[gtranslate]

Tag: po

yoshitha knews
පුවත්

යෝෂිත අත්අඩංගුවට

බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුව ලැබීමට යාම ආශ්‍රිතව සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සහ මුදල් අවභාවිත කිරීම් ආදිය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (17) උදේ යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට පසුගිය 16 දා එම කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබුණත් ඔහුට එම දිනයට පැමිණීමට නොහැකි වී තිබුණු අතර ඒ අනුව අද දිනයේ ඔහු එම කොමිසමට පැමිණි පසුව ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇත. යෝෂිත රාජපක්ෂ 2006 දෙසැම්බර් 14 වන දින නාවික හමුදාවට එක්වී ඇති අතර, අදාළ තනතුරු සඳහා අවශ්‍යව තිබූ උසස් පෙළ විද්‍යා/ගණිත සුදුසුකම් සපුරා නොතිබුණු ද, පසුව එම සුදුසුකම් සංශෝධනය කර ඔහුව බඳවා ගැනීම, ඔහු නාවික හමුදාවට බඳවාගන්නටත් ප්‍රථම හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් යෝෂිත රාජපක්ෂ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා ඇකඩමියට යැවීම පිළිබඳව එම ආයතනයෙන් විමසා තිබීම, රජයේ මුදල් වියදම් කරමින් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුණු පසුව 2007 වසරේ ජනවාරියේ දී ඔහු මෙම පුහුණුවට බ්‍රිතාන්‍ය වෙත යැවීම ආදී සිදුවීම් කිහිපයක් පිළිබඳව මෙම විමර්ශනයේදී කරුණු සොයා බලන බව ද ඒ අනුව යෝෂිත රාජපක්ෂට විරුද්ධව ඉතාමත් ඉක්මනින් අධිචෝදනා ගොනුකරන බව ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Read More »
ravi karunanayaka knews
පුවත්

