[gtranslate]

Tag: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

gunsite trinco knews
පුවත්

ත්‍රිකුණාමලය ගන්සයිට් තවත් අපරාධ එළියට – සීඅයිඩීය ගුහා සිරමැදිරිවලට සීල් තියයි

පුද්ගලයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් රඳවා තබාගෙන කප්පම් ගෙන පසුව ඝාතනය කර මුහුදට දැමුවා යැයි කියන කුප්‍රකට ගන්සයිට් අපරාධ වැලට අමතරව තවත් අපරාධ රැසක් මෙම පරිශ්‍රයේ සිදුව ඇතැයි තොරතුරු අනාවරණය වීම නිසා මෙම භූගත සිරමැදිරි සංක්‍රීර්ණය සීල් කරන්නට සීඅයිඩීය කටයුතු කර ඇතැයි කරුණු වාර්තා වෙයි. ඒ අනුව මෙම පරිශ්‍රය නිරීක්ෂණය කිරීම සඳහා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා එලබෙන 17 වැනි දින මෙම ස්ථානයට පැමිණෙන බව දැනගන්නට ලැබේ. මෙම ලියුම්කරු පුද්ගලයන් 11 දෙනාගේ ඝාතනයන්වලට අදාළව තොරතුරු සොයන කාල‍යේදී මෙම පරිශ්‍රයේ 28 දෙනෙක් පමණ රඳවාගෙන සිට ඝාතනය කර ඇතැයි තොරතුරු තිබුණ අතර එම සංඛ්‍යාව 50ත් 60ත් අතර විය හැකියැයි දැන් වාර්තා වෙයි. 2009 වර්ෂයේ යුද්ධය අවසන් වීමත් සමඟ මෙම ස්ථානය, නාවික හමුදාව විසින් කුප්‍රකට වධකාගාරයක් සේ පවත්වාගෙන ගොස් තිබෙන අතර එය එවක හමුදාපති වසන්ත කරන්නාගොඩ මෙන්ම බොහෝ ඉහළ නාවික හමුදා නිලධාරීන් දැන සිට ඇත. ඡායාරූපය – AI

Read More »
gotabaya pasku knews
පුවත්

මාව අත්අඩංගුවට ගන්න දෙන්න එපා – ගෝඨා උසාවි යයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් එය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත. නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් නම්කරනු ලැබ ඇත්තේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා බව දැනගන්නට ලැබෙයි. මේ වනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රඳවාගෙන ප්‍රශ්න කරන අතර දැනට විමර්ශන කටයුතු වලින් හෙළිදරව් වී ඇති තොරතුරුවලට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මෙම ප්‍රහාරයට සැක බව සීඅයිඩී ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි. මීට අමතරව හිටපු යුද්ධ හමුදා බුද්ධි නිලධාරීන් වන ප්‍රේම් ආනන්ද උදලාගම, රිසාන් අන්සාර් යන අය පිළිබඳව ද මෙම ප්‍රහාරයට අදාළව විමර්ශනයන් සිදුවෙමින් පවතින අතර එහිම දිගුවක් ලෙස මෙම පුද්ගලයන් තිදෙනාටම එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගන්නට සීඅයිඩීය පසුගිය දා කටයුතු කරනු ලැබීය.

Read More »
pilleyan knews
පුවත්

පිල්ලෙයාන්ට ඝාතන 5ක් ගැන චෝදනා…!

නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහිව සීඅයිඩීය විසින් මනුෂ්‍ය ඝාතන 5කට අදාළව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 15දා කරුණු වාර්තා කර ඇතැයි දැනගන්නට ලැබේ. 2008 ජනවාරි 09දා මඩකලපුව නගරයේ කෝවිලක් අසලදී පොලිස් නිලධාරියෙක් ඇතුලුව පුද්ගලයන් දෙදෙනෙක් ඝාතනය කිරීම එම වසරේම මැයි 22දා කාත්තන්කූඩි පොලිස් වසමේ ස්ථානයකදී තවත් පුද්ගලයන් දෙදෙනෙක් ඝාතනය කිරීම, එම වසරේම අගෝස්තු මස 20දා මඩකලපුව වව්නතිව් හිදී තවත් පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව මෙසේ පිල්ලෙයාන් හට චෝදනා එල්ලවෙයි. මෙම පස් පුද්ගල ඝාතනයට හවුල් පුද්ගලයන් 4 දෙනෙක් දැනටමත් සීඅයිඩීය හඳුනාගෙන ඇති අතර ඒ අතරින් ප්‍රධාන සැකකරුවා යැයි කියන පුද්ගලයා දැනටමත් රටින් පැනගොස් ඇති බවත් කරුණු වාර්තා වෙයි. මේ අතර මෙම සිද්ධියට අදාළ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර ඊට අමතරව දැනට ලංකාවේ සිටින තුන්වෙන්නා ලෙස පිල්ලෙයාන් හඳුනාගෙන ඒ පිළිබඳව සීඅයිඩීය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. පිල්ලෙයාන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති එස්. රවින්ද්‍රනාත් ඝාතන විමර්ශනයට අදාළව මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර ඔහු මෙම ඝාතනයන්වලට අදාළව ඊළඟ නඩු දිනයේදී මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට මඩකලපුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. කරුණා-පිල්ලෙයාන් කණ්ඩායම එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත්වූ පසුව අතුරු මිලිටරි කණ්ඩායමක් සේ ක්‍රියාකරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අනීතික ඝාතන, පැහැර ගැනීම්, අතුරුදන් කිරීම් සහ කප්පන් ගැනීම්වල රාජ්‍ය අනුග්‍රහයෙන් නිරතවී ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වෙමින් තිබෙයි.

