මාව අත්අඩංගුවට ගන්න දෙන්න එපා – ගෝඨා උසාවි යයි

gotabaya pasku knews

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් එය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් නම්කරනු ලැබ ඇත්තේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා බව දැනගන්නට ලැබෙයි.

මේ වනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රඳවාගෙන ප්‍රශ්න කරන අතර දැනට විමර්ශන කටයුතු වලින් හෙළිදරව් වී ඇති තොරතුරුවලට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මෙම ප්‍රහාරයට සැක බව සීඅයිඩී ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි. මීට අමතරව හිටපු යුද්ධ හමුදා බුද්ධි නිලධාරීන් වන ප්‍රේම් ආනන්ද උදලාගම, රිසාන් අන්සාර් යන අය පිළිබඳව ද මෙම ප්‍රහාරයට අදාළව විමර්ශනයන් සිදුවෙමින් පවතින අතර එහිම දිගුවක් ලෙස මෙම පුද්ගලයන් තිදෙනාටම එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගන්නට සීඅයිඩීය පසුගිය දා කටයුතු කරනු ලැබීය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...