ශ්‍රී ලංකා මහබැංකුව හැසිරෙන්නේ අයිඑම්එෆ් එකේ ලංකා බ්‍රාන්ච් මැනේජර් විදිහට – හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇති බැඳීමේ ඉතිහාසය දශක හතකට වඩා පැරණිය. අප රට බොහෝ විට විදේශ විනිමය සංචිත හිඟවීම සහ ගෙවුම් ශේෂ අර්බුද ආවිට ඒවා විසඳා ගැනීම සඳහා අයිඑම්එෆ් සහාය පැතීය. 1950 අගෝස්තු 29 සාමාජිකත්වය ගත් පසු මුල්වරට රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ අරමුණෙන් අයිඑම්එෆ් වෙත දෑත පාන්නේ 1965 දී ඩඩ්ලි සේනානායකය. ඉන්පසුව අපි 2016 දී 16 වන වතාවටත් අයිඑම්එෆ් වෙත ගොස් විස්තීරණ ණය පහසුකමක් හරහා ඩොලර් බිලියන 1.5ක ණය පහසුකමක් ලබා ගත්තෙමු. දැන් අපි 17 වෙනි වතාවටත් අයිඑම්එෆ් හමුවට ගොස් සිටිමු. පසුගිය 16 වතාවටත් වඩා තත්ත්වය වෙනස්ය. ජනතාවට හොඳටම ආර්ථික බර දැනෙන්න පටන්ගෙන ඇත. අයිඑම්එෆ් යනු යකෙක්ද? knews වන අප ඒ පිළිබඳව සංවාදයක් අරඹන්නට සිතුවෙමු. එහි පළමු සංවාදයට අප හා එක්වන්නේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකය. එයට හේතුව 16 වෙනි වතාවට අයිඑම්එෆ් හමුවට යනවිට, ඊට ආණ්ඩුව පැත්තෙන් ඔහු නායකත්වය ලබාදීමය. එකල ඔහු මුදල් ඇමැතිය. අයිඑම්එෆ් යනු කුමක්ද කියලා මම ඔබගෙන් ඇහුවොත්.. අයිඑම්එෆ් කියලා කියන්නේ හිසරදයට බාම් එකක් ගානවා වගේ දෙයක්. නමුත් අපේ වැඩේ වෙන්න ඕනෑ හිසරදයට ස්ථිර විසඳුමක් සොයාගෙන, මේක නිට්ටාවට සුවකරගන්න එක. එහෙම නැතිව හිසරදය හැදුණු ගමන් දුවලා ගිහින් බාම් ටිකක් ගාගෙන එන එක නෙවෙයි වැඩේ. නමුත් අපි දිගටම කරලා තිබෙන්නේ ඒක. රටක් බංකොළොත්භාවය ප්‍රකාශයට පත්කළාම ඒ ප්‍රශ්නයෙන් එළියට එන්න අවශ්‍ය එක මෙවලමක් විතරයි අයිඑම්එෆ් කියලා කියන්නේ. මේ අර්බුදයෙන් ගොඩ එන්නට අපිට අවශ්‍ය නම් තව මාර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. 2022 අප්‍රේල් මාසයේ 12 වෙනිදා මහබැංකුව විසින් අපි බංකොළොත් කියලා බංකොළොත්භාවය ප්‍රකාශයට පත්කළාට පස්සේ අපිට ආසන්නතම වෙන විකල්පයක් තිබුණේ නෑ. මුලින්ම අපිට පෙනුණු පාර තමයි අයිඑම්එෆ්. එහෙම ගියාට පස්සේ ඔවුන් දෙන බෙහෙත් වට්ටෝරුව ගිලිනවාද නැද්ද කියන දේ තමයි ඊළඟට තියෙන්නේ. ඒක තීරණය කරන්න රාජ්‍ය පාලනයේ ප්‍රවීණත්වය අවශ්‍යයි. දැන් රටේ ජීවත්වෙන අහිංසක දුප්පත් ජනතාව තමයි දන්නේ මේ බෙහෙත තිත්තද නැද්ද කියලා. මේ අවස්ථාවේදී අයිඑම්එෆ් එක ඔවුන්ගේ සුපුරුදු වැඩේ තමයි කරන්නේ. ඔවුන්ට ලෝකයේ කොහේ මෙහෙම ප්‍රශ්නයක් ආවත් විසඳුම මේකම තමයි. ආදායම වැඩිකරගෙන වියදම අඩුකරගෙන කෘත්‍රිමව ගොඩ එන්නේ මෙහෙමයි කියලා පෙන්වනවා. මම තමයි 16 වෙනි වතාවේ අයිඑම්එෆ් ගියේ මුදල් ඇමැති වශයෙන්. ඉතින් මම දන්නවා ඔවුන් කරන්න කියලා කියන දේවල්. ඔවුන් මේ පොළොව දන්නේ නෑ. මෙහේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන ඔවුන්ට ඇත්ත අදහසක් නෑ. එතකොට දේශීය නියෝජිතයෝ විදිහට අපි දැනගන්න ඕනෑ හරියට ඔවුන් එක්ක සන්නිවේදනය කරන්න. භූමියේ තත්ත්වය ඔවුන් එක්ක හරියට සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඔවුන් කියන හැම දෙයක්ම බිම බලාගෙන අහගෙන ඉඳලා ඔළුව වනලා ඇවිත් හරියන්නේ නෑ. මුලින්ම අපි පෙන්වන්න ඕනෑ අපි මේක හැන්ඩ්ල් කරන්න දන්නවා කියලා. අපි නොදන්නවා කියලා ඔවුන්ට පෙනුණොත් ඔවුන් කෙළින්ම කරේ නඟින්න තමයි එන්නේ. අද වෙලා තියෙන්නේ ඒක. අද ශ්‍රී ලංකා මහබැංකුව හැසිරෙන්නේ අයිඑම්එෆ් එකේ ලංකා බ්‍රාන්ච් මැනේජර් විදිහට. මේක තමයි තියෙන ප්‍රශ්නය. අපි ආත්ම ශක්තියක් එක්ක නැඟී සිටින්න අවශ්‍යයි. ඔබලා කියනවා ආදායම වැඩි කරගන්න කියලා, ඔව් අපි වැඩි කරගන්නවා, නමුත් ඔබ පිළිගන්න ඕනෑ අපේ කොන්දේසි මිසක් අපි ඔබලාගේ කොන්දේසි පිළිගන්න එක නෙවෙයි කියලා, අපි කෙළින්ම කියන්න ඕනෑ. ඔවුන් කියන්නේ මොකක්ද? ඔවුන් කියනවා රාජ්‍ය ආදායම වැඩි කරගන්න කියලා. වියදම ආදායමට වඩා අඩු කරගන්න කියලා. පාඩුවට බඩු විකුණන්න එපා, සහන දෙන්න එපා කියලානේ ඔවුන් කියන්නේ. ඉතින් මේක අයිඑම්එෆ් කියන්න ඕනෑද? නමුත් මෙතන තියෙන බරපතළ ප්‍රශ්නය තමයි – දැන් මෙහෙම හිතන්නකෝ – ඔවුන් කියනවා උපයන විට ගෙවන බද්ද 36%ක් කරන්න කියලා. ඒක සරල නෑ. ඒක පොඩි ගාණක්ද? පර්චසින් පවර් කියලා සංකල්පයක් තියෙනවා ඒක තියාගෙන තමයි බදු ගහන්න ඕනෑ. මිනිහෙක්ට අපි ගහන බද්ද තමන්ට එන ආදායමෙන් දෙන්න පුළුවන් වෙන්න එපැයි. ඔහු කන්නේ බොන්නේ නැද්ද ඒ එන ආදායමෙන්. ඔවුන් තමන්ගේ එදිනෙදා ජීවිතය ගෙවන්න ඒ මුදල් පාවිච්චියට ගන්නේ නැද්ද? එතකොට අයිඑම්එෆ් ඇවිත් බද්ද 36%ක් ගහන්න කියලා කිව්වට වැඩක් නෑ, ඒක ඔරොත්තු දෙන්නේ නැත්නම්, මේ රටේ ජනතාවට. අපි බදු ආදායම උපයන්න ඕනෑ ගෙවන්න පුළුවන් හැකියාව තියාගෙන. මේ වගේ ගොඩාක් දේවල් තිබෙනවා. මම නම් හිතන්නේ මේවා අපේ පාර්ශ්වයේ වැරදි කියලා. අපි මේවා හරියට සාකච්ඡා කරන්න අවශ්‍යයි. මේක හදන්න බැරිකමක් නෑ. අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බැරිකමක් නෑ. ඒවට යම් යම් සහන දෙන්න වෙනවා. අපනයන දිරිගන්වන්න ඕනෑ. ඒ වගේ දේවල් තියෙනවා කරන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙහේ ඇවිත් කියන්න බෑ දිරිගැන්වීම සඳහා බදු සහන දෙන්න බෑ කියලා. දෙන්න බැහැ නම් ගෙවන්නත් බැහැ කියලා කියන්න ඕනෑ. ඇයි ඒ ආත්ම ශක්තිය නැත්තේ එහෙම කියන්න. අපේ කාලේ අපි ඒක කිව්වා. ඒකට එයාලා යම් ප්‍රතිචාරයක් දැක්වූවා විතරක් නෙවෙයි එයාලා අපිට යම් ගෞරවයකුත් ලබාදුන්නා. ඔබ කියනවා ලංකා බලධාරීන් අයිඑම්එෆ් එකත් එක්ක හරියට මේවා ඩීල් කරන්නේ නෑ කියලා. ඒත් තවමත් ශ්‍රී ලංකන් රජයේ සහන උඩ ජනතාවගේ බදු මුදලින් තමයි දුවන්නේ.. ශ්‍රී ලංකන් විකුණන්න කියලා කියද්දි ඔය යසට තියාගෙන ඉන්නේ අයිඑම්එෆ් එකත් එක්ක සාකච්ඡා කරලා නෙවෙයිද? ශ්‍රී ලංකන් ගොඩනඟන්න බදු සහන දෙනවා, ඒකට ජනතාවගේ බදු සල්ලි පොම්ප කරනවා කියන එක හරිද? ලංගමට යම් සහනයක් දුන්නට කමක් නෑ නමුත් ශ්‍රී ලංකන් කියන්නේ එහෙම සහන දිය යුතු එකක් නෙවෙයි. අපි මෙහෙම හිතමු, ජපානයේ ඉන්න මිස්ටර් ෆූ යනවා එංගලන්තයට එතකොට අපි එයාට පාඩුවට ටිකට් එකක් වික්කාම ඒක දරන්න වෙන්නේ අපේ බදු ගෙවන්නන්ට නෙවෙයිද? එතකොට ඒක කොහොමද අපි තේරුම් ගන්නේ. ඒක හරි දෙයක්ද? ඒ නිසා මේ වගේ දේවල් වාණිජකරණය කරන්න අවශ්‍යයි. ශ්‍රී ලංකන් ගිය අවුරුද්දේ විතරක් රුපියල් කෝටි 2300ක අලාභයක් ලබලා තියෙනවා. මේ කෝටි 2300 ගෙවන්නේ ඔබ අපි. අපි මේ සහනය දීලා තියෙන්නේ අපේ ලංගම බස් එකේ යන සුගතදාස හරි අපේ චෙල්ලයියා හරි අපේ යූසුෆ්ට හරි නෙවෙයි විදේශිකයන්ට. ඉතින් විදේශිකයන්ට මෙහෙම ලොකු සහනයක් අපේ පොකට් එකෙන් අරගෙන දෙන එක ප්‍රශ්නයක් නොවෙයිද? අයිඑම්එෆ් එක මොකක්ද මේ ගැන හිතන්නේ? ඔවුන් මෙතැනදී තවමත් බලාගෙන ඉන්නවා. තෙල් මිල වැඩි කරන්න කීවාම ආණ්ඩුව හා කියලා වැඩි කරනවා. මේ දෙපාර්ශ්වයම මෙහෙම ගමනක් තමයි යන්නේ. මේ දෙපාර්ශ්වයටම භූමිය ගැන ජනතාව ගැන අදහසක් නෑ. සංඛ්‍යා දත්තවලින්ම විතරක් රටවල් හදන්න බෑ. ඔවුන් පහුගිය දවස්වල 5 සහ 6 සමාලෝචනයන්වලට පස්සේ වාර්තාවක් දැම්මා. එහි කියන විශේෂ කරුණු මොනවාද? අපි ණය බරතාවයෙන් එළියට එන්න ඔළුව දාලා තියෙනවා නමුත් තවමත් කඳ ඇතුළේ කියලා තමයි ඔවුන් කියන්නේ. කඳ එළියට ගන්නකොට මීට වඩා බැරෑරුම් තත්ත්වයක් උදාවෙයි කියලත් කියනවා. රුපියල අවප්‍රමාණය කරන්න, පොලී අනුපාතය වැඩි කරන්න ඕනෑ කියලත් කියනවා. ඉතින් මේවා කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක් අවශ්‍යද? නෑනේ. මිනිස්සුන්ගෙන්ම සල්ලි අරගෙන ආයෙත් කරකවලා ගහන්නයි තියෙන්නේ. නමුත් ඉතින් ඕක කරන්න ගියොත් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. ප්‍රශ්නය තියෙන්නේ ඒක දන්නේ මේ පොළොවේ ඉන්න අපි. සුද්දා ඒක දන්නේ නෑනේ. සුද්දා ඇවිත් ශේෂ පත්‍රයක් බලලා කියනවා, ආදායම මදි වියදම වැඩියි, ඒ නිසා ඔන්න කෘත්‍රිමව වැඩේ කරන්න කියලා. ඉතින් අපිට කියන්න තියෙන්නේ ඒ අය හොඳයි නමුත් හොඳ මදි කියලා තමයි. කොහොම වුණත් ඕක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා කියන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිසා ගොඩ ගිය රටවල් ඇත්තේම නැද්ද? රටක් බංකොළොත් වුණාට

Read More »
chamindrani knews
පුවත්

2026 උසස් පෙළ මාසයකින්වත් කල් දාන්න – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණි කිරිඇල්ල

2026 උසස් පෙළ විෂය නිර්දේශ ආවරණය කිරීමට ලැබී ඇත්තේ මාස 21ක් වැනි කෙටි කාලයක් බැවින් සහ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිසුන් පීඩාවට පත්ව ඇති බැවින්, විභාගය අවම වශයෙන් මාසයකින් හෝ මාස එකහමාරකින් කල් දමන්නැයි සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මන්ත්‍රීනි චමින්ද්‍රාණි කිරිඇල්ල රජයෙන් ඉල්ලා සිටියි. අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහත්මිය සඳහන් කළේ, කොවිඩ් නිසා ප්‍රමාද වූ කාලසීමාව මෙවර සිසුන්ගේ කාලයෙන් පියවා ගැනීමට කටයුතු නොකොට, ඔවුන්ට සාධාරණ කාලයක් ලබාදිය යුතු බවයි.

Read More »
gunsite trinco knews
පුවත්

ත්‍රිකුණාමලය ගන්සයිට් තවත් අපරාධ එළියට – සීඅයිඩීය ගුහා සිරමැදිරිවලට සීල් තියයි

පුද්ගලයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් රඳවා තබාගෙන කප්පම් ගෙන පසුව ඝාතනය කර මුහුදට දැමුවා යැයි කියන කුප්‍රකට ගන්සයිට් අපරාධ වැලට අමතරව තවත් අපරාධ රැසක් මෙම පරිශ්‍රයේ සිදුව ඇතැයි තොරතුරු අනාවරණය වීම නිසා මෙම භූගත සිරමැදිරි සංක්‍රීර්ණය සීල් කරන්නට සීඅයිඩීය කටයුතු කර ඇතැයි කරුණු වාර්තා වෙයි. ඒ අනුව මෙම පරිශ්‍රය නිරීක්ෂණය කිරීම සඳහා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා එලබෙන 17 වැනි දින මෙම ස්ථානයට පැමිණෙන බව දැනගන්නට ලැබේ. මෙම ලියුම්කරු පුද්ගලයන් 11 දෙනාගේ ඝාතනයන්වලට අදාළව තොරතුරු සොයන කාල‍යේදී මෙම පරිශ්‍රයේ 28 දෙනෙක් පමණ රඳවාගෙන සිට ඝාතනය කර ඇතැයි තොරතුරු තිබුණ අතර එම සංඛ්‍යාව 50ත් 60ත් අතර විය හැකියැයි දැන් වාර්තා වෙයි. 2009 වර්ෂයේ යුද්ධය අවසන් වීමත් සමඟ මෙම ස්ථානය, නාවික හමුදාව විසින් කුප්‍රකට වධකාගාරයක් සේ පවත්වාගෙන ගොස් තිබෙන අතර එය එවක හමුදාපති වසන්ත කරන්නාගොඩ මෙන්ම බොහෝ ඉහළ නාවික හමුදා නිලධාරීන් දැන සිට ඇත. ඡායාරූපය – AI

