පිළිකාව කියලා එක දෙයක් නැහැ. කැන්සර් වර්ග හුඟාක් තියෙනවා. සමහර කැන්සර් හෙම්බිරිස්සාවක් තරම්වත් දරුණු නැහැ.විශේෂයෙන් අපි රුධිර පිළිකා (බ්ලඩ් කැන්සර්) ගැන කතා කළොත්, රුධිර පිළිකා වර්ග දහස් ගණනක් තියෙනවා. සමහර රුධිර පිළිකා තියෙනවා, ඒවට කොත්තමල්ලි ටිකක්වත් බොන්න ඕනෑ නැහැ. ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි, ක්‍රොනික් ලිම්ෆොසිටික් ලියුකේමියා කියලා එකක් තියෙනවා, CLL කියලා කියන්නෙ. ඒ ජාතිය අපි හරියට හඳුනා ගත්තොත්, ඒක හැදෙන ලෙඩුන්ගේ සියයට තිහකට විතර කිසිම ප්‍රතිකාරයක් කරන්න ඕනෑ නැහැ. වෙන මොකක් හරි වෙලා, වයසට ගිහින් හරි, හෘදයාබාධයක් හැදිලා හරි නැති වෙනවා මිසක්, කැන්සර් එකෙන් නැති වෙන්නේ නැහැ. කැන්සර් භයානකයි, කොලෙස්ටරෝල් හැදෙන එක භයානක නැහැ. රුධිර පීඩනය භයානකයි, දියවැඩියාව භයානක නැහැ. කියලානේ අපි හිතන්නේ, එහෙම එකක් නැහැ. හැම ලෙඩක් ඇතුළෙම සබ් ටයිප්ස් තියෙනවා. මම රුධිර පිළිකා විශේෂඥ වෛද්‍යවරයෙක් නිසා මම මෙහෙම කියන්නම් – රුධිර පිළිකා වර්ග තියෙනවා. ඒ වර්ග ඇතුළේ තව වර්ග තියෙනවා. ෆොලිකියුලර් ලිම්ෆෝමා කියලා ලිම්ෆෝමා එකක් තියනවා. ඒ්කේ ස්ටේජින් (අවධිය) තියෙනවා. එක එක වර්ග තියනවා. සමහර වර්ගවලට ප්‍රතිකාර කරන්නේ නැහැ. ඒ හින්දා මම හිතන්නේ ‘කැන්සර්’ කිව්වාම බය වෙන එක අපේ සමාජයෙන් ඇති වෙච්ච දෙයක්. දැන් මම එක්සත් රාජධානියේ වැඩ කරනවානේ, එහේ ලෙඩෙක්ට කැන්සර් හැදිලා ද, කොලෙස්ටරෝල් හැදිලා ද කියලා නෑ, මේ දෙකටම ඔවුන් සතුව තියෙන්නේ එකම ප්‍රතිචාරය. මම මේ මාසේ ලංකාවේ වැඩ කරනකොට, කැන්සර් හැදිච්ච ලෙඩෙක් බයවෙන තරමයි, කොලෙස්ටරෝල්වලට බයවෙන තරමයි මට පේනවා, ඒක හරි වෙනස්. අපි තේරුම් ගන්නෑ ලෝකේ වැඩිපුරම මිනිස්සු මැරෙන්නෙ කාඩියොවාස්කියුලර් ඩිස්ඕඩර්ස් නැත්නම් ස්ට්‍රෝක්වලින් කියලා. සෙරිබ්‍රොවැස්කියුලර් ඇක්සිඩන්ට්ස් වලින් තමයි වැඩිපුරම මිනිස්සු මැරෙන්නේ. බෝ නොවන රෝගවලින් ඒක තමයි පළවෙනිම ලෙඩේ. කැන්සර් තියෙන්නේ දෙවෙනියාට. හැබැයි අපි වැඩිපුරම බය වෙන්නේ කැන්සර්වලට. අරකට බය වෙන්නේ නැහැ. කොලෙස්ටරෝල් හැදුනම පොෂ් ලෙඩක් කියලා තමයි අපි හිතන්නේ. ඇත්තටම අපි බය වෙනවා නම් බය වෙන්න ඕනෑ කැන්සර් එකක් හුඟාක් ප්‍රමාද වෙලා ඩයග්නෝස් වුණොත්, එතකොට අපිට හදාගන්න තියෙන කාලය මදි. ඒත් දැන්නම් කැන්සර් නිසා මැරෙන රෝගීන් ප්‍රමානය විශාල වශයෙන් අඩුවෙලා තිබෙන්නේ. ඒකට හේතුව තමයි බෙහෙත් වගේම ප්‍රතිකාර සහ සායනික තත්ත්වයන්වල ඇතිවෙලා තියෙන දියුණුව. පුද්ගලයෙක්ට පිළිකාවක් හැදෙන්න නිශ්චිත හේතුවක් තියෙන්න පුළුවන් ද? අපේ මතයක් තිබෙනවා විෂ රසායන නිසා, දුම්පානය නිසා, මත්පැන් පානය