Read More »
knews prageeth 01
ගවේෂණ

ප්‍රගීත් අතුරුදන් කළ කතාව මුල සිට – 01

මේ දිනවල ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳ නඩුකරය විභාග වෙමින් තිබෙයි. ඒ අතරම හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් තිබෙයි. ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳවය. මෙම නව තත්ත්වය යටතේ දැන් දැන් සමාජයේ විශාල කතා බහක් බුද්ධි ක්‍රියාන්විතයන් පිළිබඳව ඇතිවී ඇත. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් බැලූ බැල්මට රාජ්‍ය බුද්ධි මෙහෙයුමක අතුරුප්‍රථිපලයක් ය. හිටපු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ද චූදිතයන් වී සිටින්නේ යුද්ධ හමුදා බුද්ධි නිලධාරීන් ය. ගිරිතලේ බුද්ධි කඳවුරේ රාජකාරි කළ බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් මෙම අතුරුදන් කිරීමට අදාළව චූදිතයන් බවට පත්වී සිටියි. මෙම ලියුම්කරු ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළව සීඅයිඩී විමර්ශනයන් සක්‍රීය වුණ යහපාලන කාලයේ 2017 තරම් ඈතකදී මෙම විමර්ශන තොරතුරු පිළිබඳව ලිපි පෙළක් රාවයට ලීවේය. කාලීන තත්ත්වය සලකා එම ලිපි පෙළ මෙසේ knews වෙබ් අඩවියේ පළවෙනු ඇත. මේ එහි පළමු කොටසයි..!………………………………………….. ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ 2010.01.24 දින නිවසින් බැහැරට ගියපසු තවමත් ගෙදර පැමිණ නැත. ඔහුට වුණේ කුමක්ද කවුරුත් තවමත් දන්නේ නැත. කලකදී සමාජය මත පාලකයෝ පැතිරවූ මතය ප්‍රගීත් කොටියෙක් බව. ඊළඟට මෝඩ දේශපාලකයෙකුගේ කටින් ඔහු ගෙදර ආවේ ප්‍රංශයේ සිටය. අතුරුදන් වනවිට මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ප්‍රගීත් නොයෙකුත් දක්ෂතා රැසක් හිමි පුද්ගලයෙක් ය. ඔහු කලාප කිහිපයකම එකවර වැඩකළේය. මෙලෙස අතුරුදන් ප්‍රගීත් ගැන සොයන්නට එවක මහින්ද රාජපක්ෂ රජයට හෝ එවක පොලීසියට කිසිදු උවමනාවක් තිබුණේ නැත. එනිසාම ප්‍රගීත්ට වුණේ කුමක්ද හෙළිදරව් වුණේ නැත. එහෙත් ප්‍රගීත් ගේ ප්‍රිය බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ තම සැමියා සමාජ කතිකාවතින් අතුරුදන්වීම වැලැක්වීමට මහත් වෙර වීරියක් ගත්තාය. ඇය තම සැමියාට යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන් මැර ආණ්ඩුවක් පවතින සමයක තිර අදිටනින් සටන් වැදුණාය. හබයාස් කෝපුස් නඩුවක්ද ඇය ප්‍රගීත් වෙනුවෙන් අධිකරණයේ ගොනු කළාය. “මට කියාපල්ලා මගේ මිනිහට උඹලා මොකද කළේ ” ඇය නිරන්තරයෙන් එවක ආණ්ඩුවෙන් මේ පැනය ඇසුවාය. ඇය ප්‍රගීත් වෙනුවෙන් ලංකාවේදී මෙන්ම පිටදීද තම සටන ගෙන ගියාය. එනිසාම මහින්ද රාජපක්ෂ ජනාධිපති පුටුවෙන් එළවා දැමීම සඳහා පැවති මැතිවරණ වේදිකාවේ විශාල අවකාශයක් ප්‍රගීත් වෙනුවෙන් වෙන් විණි. අවසානයේ මහින්ද ගෙදර ගිය අතර ප්‍රගීත්, තාජුදීන් වැනි අය සැඟවී සිටින