Read More »
gotabaya pasku knews
පුවත්

මාව අත්අඩංගුවට ගන්න දෙන්න එපා – ගෝඨා උසාවි යයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් එය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත. නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් නම්කරනු ලැබ ඇත්තේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා බව දැනගන්නට ලැබෙයි. මේ වනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රඳවාගෙන ප්‍රශ්න කරන අතර දැනට විමර්ශන කටයුතු වලින් හෙළිදරව් වී ඇති තොරතුරුවලට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මෙම ප්‍රහාරයට සැක බව සීඅයිඩී ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි. මීට අමතරව හිටපු යුද්ධ හමුදා බුද්ධි නිලධාරීන් වන ප්‍රේම් ආනන්ද උදලාගම, රිසාන් අන්සාර් යන අය පිළිබඳව ද මෙම ප්‍රහාරයට අදාළව විමර්ශනයන් සිදුවෙමින් පවතින අතර එහිම දිගුවක් ලෙස මෙම පුද්ගලයන් තිදෙනාටම එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගන්නට සීඅයිඩීය පසුගිය දා කටයුතු කරනු ලැබීය.

Read More »
football worldcup knews
ක්‍රීඩා

ෆුට්බෝල්… බෝවෙන සුලුයි!!!

‘ජවය බෝවෙන සුලුයි…’ ශකීරා 2026 නිල පාපන්දු ගීතයේ තැනෙක එහෙම ගයනවා. ‘පාපන්දුත් බෝවෙන සුලුයි…’ ඇගේ නැටවෙන නිතඹ දිහා බල බල මමත් හිතනවා. එංගලන්තෙ ඉපදිලා බ්‍රසීලයේ රියෝ වෙරළ තීර දිගේ වැඩිවියට පත්වෙච්චි ෆුට්බෝල් හුළඟ මෙදා පාර ඇමරිකාව, මෙක්සිකෝව, කැනඩාවත් හොල්ලගෙන ලංකාවෙ හන්දි ගානෙත් දූවිලි අවුස්සන්න පටන් අරන්. උතුරු ඇමරිකානු රටවල් ත්‍රිත්වයක්ම එකපාර හෙල්ලෙන්න හේතුව තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට රටවල් තුනක් එකතු වෙලා පාපන්දු ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දීමට පිළිවෙතින් පෙළගැසීම. රටවල් තුනේ නගර 16ක් පුරා කණ්ඩායම් 48ක් දවස් 39ක් තිස්සේ තරඟ 104කට සහභාගීත්වය ලබා දෙනවා. 1998 ඉඳලා 2022 වෙනකල්ම වර්ල්ඩ් කප් එක වෙනුවෙන් සෙල්ලම් කළේ කණ්ඩායම් 32ක් විතරයි. වෙනස්කම් ගොඩක් එක්ක පැවැත්වෙන මෙදා සැරේ ලෝක කුසලානය ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසයේ දීර්ඝතම තරඟාවලිය වෙන්නෙ ඔන්න ඔහොමයි. රටවල් තුනකට සත්කාරකත්වය හිමිවුණාට තරඟාවලිය පුරාවටම පැතිරිලා තියෙන්නෙ යැංකි ආධිපත්‍යයම තමයි. අර්ධ අවසන් පූර්ව වටය, අවසන් පූර්ව වටය සහ අවසන් මහා තරඟය ඇතුළු සමස්ත තරඟවලින් 3/4ක් ම පැවැත්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ජුලි 20 වැනි දාට ආසන 82,500 කින් සමන්විත නිව් ජර්සි හි දැවැන්ත මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයෙන් 2026 මහා පාපන්දු සැණකෙළිය අවසන් වෙන්නට නියමිතයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට කියලා පටන්ගත්ත ලැයිස්තුව තවමත් ඉවර නෑ. පාපන්දු කුසලානයට තුන් වතාවක් නිල සත්කාරකත්වය ලබා දුන් පළමු රට හැටියට මෙක්සිකෝව පත්වෙනවා. යුනෙස්කෝ සංස්කෘතික උරුමයක් විදියට ප්‍රකාශයට පත්කරපු මරියාචි සංගීතයට තාල තියන ගමන්, ටිකිලා උපන් නගරයේදි ටිකිලා උගුරක් රසවිඳින්න එන්න කියලත් පාපන්දු කුසලානය වෙනුවෙන් පැමිණෙන සංචාරකයන්ට මෙක්සිකානුවන් ආරාධනා කරනවා. කැනඩාවට නිල සත්කාරකත්වය හිමිවෙන පළමු වතාවත් මේකයි. 1994 අවුරුද්දෙන් පස්සෙ ඇමරිකාව පළමු වතාවට ෆිෆා ලෝක කුසලානයේ සත්කාරකත්වය දරනවා. 2026 වර්ල්ඩ් කප් එකත් එක්ක මැස්කොට් කෙනෙක් වෙනුවට මැස්කොට්ලා තුන් දෙනෙක්ම එළියට බැහැලා. සත්කාරක රටවල් තුනට වෙන වෙනම මැස්කොට්ලා තුන්දෙනෙක් ඉන්නවා. ඒකත් ෆිෆා සැණකෙළි ඉතිහාසයේ ප්‍රථම වතාවට වෙන වැඩක්. කැනඩාවට අයිති ගෝල් රකින මේපල් සංගීතයට ගොඩක් කැමති කලාකරුවෙක්. සෙල්ලම් නොකරන වෙලාවට නටන්නත්, කෑම කන්නත් කැමති Zසයූ එන්නෙ මෙක්සිකෝවේ කැලෑවලින්. එයා හොඳ ස්ට්‍රයිකර් කෙනෙක්. මැදපෙළ ක්‍රීඩක ක්ලච් කියන්නෙ ඇමරිකාවෙ මැස්කොට්. එයා චියර්ලීඩර් කෙනෙක් වගේම ක්‍රියාදාම වැඩ කරන්න රුසියෙක්. සංගීත ලෝලීන්ටත් මේ ලෝක කුසලානය ටිකක් විශේෂයි. වෙනදට NFL තරඟයට පමණක් සීමා වුණු සුපර් බෝල් හාෆ් ටයිම් ප්‍රසංගය ප්‍රථම වතාවට ෆිෆා කුසලානයේ අවසන් මහා තරඟයේදි ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවට ෆිෆා සභාපති තහවුරු කරලා තියනවා. තරඟ නැරඹීමට ඇදෙන මහා පරිමාණ සංචාරක පිරිසට පොදු ප්‍රවාහන සේවාව උපරිම කරන්නත්, නගරාන්තර පියාසරකිරීම් වලදි වුණත් බලශක්ති පියසටහන පුළුවන් තරම් අවම කරන කාලසටහන් හදලා පරිසර හිතකාමී විදියට තරඟාවලිය පවත්වන්න කටයුතු කරන බවත් සඳහන්. ඇමරිකානු ඩොලර් මිලියන 655 ක තෑගි මුදලක් ජයග්‍රාහකයින් වෙනුවෙන් සූදානම්. ජයග්‍රාහී කණ්ඩායම ගෙදර අරන් යන තෑගි මල්ලෙ වටිනාකම ඩොලර් මිලියන 50ක්. දිනුවත් පැරදුණත් සහභාගීත්වය තමයි වටින්නෙ කියලා තරඟාවලියට සහභාගී වුණු හැම කණ්ඩායමකටම ඩොලර් මිලියන 10.5 බැගින් ලැබෙනවා. මෙවර රන් කුසලානයට හිමිකම් කියන කණ්ඩායම කවුදැයි දැනගන්න ලෝකෙ පුරාම ඉන්න ක්‍රීඩාලෝලීන් නොඉවසිල්ලෙන්. සූදු අන්තුවො මහා පරිමාණෙන් ඔට්ටු අල්ලනවා. AI මෙවලම් විසින් දත්ත පිරික්සමින් සම්භාවිතාවයන් ගණනය කරනවා. ඒ අතරේම පිට පිට සිව් වතාවක් (2010, 2014, 2018, 2022) ජයග්‍රාහී කණ්ඩායම නිවැරදිව ප්‍රකාශ කරපු EA ස්පෝට්ස්ලාත් මෙවර දිනන්නේ ස්පාඤ්ඤය යැයි අනාවැකි කියනවා. කවුරු ජයග්‍රහණය කළත් මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ හදවත් දිනාගත් ‘GOAT’ ඉන්න අවසාන ලෝක පාපන්දු වසන්තය මේකයි. සැබෑ ගෝට් මෙසී ද නැත්නම් රොනාල්ඩෝ ද කියලා පාපන්දු ලෝලීන් අතර තියෙන්නෙ සදාතනික විවාදයක්. අසමසම ක්‍රීඩා යුගයක නිමාව සනිටුහන් කරමින් පාපන්දු රජවරු දෙදෙනෙක් එකවර ලෝක කුසලාන පිටියෙන් සමුගන්නා ඓතිහාසික මොහොත දෙස මුළු මහත් ලෝකයක් දෑස් දල්වා බලා සිටින බවට සැකයක් නෑ. -ද බියුටිෆුල් ගේම්- පාපන්දු පුරාවෘත්තය පේලේ කිව්වෙ එහෙමයි. -නර්මදා විජේගුණරත්න-

