[gtranslate]

Tag: රත්නපුරේ කෑම

food knews
ජීවිතය

මියන නැතිව මා මියැදෙයි කියාපන්…!

සිරීපාද කන්දෙන් පහළට පැනලා දුවගෙන දුවගෙන ඇවිත් ගිමන් නිවන ගමන්, වක්වෙලා ගලන කළු ගඟ, ගේ මිදුලේ අලෝගෙන තමයි අපේ ලොකු අම්මගේ ගෙපැල හිනා වුණේ. මිදුලෙන් පහළ බැලුවාම, ගඟ හැමදාම සීරෝසිස් හැදිලා වගේ, බඩ මහත් කරගෙන ඔරොක් කරගෙන, ඔහේ හිටියා. එහෙම ඔහේ හිටියට ඉතිං රෙද්ද කඩාගත්ත ගංවතුර දවස්වලට ගඟ මිදුලට ඇවිත් ගෙදරට හාදු දුන්නා. මම මේ කියන්නේ හැරණියාවක ගැන. පානදුරෙන් රත්නපුරේට එන්න තියෙන නයා ගිය වංගු පාරේ ඔයා ආවොත්, ඉඩංගොඩ ටවුම පැන්නාම හම්බවෙන පළවෙනි ප්‍රධාන හන්දිය තමයි මේක. දකුණට පහළ ගලතුරට අයගමට කලවානට මතුගමට දික් වෙච්ච පාර. ඔයා රත්නපුර පැත්ත බලාගෙන බකන්නිලා ගත්තොත් ගඟේ වම් ඉවුර නම් උසයි. වම් ඉවුරෙ තමයි පාර අලෝලා තියෙන්නේ. දකුණු ඉවුර පහත්, පොඩි චුරු චුරුවකට වුණත් යට වෙන්න බලාගෙන හිටපු දකුණට ඇල කරපු වතුර බේසමක් තමයි හැරණියාවක කියලා කියන්නේ. ඉස්සර මැණික් පතල් සුලබ නැති කාලේ, හැරණියාවක කළු ගඟ මිටියාවතේ රබර් ගස් හිටගෙන හිටියා. වතුර වැඩි නිසාදෝ එපාවෙලා වගේ තමයි හිටියේ. ඒ රබර් යායවල් යටින් යටි වගාවක් වගේ තිබ්බේ මීවන සාගරයක්. ඒ ගහට අපි කිව්වේ මියන කියලා. සමහරුන් කියනවා මියන පලා කියලා. අපි නම් කිව්වේ මියන කොළ කියලා. එහෙම නැත්තං මියන දළු. කළු ගඟ අසල ඕසෙට හැදෙන මේ මීවන ශාකය පුදුම රස කෑමක්. සුවඳලේ බත් පිසුවයි කියාපන්මියන මාළු හොදි පිසුවයි කියාපන්මියන නැතිව මා මියැදෙයි කියාපන්රෑට බතට මම එන බව කියාපන් ජන කවියා ‘මියන නැතිව මියැදෙයි’ කියලා බය වෙලා. සපරුන් ඒ තරමට මියන කොළේට පෙම් බැන්දා. මේක කළු ගඟ නිම්නයේ තමයි වැඩිපුර හමුවෙන්නේ. ඒත් සීතාවක ගඟ නිම්නයේත් මේ ගහ ඕසෙට දළුලනවා. සීතාවකට මේ ගහ ගිය එකත් සීතාවක රාජධානි කතාව එක්ක ගැටගැහුණු රස කතාවක්. කොහොම වුණත් මියනේ ගුණේ සහ රසේ නිසාම මේක කන්ද උඩ මාළිගාවේ රාජභෝජනයටත් ගියා කියලා කියනවා. ලංකාවේ කන්න පුළුවන් පලා වර්ග 255 අස්සේ පලා රජ්ජුරුවෝ කවුද කියලා ඇහුවොත්, මම නම් එකෙන්ම