[gtranslate]

Tag: ශ්‍රී ලංකන් ගුවන් සේවය

ravi karunanayaka knews
පුවත්

ශ්‍රී ලංකා මහබැංකුව හැසිරෙන්නේ අයිඑම්එෆ් එකේ ලංකා බ්‍රාන්ච් මැනේජර් විදිහට – හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇති බැඳීමේ ඉතිහාසය දශක හතකට වඩා පැරණිය. අප රට බොහෝ විට විදේශ විනිමය සංචිත හිඟවීම සහ ගෙවුම් ශේෂ අර්බුද ආවිට ඒවා විසඳා ගැනීම සඳහා අයිඑම්එෆ් සහාය පැතීය. 1950 අගෝස්තු 29 සාමාජිකත්වය ගත් පසු මුල්වරට රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ අරමුණෙන් අයිඑම්එෆ් වෙත දෑත පාන්නේ 1965 දී ඩඩ්ලි සේනානායකය. ඉන්පසුව අපි 2016 දී 16 වන වතාවටත් අයිඑම්එෆ් වෙත ගොස් විස්තීරණ ණය පහසුකමක් හරහා ඩොලර් බිලියන 1.5ක ණය පහසුකමක් ලබා ගත්තෙමු. දැන් අපි 17 වෙනි වතාවටත් අයිඑම්එෆ් හමුවට ගොස් සිටිමු. පසුගිය 16 වතාවටත් වඩා තත්ත්වය වෙනස්ය. ජනතාවට හොඳටම ආර්ථික බර දැනෙන්න පටන්ගෙන ඇත. අයිඑම්එෆ් යනු යකෙක්ද? knews වන අප ඒ පිළිබඳව සංවාදයක් අරඹන්නට සිතුවෙමු. එහි පළමු සංවාදයට අප හා එක්වන්නේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකය. එයට හේතුව 16 වෙනි වතාවට අයිඑම්එෆ් හමුවට යනවිට, ඊට ආණ්ඩුව පැත්තෙන් ඔහු නායකත්වය ලබාදීමය. එකල ඔහු මුදල් ඇමැතිය. අයිඑම්එෆ් යනු කුමක්ද කියලා මම ඔබගෙන් ඇහුවොත්.. අයිඑම්එෆ් කියලා කියන්නේ හිසරදයට බාම් එකක් ගානවා වගේ දෙයක්. නමුත් අපේ වැඩේ වෙන්න ඕනෑ හිසරදයට ස්ථිර විසඳුමක් සොයාගෙන, මේක නිට්ටාවට සුවකරගන්න එක. එහෙම නැතිව හිසරදය හැදුණු ගමන් දුවලා ගිහින් බාම් ටිකක් ගාගෙන එන එක නෙවෙයි වැඩේ. නමුත් අපි දිගටම කරලා තිබෙන්නේ ඒක. රටක් බංකොළොත්භාවය ප්‍රකාශයට පත්කළාම ඒ ප්‍රශ්නයෙන් එළියට එන්න අවශ්‍ය එක මෙවලමක් විතරයි අයිඑම්එෆ් කියලා කියන්නේ. මේ අර්බුදයෙන් ගොඩ එන්නට අපිට අවශ්‍ය නම් තව මාර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. 2022 අප්‍රේල් මාසයේ 12 වෙනිදා මහබැංකුව විසින් අපි බංකොළොත් කියලා බංකොළොත්භාවය ප්‍රකාශයට පත්කළාට පස්සේ අපිට ආසන්නතම වෙන විකල්පයක් තිබුණේ නෑ. මුලින්ම අපිට පෙනුණු පාර තමයි අයිඑම්එෆ්. එහෙම ගියාට පස්සේ ඔවුන් දෙන බෙහෙත් වට්ටෝරුව ගිලිනවාද නැද්ද කියන දේ තමයි ඊළඟට තියෙන්නේ. ඒක තීරණය කරන්න රාජ්‍ය පාලනයේ ප්‍රවීණත්වය අවශ්‍යයි. දැන් රටේ ජීවත්වෙන අහිංසක දුප්පත් ජනතාව තමයි දන්නේ මේ බෙහෙත තිත්තද නැද්ද කියලා. මේ අවස්ථාවේදී අයිඑම්එෆ් එක ඔවුන්ගේ සුපුරුදු වැඩේ තමයි කරන්නේ. ඔවුන්ට ලෝකයේ කොහේ මෙහෙම ප්‍රශ්නයක් ආවත් විසඳුම මේකම තමයි. ආදායම වැඩිකරගෙන වියදම අඩුකරගෙන කෘත්‍රිමව ගොඩ එන්නේ මෙහෙමයි කියලා පෙන්වනවා. මම තමයි 16 වෙනි වතාවේ අයිඑම්එෆ් ගියේ මුදල් ඇමැති වශයෙන්. ඉතින් මම දන්නවා ඔවුන් කරන්න කියලා කියන දේවල්. ඔවුන් මේ පොළොව දන්නේ නෑ. මෙහේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන ඔවුන්ට ඇත්ත අදහසක් නෑ. එතකොට දේශීය නියෝජිතයෝ විදිහට අපි දැනගන්න ඕනෑ හරියට ඔවුන් එක්ක සන්නිවේදනය කරන්න. භූමියේ තත්ත්වය ඔවුන් එක්ක හරියට සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඔවුන් කියන හැම දෙයක්ම බිම බලාගෙන අහගෙන ඉඳලා ඔළුව වනලා ඇවිත් හරියන්නේ නෑ. මුලින්ම අපි පෙන්වන්න ඕනෑ අපි මේක හැන්ඩ්ල් කරන්න දන්නවා කියලා. අපි නොදන්නවා කියලා ඔවුන්ට පෙනුණොත් ඔවුන් කෙළින්ම කරේ නඟින්න තමයි එන්නේ. අද වෙලා තියෙන්නේ ඒක. අද ශ්‍රී ලංකා මහබැංකුව හැසිරෙන්නේ අයිඑම්එෆ් එකේ ලංකා බ්‍රාන්ච් මැනේජර් විදිහට. මේක තමයි තියෙන ප්‍රශ්නය. අපි ආත්ම ශක්තියක් එක්ක නැඟී සිටින්න අවශ්‍යයි. ඔබලා කියනවා ආදායම වැඩි කරගන්න කියලා, ඔව් අපි වැඩි කරගන්නවා, නමුත් ඔබ පිළිගන්න ඕනෑ අපේ කොන්දේසි මිසක් අපි ඔබලාගේ කොන්දේසි පිළිගන්න එක නෙවෙයි කියලා, අපි කෙළින්ම කියන්න ඕනෑ. ඔවුන් කියන්නේ මොකක්ද? ඔවුන් කියනවා රාජ්‍ය ආදායම වැඩි කරගන්න කියලා. වියදම ආදායමට වඩා අඩු කරගන්න කියලා. පාඩුවට බඩු විකුණන්න එපා, සහන දෙන්න එපා කියලානේ ඔවුන් කියන්නේ. ඉතින් මේක අයිඑම්එෆ් කියන්න ඕනෑද? නමුත් මෙතන තියෙන බරපතළ ප්‍රශ්නය තමයි – දැන් මෙහෙම හිතන්නකෝ – ඔවුන් කියනවා උපයන විට ගෙවන බද්ද 36%ක් කරන්න කියලා. ඒක සරල නෑ. ඒක පොඩි ගාණක්ද? පර්චසින් පවර් කියලා සංකල්පයක් තියෙනවා ඒක තියාගෙන තමයි බදු ගහන්න ඕනෑ. මිනිහෙක්ට අපි ගහන බද්ද තමන්ට එන ආදායමෙන් දෙන්න පුළුවන් වෙන්න එපැයි. ඔහු කන්නේ බොන්නේ නැද්ද ඒ එන ආදායමෙන්. ඔවුන් තමන්ගේ එදිනෙදා ජීවිතය ගෙවන්න ඒ මුදල් පාවිච්චියට ගන්නේ නැද්ද? එතකොට අයිඑම්එෆ් ඇවිත් බද්ද 36%ක් ගහන්න කියලා කිව්වට වැඩක් නෑ, ඒක ඔරොත්තු දෙන්නේ නැත්නම්, මේ රටේ ජනතාවට. අපි බදු ආදායම උපයන්න ඕනෑ ගෙවන්න පුළුවන් හැකියාව තියාගෙන. මේ වගේ ගොඩාක් දේවල් තිබෙනවා. මම නම් හිතන්නේ මේවා අපේ පාර්ශ්වයේ වැරදි කියලා. අපි මේවා හරියට සාකච්ඡා කරන්න අවශ්‍යයි. මේක හදන්න බැරිකමක් නෑ. අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බැරිකමක් නෑ. ඒවට යම් යම් සහන දෙන්න වෙනවා. අපනයන දිරිගන්වන්න ඕනෑ. ඒ වගේ දේවල් තියෙනවා කරන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙහේ ඇවිත් කියන්න බෑ දිරිගැන්වීම සඳහා බදු සහන දෙන්න බෑ කියලා. දෙන්න බැහැ නම් ගෙවන්නත් බැහැ කියලා කියන්න ඕනෑ. ඇයි ඒ ආත්ම ශක්තිය නැත්තේ එහෙම කියන්න. අපේ කාලේ අපි ඒක කිව්වා. ඒකට එයාලා යම් ප්‍රතිචාරයක් දැක්වූවා විතරක් නෙවෙයි එයාලා අපිට යම් ගෞරවයකුත් ලබාදුන්නා. ඔබ කියනවා ලංකා බලධාරීන් අයිඑම්එෆ් එකත් එක්ක හරියට මේවා ඩීල් කරන්නේ නෑ කියලා. ඒත් තවමත් ශ්‍රී ලංකන් රජයේ සහන උඩ ජනතාවගේ බදු මුදලින් තමයි දුවන්නේ.. ශ්‍රී ලංකන් විකුණන්න කියලා කියද්දි ඔය යසට තියාගෙන ඉන්නේ අයිඑම්එෆ් එකත් එක්ක සාකච්ඡා කරලා නෙවෙයිද? ශ්‍රී ලංකන් ගොඩනඟන්න බදු සහන දෙනවා, ඒකට ජනතාවගේ බදු සල්ලි පොම්ප කරනවා කියන එක හරිද? ලංගමට යම් සහනයක් දුන්නට කමක් නෑ නමුත් ශ්‍රී ලංකන් කියන්නේ එහෙම සහන දිය යුතු එකක් නෙවෙයි. අපි මෙහෙම හිතමු, ජපානයේ ඉන්න මිස්ටර් ෆූ යනවා එංගලන්තයට එතකොට අපි එයාට පාඩුවට ටිකට් එකක් වික්කාම ඒක දරන්න වෙන්නේ අපේ බදු ගෙවන්නන්ට නෙවෙයිද? එතකොට ඒක කොහොමද අපි තේරුම් ගන්නේ. ඒක හරි දෙයක්ද? ඒ නිසා මේ වගේ දේවල් වාණිජකරණය කරන්න අවශ්‍යයි. ශ්‍රී ලංකන් ගිය අවුරුද්දේ විතරක් රුපියල් කෝටි 2300ක අලාභයක් ලබලා තියෙනවා. මේ කෝටි 2300 ගෙවන්නේ ඔබ අපි. අපි මේ සහනය දීලා තියෙන්නේ අපේ ලංගම බස් එකේ යන සුගතදාස හරි අපේ චෙල්ලයියා හරි අපේ යූසුෆ්ට හරි නෙවෙයි විදේශිකයන්ට. ඉතින් විදේශිකයන්ට මෙහෙම ලොකු සහනයක් අපේ පොකට් එකෙන් අරගෙන දෙන එක ප්‍රශ්නයක් නොවෙයිද? අයිඑම්එෆ් එක මොකක්ද මේ ගැන හිතන්නේ? ඔවුන් මෙතැනදී තවමත් බලාගෙන ඉන්නවා. තෙල් මිල වැඩි කරන්න කීවාම ආණ්ඩුව හා කියලා වැඩි කරනවා. මේ දෙපාර්ශ්වයම මෙහෙම ගමනක් තමයි යන්නේ. මේ දෙපාර්ශ්වයටම භූමිය ගැන ජනතාව ගැන අදහසක් නෑ. සංඛ්‍යා දත්තවලින්ම විතරක් රටවල් හදන්න බෑ. ඔවුන් පහුගිය දවස්වල 5 සහ 6 සමාලෝචනයන්වලට පස්සේ වාර්තාවක් දැම්මා. එහි කියන විශේෂ කරුණු මොනවාද? අපි ණය බරතාවයෙන් එළියට එන්න ඔළුව දාලා තියෙනවා නමුත් තවමත් කඳ ඇතුළේ කියලා තමයි ඔවුන් කියන්නේ. කඳ එළියට ගන්නකොට මීට වඩා බැරෑරුම් තත්ත්වයක් උදාවෙයි කියලත් කියනවා. රුපියල අවප්‍රමාණය කරන්න, පොලී අනුපාතය වැඩි කරන්න ඕනෑ කියලත් කියනවා. ඉතින් මේවා කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක් අවශ්‍යද? නෑනේ. මිනිස්සුන්ගෙන්ම සල්ලි අරගෙන ආයෙත් කරකවලා ගහන්නයි තියෙන්නේ. නමුත් ඉතින් ඕක කරන්න ගියොත් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. ප්‍රශ්නය තියෙන්නේ ඒක දන්නේ මේ පොළොවේ ඉන්න අපි. සුද්දා ඒක දන්නේ නෑනේ. සුද්දා ඇවිත් ශේෂ පත්‍රයක් බලලා කියනවා, ආදායම මදි වියදම වැඩියි, ඒ නිසා ඔන්න කෘත්‍රිමව වැඩේ කරන්න කියලා. ඉතින් අපිට කියන්න තියෙන්නේ ඒ අය හොඳයි නමුත් හොඳ මදි කියලා තමයි. කොහොම වුණත් ඕක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා කියන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිසා ගොඩ ගිය රටවල් ඇත්තේම නැද්ද? රටක් බංකොළොත් වුණාට