Read More »
world oil prices knews
පුවත්

ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල පහළට. අපෙත් අඩු කරයිද?

එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇතිවී තිබෙන මූලික සාම එකඟතාව නිසා සහ ලෝක බොරතෙල් සැපයුමේ කේන්ද්‍රය වන හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීමට ඇති බලාපොරොත්තුවත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළ බසිමින් ඇත. මෙම නව සාම වටපිටාව සමඟ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 83ත් 84ත් අතර අගයක් ගෙන ඇති අතර ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80ත් 81.50ත් අතර අගයක් වෙත පහත බැස ඇත. පසුගිය මැයි මාසයේදී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 100යේ සීමාව ඉක්මවා ගොස් තිබුණු අතර ඒ අනුව ලෝකයේ බොහෝ රටවල තෙල් මිල ඉහළ ගියේය. මෙම නව තත්ත්වයත් සමඟ පසුගිය අප්‍රේල් මැද භාගයෙන් පසු පළමු වතාවට එක්සත් ජනපදයේ සාමාන්‍ය සිල්ලර පෙට්‍රල් මිල ගැලුමක් සඳහා ඇමෙරිකානු ඩොලර් 4ට වඩා අඩු අගයක් ගෙන ඇතැයි වාර්තා වෙයි. එළඹෙන ජුනි 19දා පැවැත්වෙන නිල අත්සන් තැබීමේ උත්සවයෙන් පසුව ගිවිසුමේ කරුණු මාධ්‍ය වෙත නිකුත් කරන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන අතර ඔහුගේ ප්‍රකාශයට අනුව එදිනම හෝමූස් යළි නෞකා ගමනාගමනය සඳහා විවෘත වනු ඇත. එක්සත් ජනපද ජනාධිපතිවරයා කුමක් කීවත් මෙම මුහුදු තීරයේ රඳවා ඇති පුපුරන ද්‍රව්‍ය ඉවත් කිරීම ලේසි නැති බව බටහිර මාධ්‍ය වාර්තා කරයි. මෙම නව තත්ත්වයත් සමඟ ලෝකයේ බොහෝ රටවලට ඉහළ දමනු ලැබූ ඛනිජ තෙල් මිල පහත හෙළීමට සිදුවනු ඇතැයි කරුණු වාර්තා වුවත්, ලංකාව ඛනිජ තෙල් මිල ලෝක වෙළෙඳපොළේ විශාල වශයෙන් අඩුවුණත් ටික කාලයක් මේ මිල ගණන්ම පවත්වාගෙන යනු ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙයි.

Read More »
suger sunil hadunneththi knews
පුවත්

හඳුන්ගේ සීනි කඩෙන් කෝටි 319ක පාඩුවක්!

