knews

Trending Now

විදුහල්පති 5 වසර දියණියක් අපයෝජනය කරලා

බණ්ඩාරවෙල, කොස්ලන්ද ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු වයස අවුරුදු 10ක පාසල් සිසුවියක බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ බවට වූ පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගත් එම විදුහල්පතිවරයා, බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍රසේකර හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එලබෙන ජූලි 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙම විදුහල්පති අවුරුදු 56ක දරුවන් දෙදෙනෙක් සිටින පියෙකු බව අනාවරණය වි ඇති අතර ඔහු කලක් තිස්සේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා පාසල් කාලයෙන් පසු අමතර පන්ති පවත්වා ඇත.

මෙසේ අපයෝජනයට ලක්වී ඇත්තේ එම ශිෂ්‍යත්ව පන්තියට සහභාගී වූ සිසුවියක වන අතර සිසුවියගේ දෙමාපියන් විසින් පොලීසියට කළ පැමිණිල්ලක් මත මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

Scroll to Top