තැන්වලින් එළියට ආවෝ රහස් පොලිසියේ නිසි පරීක්ෂණ මතය. ප්‍රගීත්ට වුණේ කුමක්ද දැන් හෙළිකරගෙන හමාරය. ඒ කතාව හොලිවුඩ් ෆිල්ම් එකක් වගේ ය. ඒ කතාවේ අලගිය මුලගිය තැන් රහස් පොලීසිය අධිකරණයට නිතර නිතර වාර්තාකරමින් සිටී. රහස් පොලීසිය මෙලෙස හරි පීල්ලට අරං තිබෙන්නේ එවකදී හෝමාගම පොලීසිය මෙන්ම දෙමටගොඩ පොලීසියද කොළඹ අපරාධ කොට්ඨාසයද නොමග යවා තිබූ අපරාධ පරීක්ෂණයක් ය. මේ වනවිට ප්‍රගීත් අතුරුදන් කිරීමට අදාළ පරීක්ෂණ 90%කින් අවසන්වී තිබේ. ඒ යුධ හමුදාවේ නිරන්තර බාධා කිරීම්, ඩයලොග් වැනි දුරකතන සමාගම්වල තොරතුරු සැඟවීම්, රටේ ප්‍රධානම දේශපාලන බලවතාගේ ඍජු අතපෙවීම් මධ්‍යයේය. දැන් රටේ ප්‍රධාන පුරවැසියා මේ අපරාධ වලට මුල්වී කටයුතු කළ යුධ හමුදාවේ පුද්ගලයන් රණවිරුවන්ට මොකුත් කරන්න දෙන්නේ නැහැ යන තැන සිට ආරක්ෂා කරමින් සිටී. එවැනි තත්වයක් තුළ අලියා ගිහිං තියෙන පසුබිමක නැට්ට යාවිදැයි සැක සහිතය. එනිසා ප්‍රගීත් හට යුක්තිය ඉටුකිරීම සඳහාද මේ අපරාධ ඉතිහාසය තුළ නිවැරදිව සටහන් කර තැබිය යුතු නිසා අප සොයාගත් මේ පරීක්ෂණයට අදාළ තොරතුරු මෙලෙස ඔබ ඉදිරියට ගෙන එන්නෙමු. සන්ධ්‍යාගේ කටඋත්තරය යහපාලනය පැමිණි පසු පොලිස්පතිතුමාගේ ඍජු නියෝගය වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව පරීක්ෂණ ඉදිරියට මෙහෙයවිය යුතු බවය. එමගින් රහස් පොලීසිය යටතට ප්‍රගීත් පිළිබඳ පරීක්ෂණ යොමුවූ පසු ඒ පිළිබඳව මුලින්ම අධිකරණයට කරුණු වාර්තා කරමින් රහස් පොලීසිය කියන්නේ තමන් පැමිණිලිකාරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවය. 2010.01.26 දින හෝමාගම පොලිස් ස්ථානය මුලින්ම ඉදිරිපත්කළ බී වාර්තාවේ සිට 2015.03.26 දින අවසන් වරට කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ වාර්තා දක්වා සියලු වාර්තා අධ්‍යයනය කළ බවය. ඒ අනුව අධිකරණයට වාර්තා වෙන තොරතුරුවලට අනුව සන්ධ්‍යා එක්නැළිගොඩ පොලීසිය වෙත සිය කටඋත්තරය දෙමින් කියන්නේ ප්‍රේමයක් මත 1992.07.16 වැනි දින තමන් ප්‍රගීත් එක්නැළිගොඩ සමග විවාහ වූ බවය. ප්‍රගීත් 1989 කාලයේදී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී කටයුතු කළ අයෙක් බවද ඉන් පසුව වෙනත් දේශපාලන පක්ෂ සමග කටයුතු කළ බවය. 2005න් පසුව මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන අයගේ දේශපාලන කටයුතුවලට උදවු කළ බවත් ඉන් පසුව නොයෙකුත් සංවිධාන ආයතන සමග ප්‍රගීත් වැඩකළ බවත්ය. 2005න් පසුව ප්‍රගීත් රාජගිරියේ පිහිටි ඊ නිව්ස් ආයතනයේ වැඩකළ බවත් එහිදී 2007, 2008, 2009 වර්ෂවල පැවති යුද්ධය පිළිබඳවත් එහිදී රජයේ හමුදා සහ එල්.ටී.ටී.