ලංකා සීනි සමාගම විසින් පසුගිය 2025 වසර තුළ රුපියල් මිලියන 3,193ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙනවා. මෙම සමාගම රටේ ආර්ථිකය යහපත් මට්ටමක නොතිබුණු 2021, 2022 හා 2023 වසර වලදීද පිළිවෙලින් රුපියල් මිලියන 1,250ක, රුපියල් මිලියන 6,045ක හා රුපියල් මිලියන 2,835ක ලාබ වාර්තා කර තිබුණු ආයතනයක් වුවත් 2024 වසර අවසන් වන විට පාඩු ලබන තත්ත්වයට පත් වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි. පසුගිය වසර තුළ රුපියල් මිලියන 3,193ක පාඩුවක් ලැබීමට පෙර, 2024 වසර තුළද ලංකා සීනි සමාගම විසින් රුපියල් මිලියන 1,944ක පාඩුවක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව, 2023දී රුපියල් මිලියන 1,597ක ලාභාංශ මුදල් රජයට ලබා දී ඇති ලංකා සීනි සමාගම විසින්, මුදල් අමාත්‍යාංශ වාර්තා අනුව, 2024 හා 2025 වසර වලදී රජයට කිසිදු ලාභාංශයක් ලබා දී නැහැ. පාඩු ලබමින් පවත්වාගෙන යාම සඳහා 2025 වසර තුළ රුපියල් මිලියන 600ක බදු මුදල් ලංකා සීනි සමාගම වෙත පොම්ප කර තිබෙනවා. ලංකා සීනි සමාගම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක්. දිලුම් අමුණුගම හා රමේෂ් පතිරණ වැනි ඇමති වරුන් ය‍ටතේ පාලනය වෙද්දී ලාභ ලැබූ මෙම සමාගම මේ වන විට පාලනය වන්නේ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යටතේයි. 2023දී සීනි අලෙවියෙන් රුපියල් මිලියන 10,025ක ආදායමක් ලබා තිබුණු මෙම ආයතනය සීනි විකිණීම සඳහා අලුතෙන්ම අලෙවිහල් විවෘත කිරීමෙන් පසුවද 2025දී සීනි අලෙවි කර උපයා ඇති ආදායම රුපියල් මිලියන 6,335ක් පමණයි. -ඉකොනොමැට්ටා-

Read More »
afanasy nikitin seamount knews
ගවේෂණ

ලංකාව සතු ඩොලර් බිලියන ගණනක කෝබෝල්ට් කන්ද ඉන්දියාව ගනියි ද?

ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව හිමිකම් කියන සාගර කලාපයේ ස්ථානගතව තිබෙනවා යැයි කියන ඩොලර් බිලියන ගණනක් වටිනා කෝබෝල්ට් නිධිය තමන් සතුකරගන්නට ඉන්දියාව රාජ්‍යතාන්ත්‍රිකව උත්සාහ කරමින් ඇතැයි ද එයට ශ්‍රී ලංකාවේ දේශපාලන බලාධිකාරයෙන් විරෝධයක් නැතැයි ද කරුණු වාර්තා වෙයි. මධ්‍යම ඉන්දියන් සාගරයේ පිහිටි කිලෝමීටර් 400ක් දිගැති, සාගර පතුලේ සිට මීටර් 1,200ක් ඉහළට විහිදෙන මෙම අෆානාසි නිකිටින් මුහුදු කන්ද, විද්‍යුත් වාහන බැටරි සඳහා අත්‍යවශ්‍ය වන කෝබෝල්ට් බහුල ෆෙරෝමැංගනීස් ස්ථරවලින් සහ නිකල්, තඹ සහ රත්‍රන් වැනි වටිනා ලෝහවලින් පොහොසත් බව ප්‍රකාශ වෙන අතර ඉන්දියාව පසුගිය 2024 ජනවාරි මාසයේදී මෙහි වර්ග කිලෝමීටර් 3000ක ප්‍රදේශයක් ගවේෂණය කිරීමට ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරියට අයදුම් කර ඇති අතර එවක ශ්‍රී ලංකා ආණ්ඩුව එම අයදුමට සිය විරෝධය දක්වා ඇත්තේ එය තම දීර්ඝ කරන ලද මහාද්වීපික තලයට අයත් බව ප්‍රකාශ කරමින් ය. මෙහිදී ඉන්දියාවේ ස්ථාවරය වී ඇත්තේ මෙම නිධිය පිහිටා ඇති සාගර කලාපය කිසිදු රටකට අයිති නැති ජාත්‍යන්තර මුහුදු කලාපයක බැවින් එහි ගවේෂණය සඳහා තමන්ට අවසර ලැබිය යුතු බවය. ශ්‍රී ලංකාව 2009 වසරේදී ඉදිරිපත් කළ අනන්‍ය ආර්ථික කලාපයෙන් ඔබ්බට මුහුදු තීරය වෙනුවෙන් හිමිකම් පෑමේ ඉල්ලීම පිළිබඳව තවමත් එක්සත් ජාතීන්ගේ මහාද්වීපික තල සීමා පිළිබඳ කොමිසම අවසන් තීරණයක් ලබා දී නොමැති තත්ත්වය තුළ ඉන්දියාවේ මෙම අයදුම්පත ජාත්‍යන්තර නීතියට අනුව අනුමත කළ නොහැකි වුණත් මෙය රාජ්‍යතාන්ත්‍රික උපාය මාර්ගයක් මගින් තමන් සතු කරගන්නට ඉන්දියාව ශ්‍රී ලංකාවේ වර්තමාන රජය සමග සාකච්ඡා සිදුකරමින් ඇතැයි කරුණු වාර්තා වෙයි. ලෝකය ෆොසිල ඉන්ධනවලින් බැහැරව පුනර්ජනනීය බලශක්තිය දෙසට ගමන් කරන විට විද්‍යුත් බැටරි සඳහා ඇති ඉල්ලුම ඉහළ යන අතර ඒ සමග මෙම බැටරි නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන කෝබෝල්ට් මිල ඉතා ඉහළ මට්ටමක යනු ඇත. ඒ අනුව මෙම නිධියේ වටිනාකම ශ්‍රී ලංකාවේ වත්මන් විදේශ ණය බර පියවීමට පවා සෑහෙන බව ප්‍රකාශ වෙයි. දැනට ලෝකයේ කෝබෝල්ට් ඒකාධිකාරය චීනය සතු අතර, ඉන්දියාව චීනයේ මෙම ඒකාධිකාරය බිඳ දැමීම සඳහා මෙම නිධියේ අයිතිය වෙනුවෙන් චීනය සහ ලංකාව සමග තරගයක නිරත වෙමින් සිටින බවත්, එය රාජ්‍යතාන්ත්‍රිකව තම රටේ වාසියට හරවා ගන්නට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කළ යුතු බවත්, මේ පිළිබඳව අවධානයෙන් සිටින ගවේෂකයන්ගේ මතයයි. අපි knews අපි මේ පිළිබඳව සොයාබලන්නට තීරණය කළෙමු. මධ්‍යම ඉන්දියන් සාගර පතුලේ පිහිටි මෙම කඳු වැටිය කිලෝමීටර් 400ක් පමණ දිග ය. එහි පළල කිලෝමීටර් 150ක් පමණ ය. කඳු වැටිය සාගර පතුලේ සිට මීටර් 3,000කට වඩා ඉහළට විහිදෙන බවද එහි ඉහළම තුඩ සාගර මතුපිට සිට මීටර් 1,200ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බව ද සොයාගෙන ඇත. මෙම මහා කඳු පන්ති, භූ විද්‍යාත්මක නිමැවුමට හේතුව, භූ විද්‍යාඥයන් පවසන පරිදි, මීට වසර මිලියන 75-90කට පෙර සිදුවූ ගිනිකඳු ක්‍රියාකාරිත්වයක් ය. අෆානාසි නිකිටින් හරි අමුතු නමක් ය. ඒ නිසාම මේ නම කොහෙන් ආපු නමක් දැයි සිතීම වැරදි නැත. මෙම මුහුදු කන්දට මේ නම එන්නේ 15 වන සියවසේ ජීවත්වූ සුප්‍රකට රුසියානු දේශ ගවේෂකයෙකු නිසා ය. ඔහුගේ නම අෆානාසි නිකිටින් ය. 1466-1472 අතර කාලයේ ජීවත්වූ මොහු පෘතුගීසි ගවේෂක වාස්කෝ ද ගාමාටත් වසර 30කට පමණ පෙර ඉන්දියාවට පැමිණියේ ය. ඔහු එම සංචාරය අලලා ලියූ A Journey Beyond the Three Seas කෘතිය ඉතිහාසයේ ඉතා වැදගත් සංචාරක සටහන් පොතක් ය. 1950 දශකයේ අග මෙම සාගර කලාපය මුලින්ම ගවේෂණය කර මෙම කඳුවැටිය සිතියම් ගත කළ අතීත සෝවියට් සංගමයේ විද්‍යාඥයන් තම රටේ ශ්‍රේෂ්ඨ දේශ ගවේෂකයා අෆානාසි නිකිටින් ට ගෞරවය දෙන්නට සිතා මෙම කඳු වැටියට ඔහුගේ නම යෝජනා කළේය. ඒ 1961 තරම් ඈතකය. අතීත සෝවියට්වරුන් 1960 තරම් ඈතක මුහුද යට මේ කඳු වැටිය සොයා ගත්තත්, මේ කඳු වැටිය පිළිබඳව බොහෝ දෙනෙක් කසුකුසු ගාන්නට පටන් ගත්තේ පසුගිය 2024 ජනවාරියේ දී ඉන්දියාව මෙම මුහුද යට කඳු වැටිය ගවේෂණය කරන්නට ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලීමත් සමඟය. එහිදී ඉන්දියාව මෙම කඳු පද්ධතිය පිහිටි මුහුදු පත්ල කලාපයේ වර්ග කිලෝමීටර් 3,000ක ප්‍රදේශයක් ගවේෂණය කිරීමට ඩොලර් 500,000ක අයදුම්පතක් ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරිය වෙත ඉදිරිපත් කළේය. කන්දේ කෝබෝල්ට් වටිනාකම හා සැසඳීමේදී මේ මුදල අංශුවක් ය. මෙතුවක් කාලයක් සාගර පත්ලේ නිහඬව සිටි කන්දට එකවර පණ ආවේය. හේතුව මෙම කන්ද සතු ඩොලර් බිලියන ගණනක් වටිනා ඛනිජ සම්පතයි. මෙම කන්ද කෝබෝල්ට් බහුල ෆෙරෝමැංගනීස් ස්ථරවලින්ද, විද්‍යුත් වාහන බැටරි නිෂ්පාදනයට අත්‍යවශ්‍ය කෝබෝල්ට් සහ නිකල් වලින්ද පොහොසත් ය. ඊට අමතරව තඹ සහ මැංගනීස් ද ස්මාර්ට් ජංගම දුරකථන සහ අධි-තාක්ෂණික මෙවලම් සඳහා අත්‍යවශ්‍ය දුර්ලභ ඛනිජවලින්ද, මේ කඳු පන්තිය පොහොසත් ය. දැනට කෝබෝල්ට් ඒකාධිකාරය තිබෙන්නේ චීනය අතේය. ලෝක විදුලි වාහන වෙළෙඳපොළ මෙන්ම තම රටේ විදුලි වාහන වෙළෙඳපොළ ද ජය ගැනීමට නම් ඉන්දියාව කෝබෝල්ට් නිකල් වැනි රසායනිකයන් සොයා යා යුතුය. ඒ සඳහා ඔවුන්ට තරග කරන්නට සිදුවෙන්නේ චීනය සමඟය. අත ළඟ තමන්ගේම සාගර කලාපයේ මේ ධන නිධානය මතුවී තිබෙන විට එය තමන් සතු කරගත යුතු යැයි ඔවුන්ට සිතෙන්නේ ඒකය. ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය වීමට ඉන්දියාව යන ගමනට මේ ඛනිජ කන්ද බෙහෙවින් වැදගත් වන්නේ ඒ නිසා ය. අනෙක් පැත්තෙන් ලෝකයේ ඉක්මනින්ම දියුණු වෙන ප්‍රසාරණය වෙන වෙළෙඳපොළ තිබෙන්නේ ඉන්දියාවේය. ඉතිං ඉන්දියාවට තම භූ දේශපාලනික උපාය මාර්ගයන් සාර්ථක කරගන්නට මෙවැනි අවස්ථා මගහැර ගොස් බැරිය. මේ සියලු දේවල් ගැන සිතමින් ඉන්දියාව අද වනවිට මුහුදු පත්ල ගවේෂණයන් ඉක්මන් කර ඇත. ඒ සඳහා නවීන තාක්ෂණය ද විද්‍යාත්මක දැනුමද ඔවුන් ඉතා ඉක්මනින් වර්ධනය කරමින් සිටියි. ගැඹුරු මුහුදේ කැණීම් සිදුකිරීම ලේසි නැත. එය අභ්‍යවකාශයටත් වඩා අමාරුය. එය අතිශය සංකීර්ණ සහ විශාල පිරිවැයක් දැරිය යුතු ක්‍රියාවලියක් ය. ඉන්දියාව මේ වනවිට චීනය හා තරගයක් දෙමින් ඩොලර් මිලියන 400කට වඩා වැඩි මුදලක් ආයෝජනය කරමින් සාගරයේ ගැඹුරට බැස අවසන් ය. සාගරයේ මීටර් 6,000ක් ගැඹුරට මිනිසුන් තිදෙනෙකු රැගෙන යා හැකි ‘මත්ස්‍ය 6000’ වැනි සබ්මර්සිබල් යානා ඉන්දියාව නිපදවමින් සිටින්නේ මෙවැනි ගවේෂණයන් සඳහා ය. මුහුදේ මීටර් 6000ක් යටට කිමිදෙන්නට ඇහැකි මත්ස්‍ය 6000ට, මීටර් 1200ක් ගැඹුරෙන් ඉන්නා අෆානාසි නිකිටින් කජුකනවා වගේ ගවේෂණය කළ හැකිය. අනෙක් පැත්තෙන් ඔවුන් මුහුදු පත්ලේ ඇවිදිමින් ඛනිජ එක්රැස් කළ හැකි රොබෝ යන්ත්‍ර පවා මීටර් 5,270ක් ගැඹුරු මුහුදේ දී සාර්ථකව අත්හදා බලා ඇත. ඉන්දියාව සතුව අති නවීන පර්යේෂණ නෞකා සමූහයක් ඇත. එම නෞකාවන්ට මුහුදු පත්ල සිතියම්ගත කිරීමට සහ ඛනිජ සාම්පල ලබා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණය ඇත. ඉතිං ඉන්දියාව මේ කඳු පන්තිය ගවේෂණය වෙනුවෙන් අවසර ඉල්ලන්නේ මෙන්න මේ තත්ත්වය යටතේ ය. චීන පර්යේෂණ නෞකාවක් වන Shi Yan 6, 2023 සැප්තැම්බර් – ඔක්තෝම්බර් අතර කාලයේ මෙම සාගර කලාපයට පැමිණි අතර එම පර්යේෂණ කාර්යය අතරතුර මේ නැව ලංකාවට ද ආවේ ය. චීනය ශ්‍රී ලංකාව සමග එකතුව මෙම මුහුදු කලාපය ගවේෂණය කරන්නට උනන්දු බවද කියවෙයි. මෙම චීන-ශ්‍රී ලංකා සහයෝගීතාවය ද මෙම අවසර ඉල්ලීමට හේතුවක් වන්නට ඇත. ඉන්දියාවට, ඉන්දීය සාගර කලාපයේ සම්පත් තමන් සතු කරගැනීම සඳහා වැඩපිළිවෙලක් ඇත. එමෙන්ම මෙම සාගර කලාපයේ චීන නාවික ක්‍රියාකාරකම් පාලනය කිරීමට ද ඔවුන්ට අවශ්‍ය ය. ඉතිං මේ සියලු තත්ත්වයන් සලකා පසුගිය 2024 ජනවාරියේදී ඉන්දියාව, ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරියෙන් මේ මුහුදු කන්ද ගවේෂණයට අවසර ඉල්ලූ විට ශ්‍රී ලංකාවේ එවක රජය වහාම මැදහත්