Read More »
state owned enterprises sri lanka knews
පුවත්

රජයේ ව්‍යාපාරවල ලාභය 17%කින් අඩුවෙලා විදුලි බලයේ පාඩුව – රු. බිලියන 38.7 ශ්‍රී ලංකන් පාඩුව – රු. බිලියන 23.2

රජයට අයිති ව්‍යාපාරවල ලාභය 17%කින් අඩුවී ඇති බවත් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉහළ පාඩු ලබා ඇති බවත් මහා භාණ්ඩාගාරයේ 2025 අවුරුද්දට අදාළව ප්‍රකාශයට පත් කර ඇති වාර්ෂික වාර්තාවෙන් හෙළිවෙයි. මෙම වාර්තාවට අනුව 2024 වර්ෂයේදී රජයට අයත් ප්‍රධාන ව්‍යාපාර 51ක් වාර්තා කළ රු. බිලියන 539ක ලාභය 2025 වර්ෂයේදී රු.බිලියන 444ක් දක්වා පහළ බැස ඇති අතර ඒ අනුව එම අඩුවීමේ ප්‍රතිශතය 17%කි. මෙම ආයතන 51 පසුගිය 2023 අවුරුද්දේදී ද රුපියල් බිලියන 445ක ලාභයක් වාර්තා කර ඇති අතර ඒ අනුව 2025 වර්ෂයේ වාර්තාගත ලාභය ඊටත් වඩා අඩු මට්ටමකට පහත බැස ඇත. මෙසේ ලාභ වාර්තා කර ඇති රාජ්‍ය අංශ අතර මෙරට ක්‍රියාත්මක රාජ්‍ය බැංකු පද්ධතිය ප්‍රධාන වන අතර ඒ අනුව සමස්ත ලාභයෙන් 27%ක අගයක ලාභයක් වාර්තා කර ඇත්තේ ලංකා බැංකුව වන අතර එහි අගය රුපියල් බිලියන 120ක් බව මෙම වාර්තාවෙන් ප්‍රකාශ වෙයි. මේ අනුව රජයට අයත් බැංකු සහ මූල්‍ය ආයතන මුළු ලාභයෙන් රුපියල් බිලියන 304කට හිමිකම් කියන අතර එය සමස්තයේ අඳුරු චිත්‍රය පෙන්වයි. රජයට අයත් ආයතන 527ක් පවතින අතර මෙසේ සංඛ්‍යා දත්ත ප්‍රසිද්ධ කර ඇත්තේ ආයතන 51ක වීම රාජ්‍ය ආයතනවල පාඩුවේ මහා පරිමාණ තත්ත්වය පෙන්වා සිටින බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත. 2024 වර්ෂයේදී රුපියල් බිලියන 141.6ක ලාභයක් පෙන්නූ විදුලිබල මණ්ඩලය 2025 වසරේදී රුපියල් බිලියන 38.7ක පාඩුවක් ලබා ඇත. මේ අතර සුපුරුදු පරිදි ශ්‍රී ලංකන් ගුවන් සේවයට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 25.3ක ප්‍රදානයක් ලබාදී තිබියදීත් එහි පාඩුව රුපියල් බිලියන 23.2ක් බව වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. මේඝ ගමඇතිරාළ

Read More »