රජයේ ව්‍යාපාරවල ලාභය 17%කින් අඩුවෙලා විදුලි බලයේ පාඩුව – රු. බිලියන 38.7 ශ්‍රී ලංකන් පාඩුව – රු. බිලියන 23.2

state owned enterprises sri lanka knews

රජයට අයිති ව්‍යාපාරවල ලාභය 17%කින් අඩුවී ඇති බවත් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉහළ පාඩු ලබා ඇති බවත් මහා භාණ්ඩාගාරයේ 2025 අවුරුද්දට අදාළව ප්‍රකාශයට පත් කර ඇති වාර්ෂික වාර්තාවෙන් හෙළිවෙයි.

මෙම වාර්තාවට අනුව 2024 වර්ෂයේදී රජයට අයත් ප්‍රධාන ව්‍යාපාර 51ක් වාර්තා කළ රු. බිලියන 539ක ලාභය 2025 වර්ෂයේදී රු.බිලියන 444ක් දක්වා පහළ බැස ඇති අතර ඒ අනුව එම අඩුවීමේ ප්‍රතිශතය 17%කි. මෙම ආයතන 51 පසුගිය 2023 අවුරුද්දේදී ද රුපියල් බිලියන 445ක ලාභයක් වාර්තා කර ඇති අතර ඒ අනුව 2025 වර්ෂයේ වාර්තාගත ලාභය ඊටත් වඩා අඩු මට්ටමකට පහත බැස ඇත.

මෙසේ ලාභ වාර්තා කර ඇති රාජ්‍ය අංශ අතර මෙරට ක්‍රියාත්මක රාජ්‍ය බැංකු පද්ධතිය ප්‍රධාන වන අතර ඒ අනුව සමස්ත ලාභයෙන් 27%ක අගයක ලාභයක් වාර්තා කර ඇත්තේ ලංකා බැංකුව වන අතර එහි අගය රුපියල් බිලියන 120ක් බව මෙම වාර්තාවෙන් ප්‍රකාශ වෙයි. මේ අනුව රජයට අයත් බැංකු සහ මූල්‍ය ආයතන මුළු ලාභයෙන් රුපියල් බිලියන 304කට හිමිකම් කියන අතර එය සමස්තයේ අඳුරු චිත්‍රය පෙන්වයි. රජයට අයත් ආයතන 527ක් පවතින අතර මෙසේ සංඛ්‍යා දත්ත ප්‍රසිද්ධ කර ඇත්තේ ආයතන 51ක වීම රාජ්‍ය ආයතනවල පාඩුවේ මහා පරිමාණ තත්ත්වය පෙන්වා සිටින බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත.

2024 වර්ෂයේදී රුපියල් බිලියන 141.6ක ලාභයක් පෙන්නූ විදුලිබල මණ්ඩලය 2025 වසරේදී රුපියල් බිලියන 38.7ක පාඩුවක් ලබා ඇත. මේ අතර සුපුරුදු පරිදි ශ්‍රී ලංකන් ගුවන් සේවයට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 25.3ක ප්‍රදානයක් ලබාදී තිබියදීත් එහි පාඩුව රුපියල් බිලියන 23.2ක් බව වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත.

මේඝ ගමඇතිරාළ

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...