වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?
අභියාචනය සාර්ථක වීමේ සම්භාවිතාව “අතිශයින්ම අඩු” බවට නීතිමය උපදෙස් ලැබී තිබුණේද? අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් දඬුවම තවත් බරපතළ විය හැකි බව අනෝජන්ගේ පවුලට පැහැදිලි කර තිබුණේද?
නීතිමය කටයුතු සඳහා ගෙවූ රුපියල් 1,890,766ට සිදුවූයේ කුමක්ද?
දැන් අනෝජන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා ඉතිරිව ඇති නීතිමය සහ රාජ්‍යතාන්ත්‍රික මාර්ග මොනවාද?
මෙම වැඩසටහනෙන් සිවරාසා අනෝජන්ගේ නඩුව, අභියාචන ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රධාන කරුණු විමසා බලමු.





