[gtranslate]

චයිනා හාබර් ලොක්කා සහ ජනපති හමුව වැදගත් ඇයි?

fortcity colombo knews

චීන රාජ්‍ය ඉදිකිරීම් සමාගමක් වන චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපතිවරයා පසුගිය 13 වැනි සෙනසුරාදා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීම රටේ ආර්ථිකය පැත්තෙන් වටිනාකමක් එක්කරන දෙයක් බව කිව යුතුය. දැනගන්නට තිබෙන ලෙස මෙරට චීන ආයෝජන ගැන දෙදෙනා අතර සාකච්ඡා සිදුව ඇත. රට සිය බංකොලොත් බව ප්‍රකාශ කළ පසුව මහා පරිමාණ ආයෝජන රටට ආවේ නැත. විදුලිබල ක්ෂේත්‍රයේ ඉන්දීය ආයෝජන පවා ආපසු හැරී ගිය පසුබිමක මෙම හමුව බෙහෙවින් වැදගත් වෙයි.

මෙහිදී ජනාධිපතිවරයාගේ ඍජු සහ දූරදර්ශී නායකත්වය අගයා ඇති චයිනා හාබර් හි සභාපති බායි යින්ෂාන් ප්‍රමුඛ එම නියෝජිත පිරිස, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම හමුවේදී කොළඹ වරාය නගරයේ අනාගතය පිළිබඳව විශාල වශයෙන් සිය අවධානය යොමු කළ බව ප්‍රකාශ වෙයි. එහිදී චීන සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තම සමාගම සහ චීන රජය කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපයට ලබා දී ඇති ව්‍යාපාරික දිරිගැන්වීම් අගය කරන බවය.

මීට දශකයකට වඩා එහාට දිවෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය දීර්ඝ කාලීන ප්‍රමාද කිරීම් රැසක් හමුවේ තවමත් තිබෙන්නේ රැකෙන්වා මියෙන්වා තත්ත්වයක ය. එයට හේතුව ලංකාවේ පාලකයන්ගේ වැනෙනසුලු, ලිස්සා යන ආර්ථික ප්‍රතිපත්තීන් බව කිව යුතුය. ඊට ඉන්දීය බලපෑම ද අඩු හෝ වැඩි වශයෙන් එකතු වන්නට ඇත.

කෙසේ හෝ කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයක් සේ සංවර්ධනය වී එය දියුණු ගෝලීය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් වීම අප කාගේත් බලාපොරොත්තුවයි. තත්ත්වය එය වුවත්, 2021 වර්ෂයේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සම්මත වීමෙන් පසුව වුවත් අක්වෙරළ බැංකු බලපත්‍ර, බදු විරාම අතුරු ව්‍යවස්ථා සහ ජාත්‍යන්තර බේරුම්කරණ මාර්ගෝපදේශ වැනි අත්‍යවශ්‍ය, සවිස්තරාත්මක රෙගුලාසි ක්‍රියාත්මක කිරීම් තවදුරටත් ප්‍රමාද වෙමින් තිබෙයි.

එයට හේතුව රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ උදාසීන ප්‍රතිපත්තීන් විය හැකිය. කෙසේ වුවත් ලෝකයට අධිකව ණය වී පටන්ගත් මෙවැනි ව්‍යාපෘතීන් ඉක්මන් සහ ස්ථිර අදිටනින් අවසන් කර ගැනීමට වෙහෙසීම ජනාධිපතිවරයාගේ මෙන්ම වර්තමාන ආණ්ඩුවේ ඉහළ පුද්ගලයන්ගේ වගකීමය. ඒ අර්ථයෙනුත් මෙම හමුව වැදගත් බව knews අපගේ අදහසයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

යෝෂිත අත්අඩංගුවට

බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුව ලැබීමට යාම ආශ්‍රිතව සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සහ මුදල් අවභාවිත කිරීම් ආදිය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා මහබැංකුව හැසිරෙන්නේ අයිඑම්එෆ් එකේ ලංකා බ්‍රාන්ච් මැනේජර් විදිහට – හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇති බැඳීමේ ඉතිහාසය දශක හතකට වඩා පැරණිය. අප රට බොහෝ විට විදේශ විනිමය සංචිත හිඟවීම සහ ගෙවුම් ශේෂ අර්බුද ආවිට ඒවා විසඳා ගැනීම සඳහා අයිඑම්එෆ් සහාය පැතීය. 1950...

2026 උසස් පෙළ මාසයකින්වත් කල් දාන්න – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණි කිරිඇල්ල

2026 උසස් පෙළ විෂය නිර්දේශ ආවරණය කිරීමට ලැබී ඇත්තේ මාස 21ක් වැනි කෙටි කාලයක් බැවින් සහ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිසුන් පීඩාවට පත්ව ඇති බැවින්, විභාගය අවම වශයෙන් මාසයකින් හෝ මාස එකහමාරකින් කල් දමන්නැයි...