කියන්නේ මියන කියලා. මම නම් මියන කොළේට ඒ තරමට ලෝලයි ආලයි. සපරුන්ගේ පළාතේ තියෙන ප්‍රධාන මල්වතු විහාර පහෙන් එකක් වෙච්ච කිරිඇල්ලේ නැඳුන් විහාරයට, පළවෙනි රාජසිංහ රජ්ජුරුවෝ දුම්බර නින්දගම පරිත්‍යාග කරලා තියෙන්නේ ඇයිද කියලා ඔයාලා දන්නවාද? මේ විහාරයේ වැඩසිටි කරඳන දේවරක්ඛිත හාමුදුරුවන්ට ව්‍යංජනයට ‘මියනදළු’ මිටක් කඩා ගන්න තමයි රජ්ජුරුවෝ මේ නින්දගම විහාරයට පූජා කරලා තියෙන්නේ. ඉතිං හිතහල්ලකෝ රත්නපුරේ මිනිස්සු අතීතයේ ඉඳලා මියන කාපු තරම ගැන..! ඒක රජ්ජුරුවොත් දැනගෙන ඉඳලානේ..! මියන දල්ල රත්නපුරේ මිනිස්සුන්ට මසක් මාංශයක් වගේ. අපේ අම්මලා බදාදා සෙනසුරාදා කෙම්මුර දවස්වලට මියන කැඩුවෙවත් කෑවෙවත් නෑ. ඒකට හේතුව මියන කියන්නේ මාංශයක් කියලා ඔවුන් හිතපු එක. ලේ තියෙන පලාවක් කියලා තමයි කීවේ. මියන කොක්කක් ටකස් ගාලා දෙකට කැඩුවාම එන සුවඳ ටිකක් ලේ සුවඳට කිට්ටු නිසා, මේ අදහස ආවා වෙන්න පුළුවන්. ඉතිං ලේ අඩු වුණ ගමන්, ඇස් යට සුදු වුණ ගමන්, අපේ මිනිස්සු මියන හොය හොයා කනවා. ඇත්තටම මියන දළු කෑවාම ලේවල රතු රුධිරාණු උඩ යනවා බලාගෙන ඉන්දැද්දී.. මියන කියලා කියන්නේ පෝෂණයෙන් ඉහළ ලෙඩ රෝග ගොඩකට හොය හොයා කන පලාවක් කියන එක මතක තියාගන්න. මියන කොළ ගැන පර්යේෂණ කරපු ඉන්දියානු පෝෂණවේදියෙක් මේ කරුණ සනාථ කරනවා. ඇත්තම කීවොත් ඩිප්ලේසියම් එස්කුලෙන්ටම් (Diplazium esculentum) කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ මීවන ශාකය හිමාලයානු සහ උප-හිමාලයානු කලාපයේ මිනිස්සු වල් එළවළුවක් විදිහට භාවිතා කරනවා. ඒ ජන සමාජයන්වල ජන සාහිත්‍යයට අනුව මේ ශාකයට, දියවැඩියාව, වසූරිය, ඇදුම, පාචනය, රූමැටික්, අතීසාරය, හිසරදය, උණ, සරම්ප, අධි රුධිර පීඩනය, මලබද්ධය, අස්ථි බිඳීම වගේ රෝග ගොඩක් වැළැක්වීමට පුළුවන් කියලා කියනවා. පිලිපීනය වගේ රටක් ගත්තොත් මේක ජනප්‍රියම කෑමක්. මියන දළු මාළුව රත්නපුරේ අපි කරියට නැත්තං ව්‍යංජනයට කිව්වේ මාළුව කියලා. ඉතිං මියන දළු හැමවෙලාවෙම අපි කෑවේ මාළුව විදිහට. මම මුලින්ම කීවනේ මේක අපි මසක් මාංශයක් විදිහට තමයි සැලකුවේ කියලා. ඉතිං කළුවට කළුවේ සුවඳ හමන්නැහේ, දඩමස් හදන්නැහේ තමයි හැදුවේ. මුලින්ම මියන දළු මිටිය හොඳට සෝදලා කපාගෙන, නැත්තං අතේ ටකස් ටකස් කඩාගෙන, මිරිස් තුනපහ කබලේ දාලා කර කරලා, කැස්ස එනකොට බාලා, ඒක මියන දළු උඩට දාලා, කහ, රතු ලූණු, සුදු ලූණු, කරපිංචා, ගම්මිරිස්, උළුහාල්, උම්බලකඩ හිතේ හැටියට දාගෙන, කලවම් කරගෙන, ඒකට පොල් කිරි උකුවට ඕසෙට දාගෙන, ගොජ ගොජ ගාලා හෙමින් හෙමින් නටන්න ඉඩදීලා බලාගෙන ඉඳලා තමයි හැදුවේ. මෙහෙම ලැසි ගමනේ හදලා සුවඳ හමන වෙලාවට හොද්ද උඩ, නැත්තං බොරය උඩ තෙල් කට්ට පෑදීගෙන එනකොට බාගත්තා නම් ඉතිං රුවන්වැලිය වගේ බත් කන්දක් කන්න පුළුවන්. රවුමට ලොකු ලූණු කපලා, ඒක සුදු ලූණු අහුරක කලවම් කරලා, රතු මිරිස් කරල් දෙක තුනක් ලොකුවට දෙකට තුනට කඩාගෙන, ඒක තෙල රත්වෙනකොට චාස් ගාලා දාගෙන රන්වනට බැඳීගෙන එනකොට අබ අහුරක් ඒකට වීසි කරගෙන චටපට ගාලා අබ පුපුරනකොට ඒකට අපි අර ලැසි ගමනින් හදාගත්ත මියන හොද්ද හලාගත්තා නම් ආයේ ඉතිං රස කියන්නේ පිස්සු හැදෙන රසක්. මේකට සුදු කැකුළු සහල් ටිකක් බෙරි වෙන්න බතට හදාගත්තා නම් බඩ උල්වෙනවා තේරෙන්නේ නෑ ඇත්තමයි..! මේක ඉතිං පොල් රොටියට පරාටාවතියට වගේ ඕනෑම රොටීමය පිටි තලියක් කටට ඔබාගන්න ඔබින පන්කාදු පහේ කෑමක් හරිද.. මියන ඌරා අපි ඉතිං අපේ ජීවිතේ වැඩි හරියක් මියන දළු කෑවේ ඔය උඩින් ලියපු ක්‍රමයට තමයි. ඒත් මම මියන උයන්න පටන් ගත්තාම, එක එක ක්‍රමවලට උයලා බැලුවා. උයනවා කියන්නේ කලාවක්. හැම කෑමක් අස්සෙම රස කතාවක් තියෙනවා. ඉතිං මට දවසක් හිතුණා ඌරුමස් එක්ක මියන උයලා බලන්න. මොකද මම ඒ වෙනකොට නිවිති ඌරා කාලා තිබුණා. නිවිති ඌරා සෝයා සාරුවේ තැවරිලා කටට ආවාම මට හිතුණා, ෂා මියන ටිකකුත් වෙලාවක ඌරට මික්ස් කරලා බලන්න ඕනෑ කියලා. ඉතිං මම ඌරු මස් ඉස්ටුවක් හදාගෙන, ඒක ළිපෙන් බාගන්න ඔන්න මෙන්න, දැම්මා මියන කොළ අහුරක්. අම්මෝ රස.. පිස්සු හැදෙන රස සුවඳක් විතරක් නෙවෙයි පාටක්. ඒ විතරක් නෙවෙයි චරස් චරස් පොඩි සෙක්සි හැපිල්ලත් මරු. ඉතිං ඌරු ඉස්ටුවට වගේම, පස්සේ මම ඌරා ඩෙවල් කරලත් ඒකට තක්කාලි එහෙම එක්ක මියන