[gtranslate]

පිල්ලෙයාන්ට ඝාතන 5ක් ගැන චෝදනා…!

pilleyan knews

නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහිව සීඅයිඩීය විසින් මනුෂ්‍ය ඝාතන 5කට අදාළව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 15දා කරුණු වාර්තා කර ඇතැයි දැනගන්නට ලැබේ.

2008 ජනවාරි 09දා මඩකලපුව නගරයේ කෝවිලක් අසලදී පොලිස් නිලධාරියෙක් ඇතුලුව පුද්ගලයන් දෙදෙනෙක් ඝාතනය කිරීම එම වසරේම මැයි 22දා කාත්තන්කූඩි පොලිස් වසමේ ස්ථානයකදී තවත් පුද්ගලයන් දෙදෙනෙක් ඝාතනය කිරීම, එම වසරේම අගෝස්තු මස 20දා මඩකලපුව වව්නතිව් හිදී තවත් පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව මෙසේ පිල්ලෙයාන් හට චෝදනා එල්ලවෙයි.

මෙම පස් පුද්ගල ඝාතනයට හවුල් පුද්ගලයන් 4 දෙනෙක් දැනටමත් සීඅයිඩීය හඳුනාගෙන ඇති අතර ඒ අතරින් ප්‍රධාන සැකකරුවා යැයි කියන පුද්ගලයා දැනටමත් රටින් පැනගොස් ඇති බවත් කරුණු වාර්තා වෙයි. මේ අතර මෙම සිද්ධියට අදාළ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර ඊට අමතරව දැනට ලංකාවේ සිටින තුන්වෙන්නා ලෙස පිල්ලෙයාන් හඳුනාගෙන ඒ පිළිබඳව සීඅයිඩීය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

පිල්ලෙයාන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති එස්. රවින්ද්‍රනාත් ඝාතන විමර්ශනයට අදාළව මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර ඔහු මෙම ඝාතනයන්වලට අදාළව ඊළඟ නඩු දිනයේදී මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට මඩකලපුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

කරුණා-පිල්ලෙයාන් කණ්ඩායම එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත්වූ පසුව අතුරු මිලිටරි කණ්ඩායමක් සේ ක්‍රියාකරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අනීතික ඝාතන, පැහැර ගැනීම්, අතුරුදන් කිරීම් සහ කප්පන් ගැනීම්වල රාජ්‍ය අනුග්‍රහයෙන් නිරතවී ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වෙමින් තිබෙයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

යෝෂිත අත්අඩංගුවට

බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුව ලැබීමට යාම ආශ්‍රිතව සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සහ මුදල් අවභාවිත කිරීම් ආදිය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා මහබැංකුව හැසිරෙන්නේ අයිඑම්එෆ් එකේ ලංකා බ්‍රාන්ච් මැනේජර් විදිහට – හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇති බැඳීමේ ඉතිහාසය දශක හතකට වඩා පැරණිය. අප රට බොහෝ විට විදේශ විනිමය සංචිත හිඟවීම සහ ගෙවුම් ශේෂ අර්බුද ආවිට ඒවා විසඳා ගැනීම සඳහා අයිඑම්එෆ් සහාය පැතීය. 1950...

2026 උසස් පෙළ මාසයකින්වත් කල් දාන්න – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණි කිරිඇල්ල

2026 උසස් පෙළ විෂය නිර්දේශ ආවරණය කිරීමට ලැබී ඇත්තේ මාස 21ක් වැනි කෙටි කාලයක් බැවින් සහ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිසුන් පීඩාවට පත්ව ඇති බැවින්, විභාගය අවම වශයෙන් මාසයකින් හෝ මාස එකහමාරකින් කල් දමන්නැයි...