[gtranslate]

Tag: Port City Colombo

fortcity colombo knews
මාකට්ටුව

චයිනා හාබර් ලොක්කා සහ ජනපති හමුව වැදගත් ඇයි?

චීන රාජ්‍ය ඉදිකිරීම් සමාගමක් වන චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපතිවරයා පසුගිය 13 වැනි සෙනසුරාදා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීම රටේ ආර්ථිකය පැත්තෙන් වටිනාකමක් එක්කරන දෙයක් බව කිව යුතුය. දැනගන්නට තිබෙන ලෙස මෙරට චීන ආයෝජන ගැන දෙදෙනා අතර සාකච්ඡා සිදුව ඇත. රට සිය බංකොලොත් බව ප්‍රකාශ කළ පසුව මහා පරිමාණ ආයෝජන රටට ආවේ නැත. විදුලිබල ක්ෂේත්‍රයේ ඉන්දීය ආයෝජන පවා ආපසු හැරී ගිය පසුබිමක මෙම හමුව බෙහෙවින් වැදගත් වෙයි. මෙහිදී ජනාධිපතිවරයාගේ ඍජු සහ දූරදර්ශී නායකත්වය අගයා ඇති චයිනා හාබර් හි සභාපති බායි යින්ෂාන් ප්‍රමුඛ එම නියෝජිත පිරිස, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම හමුවේදී කොළඹ වරාය නගරයේ අනාගතය පිළිබඳව විශාල වශයෙන් සිය අවධානය යොමු කළ බව ප්‍රකාශ වෙයි. එහිදී චීන සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තම සමාගම සහ චීන රජය කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපයට ලබා දී ඇති ව්‍යාපාරික දිරිගැන්වීම් අගය කරන බවය. මීට දශකයකට වඩා එහාට දිවෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය දීර්ඝ කාලීන ප්‍රමාද කිරීම් රැසක් හමුවේ තවමත් තිබෙන්නේ රැකෙන්වා මියෙන්වා තත්ත්වයක ය. එයට හේතුව ලංකාවේ පාලකයන්ගේ වැනෙනසුලු, ලිස්සා යන ආර්ථික ප්‍රතිපත්තීන් බව කිව යුතුය. ඊට ඉන්දීය බලපෑම ද අඩු හෝ වැඩි වශයෙන් එකතු වන්නට ඇත. කෙසේ හෝ කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයක් සේ සංවර්ධනය වී එය දියුණු ගෝලීය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් වීම අප කාගේත් බලාපොරොත්තුවයි. තත්ත්වය එය වුවත්, 2021 වර්ෂයේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සම්මත වීමෙන් පසුව වුවත් අක්වෙරළ බැංකු බලපත්‍ර, බදු විරාම අතුරු ව්‍යවස්ථා සහ ජාත්‍යන්තර බේරුම්කරණ මාර්ගෝපදේශ වැනි අත්‍යවශ්‍ය, සවිස්තරාත්මක රෙගුලාසි ක්‍රියාත්මක කිරීම් තවදුරටත් ප්‍රමාද වෙමින් තිබෙයි. එයට හේතුව රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ උදාසීන ප්‍රතිපත්තීන් විය හැකිය. කෙසේ වුවත් ලෝකයට අධිකව ණය වී පටන්ගත් මෙවැනි ව්‍යාපෘතීන් ඉක්මන් සහ ස්ථිර අදිටනින් අවසන් කර ගැනීමට වෙහෙසීම ජනාධිපතිවරයාගේ මෙන්ම වර්තමාන ආණ්ඩුවේ ඉහළ පුද්ගලයන්ගේ වගකීමය. ඒ අර්ථයෙනුත් මෙම හමුව වැදගත් බව knews අපගේ අදහසයි.

Read More »