කැලෑවක් මික්ස් කළා. හැබැයි ඉතිං බාගන්න ඔන්න මෙන්න තමයි මේක කරන්න ඕනෑ. හොඳටම කුක් වෙන්න නොදී හාෆ් කුක් තමයි කොළට කොළේ මටනම් රසේ. මියන කිරි හොද්ද අපේ අම්මා කිරි හොදි හදන්නේ හරි අපූර්ව ක්‍රමයකට. උන්දැට අඩුම පොල් ගෙඩියක්වත් තියෙන්න ඕනෑ කිරි සොද්දක් හදන්න. දිය කිරි එහෙම ගන්නේ නෑ. මිටි කිරි පමණයි. ඉතිං කහ ගානට පදමට දාලා, ඒකට කොළ මිරිස් ඕසෙට දාලා, රතු ලූණු, සුදු ලූණු, ලොකු ලූණු, පදමට දාලා, උළුහාල් මිටක් දාලා, රම්පේ කරපිංචා එක්ක උම්බලකඩ අහුරක් දාලා තමයි මේ හොද්ද හැඳිගාන්නේ. ලුණු හරියට පදමට දැම්මාම කිරි කැටි ගැහෙන්නේ නෑ කියලා තමයි අම්මා කියන්නේ. ඉස්සර අපි කොස් කන්නෙම මේ කිරි හොද්දේ පා කරලා. ඉතිං මට හිතුණා සුමිහිරි මේ කිරි හොද්දට, ඇත්තටම අපි ආදරේට කීවේ සොද්ද කියලා, මේ සොද්දට මියන දළු මිටක් දාලා බලන්න. අම්මෝ ඔයාලත් දාලා කාලා බලන්න. ආස හිතෙයි!. කිරි හොද්ද හොඳට උතුරනකොට දාගත්තා නම්, කොළට කොළේ මස් වගේ චරස් චරස් ගාලා හැපෙන මියනේ දිවට දෙන්නේ පුදුම සැපක්..! මේ කොළය ඕනෑම මසකට ගහට පොත්ත වගේ සෙට් වෙනවා. රස දෙගුණ තෙගුණ කරලා තමයි දෙන්නේ. මේක ඉතිං

Read More »
beef food knews
ජීවිතය

හරක් මස් රස – 01

මට අද ආසයි කාල රේඛාවක එහෙට මෙහෙට යන්න. මුලින්ම මම යන්නම් මගේ බාල කාලෙට. රත්නපුරේ ජීවිතේට. ඒ කාලේ අපි රසට කාපු කෑම අතරේ උඩින්ම තියෙන මසක් තමයි හරක් මස් කියලා කියන්නේ. 2000 දශකය වෙනකම් අපිට හරක් මස් අගුණ වුණේ නෑනේ. ඉතින් අපි හොඳට හරක් මස් කෑවා. තාත්තා පඩි දවසට ගෙදර ආවේ හබරල කොළයක ඔතපු මස් පාර්සලයකුත් අරගෙන. කිලෝ එකකට වැඩිය මිසක් අඩු වුණේ නෑ. හරක් මස් තමයි ගොඩක් වෙලාවට ගෙනාවේ. හොඳ මස් කුට්ටියක ඉඳලා, කිරි බොකු, ලොකු කටු ඇට දක්වා මස් ගොමුවක් තමයි ඒ මස් පාර්සලයේ තිබුණේ. හාට් එකෙන් අක්මාවෙන් කෑල්ලක් පවා ඒ මස් පාර්සලයේ වැරදුණේ නෑ. ඉතින් ගෙදරට මස් ගෙනාවා කියලා ගෙදරට පෙරේතයෝ ආවෙත් නෑ. ගෙදරට අණවිනයක් කොඩිවිනයක් වුණෙත් නෑ. තාත්තට අම්මට පව් පිරුණා කියලා ඔවුන් දුක් වුණෙත් නෑ. හරක් මස් කන්න එපා කියන ගවයෝ ඒ කාලේ අඩු වුණ නිසා වෙන්න ඇති අපි එහෙම මස් කෑවේ. ඉතින් මාසෙකට නැත්තං දෙකකට සැරයක් තමයි අපි මෙහෙම මස් කෑවේ. ගොඩක් වෙලාවට අම්මා මස් හැදුවේ එකම ක්‍රමයට. තුනපහා මිරිස් කබලේ රත්කරලා කළු පාටට තමයි හොද්ද හැදුණේ. සමහර දවසකට හොද්ද හොඳට හිඳිලා සාරුව මස් කෑල්ලේ එතුණා. සමහර දවස්වලට අපි සාරුව එක්ක පාන් ගිල්ලා. මස්, මල් පෙති වගේ මෙලෙක කරන්න අම්මා විනාකිරි තමයි ගොඩක් වෙලාවට දැම්මේ. එහෙම නැත්තං සියඹලා. තුනපහා වුණත් සෙපරේට් කරලා කොත්තමල්ලි සූදුරු මහඳුරු විදිහට කබලේ බැදලා කොටලා තමයි ගත්තේ. සමහර නිවී සැනසුණ දවසකට අම්මා හාල් පොල් බැදලා අඹරලත් දැම්මා. එතකොට ඉතින් මාර විදිහට හරක් මස් එක රස වුණා. අපේ දිව කොර වුණා. සමහර දාක අම්මා මේ හොද්දට පොල් කිරිය ටිකක් හලා ගත්තා, හොරෙන් වගේ එතකොට හරක් මස් තවත් රසවත් වුණා. තාත්තා නම් කිරි ගාවනවට වත් කැමති වුණේ නෑ. මස්වලට කවුද බන් පොල් කිරි දාන්නේ.. තාත්තා සමහර රස මස් දවසට එහෙම ඇහුවා! පස්සේ කාලෙක රත්නපුරේ ටවුන් එකේ පුස්තකාලය ළඟට ආවාම මට හමුවුණා බර්ටි විද්‍යාලංකාර මහත්තයා, මිනිහා හෙන සාහිත්‍ය රසවතා. රත්නපුරේට ඔය නාට්‍ය එහෙම ගේන්න පුරෝගාමී වුණ චරිතේ. දැන්නම් අපිව දාලා මිනිහා ජීවිත සිහිනයෙන් ඇහැරිලා අවුරුදු කීපයක් වෙනවා. ඉතින් රත්නපුරේ ආවාම මම මිනිහා එක්ක උදෙන්ම මිනිහගේ රජනාව කන්ද මුදුනේ තිබුණ මාළිගාවට යන්න හුරු වුණා. සාහිත්‍ය කයියකට කියලා ගියාට ඇත්තටම එතන තිබුණේ පෙරේතකමද කොහේද? මිනිහා මම එහේ එනවා කියපු එහෙම උදේට, උදෙන්ම මස් කඩේට ඇවිත් හොඳ මස් කුට්ටියක් අරගෙන යනවා, ගිහින් ගස්ලබු කෑලි එක්ක හොඳ මාළුවක් ඒදලා ළිපේ තියලා මාව ගන්න ටවුන් එකට එනවා කැබ් එකේ. ඊට පස්සේ අපි ගල් බෝතලේකුත් අරගෙන කඳු මුදුනේ ඒ මාළිගාවට යනවා. යනකොට හරකා දුම් දානවා. මුළු ගෙදරම පුසුඹේ බෑ. ටික වෙලාවකින් දත් ගලවලා බඩට වැටෙන්න පුළුවන් ගිනි රස්නේ බීෆ් කෑලි කරිය මේසෙට එනවා ගල් බෝතලෙත් එක්ක. ඉතින් බොන ගමන්, බයිටට හරක් මස් කන ගමන්, අපි සාහිත්‍ය ගැන දේශපාලනය ගැන කයි ගහනවා. හරක් මස් රසටම උයන්න පුළුවන් මට හම්බ වුණ රසවතුන් අතරේ බර්ටි මහත්තයා උඩින්ම ඉන්නවා. ඒකේ ආයේ කතා දෙකක් නම් නෑ. ඔහොම හරක් මස් රසට හුරුවෙලා තිබ්බ මගේ කටට අමු හරක් මස් රස ගෙනාවේ සිංගප්පූරුව. මම කාලයක් එහේ ඩීජේවරයෙක් විදිහට ගරු රැකියාවක් කළානේ! අපි යාළුවෝ මේ විදිහට ඩීජේ ගහනවා කිව්වට අපි ඇත්තටම කළේ රෙස්ටුරන්ට්වල පිඟන් සෝදපු එක. හරිනම් රැකියාව ඩිෂ් වොෂ්.. ඒත් ඉතින් අපි ඩබ්ලිව් එක ජේ කරලා නම්බුව හදා ගත්තා. හරියට අර පහත රට එවුන් නුවරින් කසාද බැන්දා වගේ! ඉතින් දවසක් මම ටෙම්පරියක් අදින්න ගියා සකේ සුෂී කියන ජපන් රෙස්ටුරන්ටුවට. අම්මෝ ජපන් රෙස්ටුරන්ට්වල ඩීජේ ගහන්න යනවා කියන්නේ වහ කනවා හොඳයි. එක මේසෙක ඈයෝ නැඟිට්ටාම ඇච්චෝ බැච්චෝ පිඟන් කෝප්ප පීරිසි දීසි තසිම් ලොට් එකක් එනවා. මුන් කන්නේ පෝසිලේන්ද කියලා හිතෙන තරමට යකා නඟිනවා. සිගරැට්ටුවක් උරන්න අයිස් කැට කන්දක් අස්සෙන් ස්ප්‍රයිට් සොටෙකක් තොලගාන්න එළියට එහෙම ගියොත් ඇතුලට එනකොට රුවන්වැලිය වගේ පිඟන් කෙළිය..! කොහොම වුණත් ඉතින් සිංගා ගිහින් වැඩි දවසක් නෑ මතක විදිහට රිවර් වැලී රෝඩ් එකේ තිබ්බ මේ රෙස්ටුරන්ටුවට යන්න වුණා ඩීජේ ගහන්න. යනකොට මකරෙක්ගේ විශාල පච්චයක් කොටාගත්ත මැලේවරයෙක් තමයි ලොකු ඩීජේවරයා විදිහට තේජමානව වැඩ සිටියේ. අන්තිමට උන්දැ එළියට වෙලා සිගරැට් අදිනකොට මම ඇතුලට වෙලා මැෂිමක් වගේ වැඩ කළා. කන්න හම්බවුණේ මෙලෝ අලබෝලෙක රහක් නැති ජපන් කෑම. මේක තේරිලාද කොහේද මට ඩිජේ මැලේ බෝයිවරයා හරක් මස් සුප් එකක් ගෙනත් දුන්නා. ඇත්තටම ඒකේ තිබුණ රතුම රතු දෙළුම් පාට මස් කෑල්ල අමුවට වගේ තමයි තිබුණේ. පස්සේ තමයි මම දැනගත්තේ ඒක ජපානයේ ජනප්‍රිය ෂබු-ෂබු කියලා. මේ මස් එකෙන් තමයි මම ඉගෙන ගත්තේ හරක් මස් අඩු රස්නයක අඩු වෙලාවක රත්කරලා රසට කන්න පුළුවන් කියලා. ඒ වගේම රසම රස අමු මස් සූත්‍ර ගොඩක් හරක් මස් එක්ක බැඳිලා තියෙනවා කියලා. ඉතින් මම අද හිතුවා හරක් මස් රසට කන්නේ කොහොමද කියලා චුට්ටක් කතාකරලා ලෝකේ මිල අධිකම හරක් මස් එක ගැන කයියක් ගහන්න. ලංකාවේ හරක් මස් කඩේකට ඔයා ගියොත් ඔයාට අමතක වෙන්නේ නැති රූපයක් තියෙනවා