Read More »
pilleyan knews
පුවත්

පිල්ලෙයාන්ට ඝාතන 5ක් ගැන චෝදනා…!

නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහිව සීඅයිඩීය විසින් මනුෂ්‍ය ඝාතන 5කට අදාළව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 15දා කරුණු වාර්තා කර ඇතැයි දැනගන්නට ලැබේ. 2008 ජනවාරි 09දා මඩකලපුව නගරයේ කෝවිලක් අසලදී පොලිස් නිලධාරියෙක් ඇතුලුව පුද්ගලයන් දෙදෙනෙක් ඝාතනය කිරීම එම වසරේම මැයි 22දා කාත්තන්කූඩි පොලිස් වසමේ ස්ථානයකදී තවත් පුද්ගලයන් දෙදෙනෙක් ඝාතනය කිරීම, එම වසරේම අගෝස්තු මස 20දා මඩකලපුව වව්නතිව් හිදී තවත් පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව මෙසේ පිල්ලෙයාන් හට චෝදනා එල්ලවෙයි. මෙම පස් පුද්ගල ඝාතනයට හවුල් පුද්ගලයන් 4 දෙනෙක් දැනටමත් සීඅයිඩීය හඳුනාගෙන ඇති අතර ඒ අතරින් ප්‍රධාන සැකකරුවා යැයි කියන පුද්ගලයා දැනටමත් රටින් පැනගොස් ඇති බවත් කරුණු වාර්තා වෙයි. මේ අතර මෙම සිද්ධියට අදාළ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර ඊට අමතරව දැනට ලංකාවේ සිටින තුන්වෙන්නා ලෙස පිල්ලෙයාන් හඳුනාගෙන ඒ පිළිබඳව සීඅයිඩීය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. පිල්ලෙයාන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති එස්. රවින්ද්‍රනාත් ඝාතන විමර්ශනයට අදාළව මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර ඔහු මෙම ඝාතනයන්වලට අදාළව ඊළඟ නඩු දිනයේදී මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට මඩකලපුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. කරුණා-පිල්ලෙයාන් කණ්ඩායම එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත්වූ පසුව අතුරු මිලිටරි කණ්ඩායමක් සේ ක්‍රියාකරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අනීතික ඝාතන, පැහැර ගැනීම්, අතුරුදන් කිරීම් සහ කප්පන් ගැනීම්වල රාජ්‍ය අනුග්‍රහයෙන් නිරතවී ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වෙමින් තිබෙයි.

Read More »