නිසා, නොයේක් රසකාරක සහිත ආහාර පුරුදු නිසා, විකිරණවලට නිරාවරණය නිසා, ඇස්බැස්ටර්ස් නිසා, පිළිකා හැදෙන්න පුළුවන් කියලා. විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට ඔබගේ මතය කුමක්ද? මගේ ක්ෂෙත්‍රය රුධිර පිළිකා නිසා මම ඒ පැත්තෙන් මේ ප්‍රශ්නයට උත්තර දෙන්නම්. රුධිර පිළිකා බහුතරයක් හැදෙන හේතුව අපි දන්නේ නැහැ. දන්නේ බොහොම ටිකයි. ඒ නිසා බ්ලඩ් කැන්සර්වලට හේතුව මොකක්ද කියලා ඇහුවොත්, ‘දන්නේ නැහැ’ කියන එක තමයි උත්තරය. බොහොම කලාතුරකින් කෙනෙකුට පවුලෙන් එන්න පුළුවන්. ඔය මත්පැන් පුරුදු, රසකාරක වගේ කතා දිහා බැලුවොත් අපිට ඒක නිසා කැන්සර් හැදුනා කියලා කෙළින්ම කියන්න බෑ. නමුත් ඒකේ සම්බන්ධතාවක් (Association) තියෙන්න පුළුවන්. හැබැයි, සෘජුවම සිගරට් බීපු හින්දා රුධිර පිළිකා හැදෙනවා කියලා කියන්න බැහැ. ඒ්ක පෙනහළු පිළිකාවලට (Lung Cancer) හේතුවක් වෙනවා කියන්න පුළුවන්. සිගරට් බොන එක හොඳ නැහැ, ඇල්කොහොල් බොන එක හොඳ නැහැ, සැකසූ (Processed) කෑම හොඳ නැහැ, වගේ මත අපි ළඟ තිබෙනවා, නමුත් ප්‍රශ්නය මේවා ගැන ඇත්තම කතාව අපි තවම දන්නේ නැති එක. අපි පළතුරු, එළවළු වැඩිපුර කාලා ව්‍යායාම කරලා ඉන්න එක හොඳයි. හැබැයි, ව්‍යායාම නොකරපු හින්දා ලියුකේමියාව හැදෙනවා කියලා සෘජුව අපිට කියන්න බැහැ. ඇල්කොහොල් වලින් සිරෝසිස් හැදෙනවා කියලා දැන් අපි ඩිරෙක්ට්ලි දන්නවා. හැබැයි ඇල්කොහොල් නිසා ලියුකේමියාව හැදෙනවා ලිම්ෆෝමා හැදෙනවාද කියලා හරියටම කියන්න අපි දන්නේ නෑ. එහෙම සෘජු සම්බන්ධතාවක් නැහැ. මෙහෙම කිව්වහම කෙනෙක් හිතන්න පුළුවන් සිගරැට් බිව්වත් අරක්කු බිව්වත් අවුලක් නෑ කියලා, නෑ ඒක නෙවෙයි මම කියන්නේ, මම කියන්නේ වෛද්‍යවරයෙක් විදිහට මට එහෙම කෙළින්ම කියන්න බෑ, මේකට මේක සම්බන්ධයි කියලා. මොකද එහෙම එකක් හරියටම සොයාගෙන නෑ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අනිත් එක තමයි, සිගරට් නොබොන එක වැදගත් බ්ලඩ් කැන්සර්වලටත්. අපි හිතමු මම ළඟට ලෙඩෙක් එනවා ලියුකේමියාව හැදිලා, ඔහුට වයස අවුරුදු හතළිහක් විතර, එයා සිගරැට් බීලා නෑ, පෙනහළු හොඳට තියෙන කෙනෙක්, එතකොට මට ප්‍රතිකාර කරන්න ලේසියි. සිගරට් හතළිහක් විතර දවසට බොන කෙනෙක් ලියුකේමියාව හැදිලා මම ළඟට ආවොත්, එයා මැරෙන්නෙ ලියුකේමියා වලින් නොවෙන්නත් පුළුවන්, එයාට පෙනහළු ආසාදන එන්න පුළුවන්. අපි හිතමු හොඳටම මත්පැන් පානය කරලා ලිවර් එක සවුත්තු කරගත්ත කෙනෙක් ලියුකේමියාව හැදිලා මම ළඟට ආවා කියලා, එතකොට අපිට ඔහුට කීමෝතෙරපි දෙන්න බෑ. මොකද කීමෝ තෙරපි ලිවර් එකට ඇෆෙක්ට් වෙනවානේ. එතකොට ලියුකේමියාව හැදුණේ බීපු නිසා නෙවෙන්න

Read More »