ඒ මොකක්ද? ඒ තමයි මස් කැබලි එල්ලපු කොකු. මස් කිලෝ එකක් ඉල්ලුවාම ගොඩක් වෙලාවට කරන්නේ කලවා මස්වලින් කිලෝ එකක් කපලා, අනෙක් මස්වලින් චුට්ට චුට්ට දාන එක. සමහර පැතිවල මේක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මම ඉඳලා හිටලා යන රත්නපුරේ, අම්බලන්ගොඩ වගේ පැතිවල හරක් මස් තවම විකුණන්නේ මේ ක්‍රමයට. අපි මස් කඩයකට ගියාම කටු නැති මස් කෑල්ලක් අරගෙන ඇවිත් කන්න තමයි හිතන්නේ. මුදලාලි හොඳ මස් කෑල්ලක් දෙන්න කියලා තමයි අපි කියන්නේ. එහෙම ගෙනල්ලා උයලා සමහරු කියනවා අයියෝ අද මස් හරිම හයියයි මොනවා දැම්මත් මෙලෙක වුණේ නෑනේ කියලා. ඉතින් මම අද කියන්න යන කතාව මෙන්න මේ ගැටලුවටත් උත්තරයක්. ඇත්තටම හරක් මස්වල රසය තීරණය වෙන්නේ ඒ මස් කොටස හරකාගේ සිරුරේ කොතනින් කපාගත්තා ද කියන එකත් එක්ක. මෙතනදි මම මෙහෙම කියන්නම් හරකගේ ඇඟේ නිරන්තරයෙන් චලනය වෙන ප්‍රදේශවල තියෙන මස් තිබෙනවා නේද, ඒවා හරිම තදයි. හරි මම මෙහෙම කියන්නම් කෝ, ඔයා හිතන්න ඔයා හරකගේ කර සහ උරහිස වගේ තැනකින් මස් කෑල්ලක් ගෙනල්ලා උයනවා කියලා, එතකොට උරහිස සහ බෙල්ල ආශ්‍රිත මාංශ පේශි නිරන්තරයෙන් ව්‍යායාමයට ලක්වන නිසා මේ මස් තන්තු ශක්තිමත්ය. එතකොට ඔයාට ගොඩක් වෙලා උයන්න වෙනවා මෙයා මුදු සුමුදු කරගන්න නම්.. හැබැයි මේ මස්වල ‘කොලජන්’ ගොඩක් තියෙනවා. ඉතින් ඔයා අර සූර පප්පා අරිෂ්ඨේ හදනවා වගේ පැසෙව්වොත්, ගොඩක් වෙලා ළිපේ තියාගෙන ගොජ දාන්න දුන්නොත්, මෙයා හොඳ රහක් දෙනවා. ඒ වගේ මෘදු වෙනවා. එහෙම බලනකොට ලැසි ගමනින් ස්ලෝ කුක් ස්ටූ එකක් එහෙම හදාගන්නවා නම්, මෙන්න බඩු කෑල්ල. ඊට පස්සේ අපි යමු රිබ් එකට එහෙමත් නැත්තං ඉල ඇට ප්‍රදේශයට, මේක තමයි පුතේ මටනම් රසම රස මස් කලාපය. මම මස් කඩේට ගියාම ඉල්ලන්නෙම මේක. හේතුව තමයි මේ රතු මස් අස්සේ සුදු පාටට ලස්සනට මේද රේඛා ගිහින් තියෙන එක. ඒක හරියට මකුළු දැලක් වගේ. ගොඩාක් මම වගේ රස විද්‍යාඥයන් නම් කියන්නේ හරකගේ රසම කොටහා තමයි මේ කියලා. මොකද හෙමිහිට අඩු ගින්නේ නටවනකොට නළවනකොට මේ මස් අස්සේ තියෙන අර ලස්සන සුදු රේඛා මේද දහරා ගලන්න

Read More »