K News

Trending Now

සංස්කෘතිය

ඩිංගා චිත්‍රපටය පිළිබඳ චින්තන ධර්මදාසගේ සිනමා විචාරය

ඩිංගා ගැන චින්තා..!

ඩිංගා යනු කුළුඳුල් ආදරයේ අහිංසකත්වය, රොමාන්තිකත්වය සහ මිනිස් හැඟීම්වල සැහැල්ලුව සිනමා තිරයට ගෙන එන අපූරු නිර්මාණයකි. චින්තන ධර්මදාසගේ මෙම චිත්‍රපට විචාරය, විකල්ප සිනමාව සහ ආදරයේ ශුද්ධ වූ මොහොතක් පිළිබඳ සංවේදී කියවීමකි.

ඩිංගා ගැන චින්තා..! Read More »

nana knews

අසිරිමත් නානා..!!

නානා නැතිවෙලා දින තුනක් ගෙවිලා. ඔහු ගැන ගොඩක් ගුණ වැයුම් කියවන්නට ලැබෙනවා. මමත් ඔහුගේ සිනමාව දිහා ආපහු බලාගෙන නානාව ආයෙත් කියවන්න තේරුම් ගන්න ටිකක් උත්සාහ කළා. මට මුලින්ම මතක් වුණේ රත්නපුරේ අපිට හම්බවෙන ගෙවුඩ කියන මැණික් වර්ගය ගැන. ගෙවුඩ වටින්නේ නැති මුක්කරු කාලයක් ගෙවිලා ගිහිං දැන් ගෙවුඩ වටිනා නිල් මැණික් වෙනවා. ඒකට කාල කෑල්ලක් අවශ්‍යයි.

අසිරිමත් නානා..!! Read More »

swetlana alexievich knews

“නූතන ශිෂ්ටාචාරයේ ‘බල වන්දනාව’ කෙතරම් භයංකර ද?” – ස්වෙත්ලානා ඇලෙක්සියෙවිච්

1986 අප්‍රියෙල් මස 26 වැනිදා ‍චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය තුළ ලෝක ඉතිහාසයේ එතෙක් නොවූ විරූ දැවැන්තම න්‍යෂ්ටික ප්‍රතික්‍රියක අනතුර සිදු වූ අතර, චර්නොබිල් මෙන්ම යු‍රෝපයේ හතරෙන් තුනක තරම් පැතිරුණු විශාල ප්‍රදේශයක වායු ගෝලය දූෂණය වීමට එය හේතුවක් විය. ‘වොයිසස් ඔෆ් චර්නොබිල් ’ (Voices of Chernobyl) යනු එම ඛේදවාචකයට මුහුණ දුන් සාමාන්‍ය මිනිසුන්ගේ කතාව කියා පාන කෘතියකි.

“නූතන ශිෂ්ටාචාරයේ ‘බල වන්දනාව’ කෙතරම් භයංකර ද?” – ස්වෙත්ලානා ඇලෙක්සියෙවිච් Read More »

akalhi marutha knews

අකල්හි මාරුත සහ කඳුකරයන්ගේ ජීවිත

‘ආදර රත්නේ’ කෙටිකතා සංග්‍රහයෙන් නිර්මාණ දිවිය ඇරඹි ලසන්ත ද සිල්වා, ඌව පළාතේ බදුල්ලේ උපන්, ප්‍රජා පාදක සන්නිවේදනය පිළිබඳ විශේෂඥතා සහිත ජ​නමාධ්‍යකරුවෙකි. ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටයට නිර්දේශිත ‘අගත අනගත’ සහ ඉන්පසු රචිත ‘කඳුළු එක්ක චියර්ස්’ යන නවකතාවලට පසුව ඔහු අතින් ලියවෙන තෙවැනි නවකතාව ‘අකල්හි මාරුත’ යි. කථා පුවතේ හරය ‘අකල්හි මාරුත’ යනු ශ්‍රී ලංකාවේ කඳුකර

අකල්හි මාරුත සහ කඳුකරයන්ගේ ජීවිත Read More »

dilip rohana-knews

දිලිප් රෝහණගෙන් තවත් පොත් දෙකක්..!

‘කසුන්ගිර තරණය’ සහ ‘සුයාමය අසබඩ’ නවකතා රචනා කළ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු, ප්‍රවීණ රංග ශිල්පියෙකු හා සහාය අධ්‍යක්ෂවරයෙකු වන දිලිප් රෝහණ විසින් “සංගිලියම” නමින් නවකතාවක් සහ “උඩැක්කි කෝලම” යනුවෙන් කෙටිකතා සංග්‍රහයක් 2026 සැප්තැම්බර් මස 20 වන ඉරු දින සවස 2.30 ට බොරැල්ල, මරදාන පාරේ පිහිටි සමුද්‍රා පොත්හලේ උඩුමහලේ පිහිටා ඇති ‘සමුද්‍රා ස්ටූඩියෝ’ හිදී ජනගත කෙරේ. මෙහිදී සම්මානනීය

දිලිප් රෝහණගෙන් තවත් පොත් දෙකක්..! Read More »

ae handa methana featured logo 250kb

‘ඒ හඳ මෙතැන’, සුමංගල ශාලාවට එන්න..!

අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය විසින් රචිත ‘ඒ හඳ මෙතැන’ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම සැප්තැම්බර් මස 09 වැනි බදාදා පස්වරු 2.30ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශ්‍රී සුමංගල ශාලාවේදී පැවැත්වේ. උපකුලපතිතුමාගේ සහ පීඨාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමේ අවස්ථාවේදී මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ රසික ජයකොඩි දේශන දෙකක් පැවැත්වීමට නියමිත අතර, සාහිත්‍යයට හා කවියට ලැදි ඔබ සැමට එදිනට සහභාගි විය

‘ඒ හඳ මෙතැන’, සුමංගල ශාලාවට එන්න..! Read More »

wong kar wai cinema visuals knews

නියොන් එළිය, ක්‍රිස් ඩොයිල් සහ වොං කා වායි සිනමාව – අවසන් කොටස

නිර්මාණ ආභාසය පිළිබඳ සාකච්ඡාවේ දී, දෛනික ව මහ මඟ දී නන්නාඳුනන මිනිසුන්ගේ උරිස්වල ගැටෙමින් ඔවුන් පසු කරන, පසු ව ඉබේ ම ඔවුන් හා සම්බන්ධතා නිර්මාණය වන, මහා සමාජයට කැඩපතක් ඇල්ලූ ලාංකේය සාහිත්‍ය නිර්මාණයක් ලෙස කෞශල්‍ය කුමාරසිංහගේ ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ නවකතාව මෙතැනට කැඳවන්නට මට අවැසි ය. වොං කා වායි සහ මුරකමි මෙන් ම කෞශල්‍ය ද

නියොන් එළිය, ක්‍රිස් ඩොයිල් සහ වොං කා වායි සිනමාව – අවසන් කොටස Read More »

falling film knews

වොං කා වායිගේ සිනමා ලෝකය 02 — ප්‍රේමය සහ තනිකම

චුංකිං එක්ස්ප්‍රස්හි දෙවැනි කතාවේ පෙම්වතුන් ද, දවල් හීන දකින, නින්දෙන් ඇවිදින චරිත ය. චිත්‍රපටයේ මේ භාගය වන විට දිස් වන අතිරමණීය දර්ශනයක් තිබේ. අංක හයසිය හැට තුන එක අතකින් කවුන්ටරයට බර වී ඉවත බලා කෝපි තොල ගාන අතර, ෆේයි දෑතින් ම කවුන්ටරයට බර දී දෑත මත නිකට තබා ඔහු දෙස බලා හිඳියි. දෙදෙනා ඉතා මන්දගාමී

වොං කා වායිගේ සිනමා ලෝකය 02 — ප්‍රේමය සහ තනිකම Read More »

chukin 2 knews

වොං කා වායි සිනමාව – 01 — ඒ නියොන් එළියෙන් දිලිසෙන මේ රහස් කවුළුවෙන් එබෙන්න

‘We rub elbows with a lot of people every day.’ මේ ‘චුංකිං එක්ස්ප්‍රස්’ චිත්‍රපටයේ ආරම්භක වැකියයි. ‘අංක දෙසිය විසි තුන දරන කඩවසම් පොලිස් නිලධාරියා’ එසේ කියමින් මහමඟ මිනිසුන් හා උරෙනුර ගැටෙමින් අතිජනාකීර්ණ ‘චුංකිං මැන්ෂන්ස්’ මැදින් තල්ලු වෙමින් හැප්පෙමින් විසි වෙමින් හොංකොං නියොන් එළි අතරින් සොරෙකු ලුහුබැඳ කඩා බිඳගෙන වේගයෙන් දුවයි. එසේ දුවන අතර ඔහුගේ ඇඟේ

වොං කා වායි සිනමාව – 01 — ඒ නියොන් එළියෙන් දිලිසෙන මේ රහස් කවුළුවෙන් එබෙන්න Read More »

one hundred knews 1

කොකේන්, බනානා, මැජික් රියලිසම් සහ අකීකරු පුත්තු

නොබෙල් ත්‍යාගලාභී කොලොම්බියානු මහා ලේඛක ගබ්‍රියෙල් ගර්සියා මාකේස්ගේ ‘වන් හන්ඩ්‍රඩ් ඉයර්ස් ඔෆ් සොලිටියුඩ්’ නොහොත් ‘හුදෙකලාවේ සියවසක්’ නවකතාව, නෙට්ෆ්ලික්ස් විසින් දිගු මාලා නාටකයකට අනුරූපණය කරන්නට යන බව අසා භීතියටත් සන්ත්‍රාසයටත් පත් වූ භක්තිමත් මාකේස්ලෝලියෙකු වශයෙන්, එකී සොළොස් එපිසෝඩ දිගු මාලා නාටකයේ පළමු සහ දෙවැනි කොටස් දෙක ම නැරඹීමෙන් ඉක්බිති සිතෙහි පහළ වූ ගිනිකෙළි සංදර්ශනය පිළිබඳ ව

කොකේන්, බනානා, මැජික් රියලිසම් සහ අකීකරු පුත්තු Read More »