ඊ සංවිධානය රසායනික අවි භාවිත කරන බවටත් ලිපි ලියූ බවය. සීගිරිය හබරණ ප්‍රදේශයේ තිබුණු ප්‍රගීත්ට අයත් ඉඩමට යෑමට ඔහු 2009.08.27 දින නිවසින් පිටවී ගිය බවත්, එදිනම රාත්‍රී පැය 10.30ට ඔහු තමන් ඇමතූ බවත්, රාත්‍රී 12.30 පමණ වෙනවිට නිවසට පැමිණෙන බවත්, ඔහු ප්‍රකාශ කළ බව කියන සන්ධ්‍යා පසුව කියන්නේ ඒ කියූ ලෙස ඔහු එදින ගෙදර පැමිණියේ නැති බවයි. ඉන්පසු තමන් ඔහුගේ දුරකතනයට දිගින් දිගටම කතාකළත් මුලින් එය නාදවී පසුව එය ක්‍රියාත්මක නොවුණු බවත්ය. මෙලෙස ඇය පොලිසියට විස්තර කළ පසුව අධිකරණයට වාර්තා වෙන මේ තොරතුරුවලින් කියන්නේ ප්‍රගීත් මුල්වරට අතුරුදන් වීමේ කතාවයි. එහිදී පසුදා දහවල් 11.30ට පමණ සන්ධ්‍යාට ප්‍රගීත් මුණගැහෙන්නේ මාකුඹුර හන්දියේදීය. ඉන් පසුව ප්‍රගීත් ප්‍රකාශ කර ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ සුදු වෑන් රථයකින් තමන් පැහැරගත් බවය. ඉන්පසු බැනියමෙන් දෑස් බැඳ දැමූ බවත් අත් මාංචු දමා සිරකර තැබූ බවත් ය. එහිදී වැරදීමක් මේගැන කට ඇරියොත් බලාගෙනයි කියා තමන් කොරතොට ප්‍රදේශයේ පාලු ගල්වලක් ළඟ මුදා හැරිය බවත් ප්‍රගීත් කියා ඇත. ඉන්පසුව දෙවැනි පැහැරගැනීම සහ ඒ නිසාම මේ දක්වා ප්‍රගීත් ගැන තොරතුරක් නැතිවීම පිළිබඳවද සන්ධ්‍යා පොලිසිය හමුවේ විස්තර කියා ඇත. ඒ තොරතුරු වලට අනුව 2010.01.24 වැනි දින ප්‍රගීත් එක්නැළිගොඩ නිවසින් පිටවයන අතර ඔහු තවමත් ආගිය අතක් නැත. මේ කටඋත්තරයෙන් පසුව ඊට කලින් පරීක්ෂණද අධ්‍යයනය කරන රහස් පොලිසිය එවකදී ප්‍රගීත් ළඟින් ඇසුරු කළ නන්දන වීරරත්න, කීර්තිකුමාර ලොකුලියන, බන්දු කීර්තිකුමාර, ලක්ෂ්මන් වසන්ත කුමාර යන අයගෙන්ද තවත් බොහෝ දෙනෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මිතුරන්ගෙන් තොරතුරු මෙහිදී රහස් පොලිසියට පැමිණ විස්තරයක් ලබාදෙන නන්දන වීරරත්න කියන්නේ තමන් 1983 අවුරුද්දේ සිට ප්‍රගීත් හඳුනන බවය. 2005 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ දිනවීමට ප්‍රගීත් සමග එකට වැඩකළ බවත්, 2009 වර්ෂයේ අගදී මංගල සමරවීර මහතාගේ ආරාධනාවක් මත සරත් ෆොන්සේකා දිනවීමට ප්‍රගීත් සමග වැඩ කළ බවත් ය. ඒ අනුව සරත් ෆොන්සේකාගේ යුධ ව්‍යාපාරය පිළිබඳව වාර්තා චිත්‍රපටයක් ප්‍රගීත් සමග එකට නිර්මාණය කළ බවත් කියන නන්දන වීරරත්න, එය සරත් ෆොන්සේකාගේ මාතර රැලියක බෙදාහැරීම සඳහා ප්‍රගීත් සහ තවත් කිහිප දෙනෙක් සමග වෑන් රථයකින් 2010 ජනවාරි 22 මාතර යනවිට මිරිස්ස ප්‍රදේශයේදී ප්‍රගීත්ට දුරකතන ඇමතුමක් ලැබුණු බවත් කියයි. එහිදී නන්දන කියන්නේ ඔහු (ප්‍රගීත්) ඒ පුද්ගලයා සමග එවක දේශපාලන තත්වය පිළිබඳව කතා කර කර සිට මෙයාට දැන් පවතින දේශපාලන තත්ත්වය ගැන ටිකක් පැහැදිලි කරලා දෙන්න කියා තමන්ට දුරකතනය දුන් බවත්ය. ඉන්පසුව ඒ කතා කළ පුද්ගලයා පිළිබඳව කරුණු කියන නන්දන වීරරත්න කියන්නේ ඔහු කතාකළේ කැඩුණු සිංහලෙන් බවය. එහිදී ජනරාල්ට දිනන්න පුළුවන්දැයි ඔහු තමන්ගෙන් විමසූ බව කියන නන්දන ඔහු දෙමළ ජාතිකයෙකු බව තමන්ට එම අවස්ථාවේදී තේරුම් ගිය බවත් කියයි. පසු අවස්ථාවක

Read More »