පුද්ගලයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් රඳවා තබාගෙන කප්පම් ගෙන පසුව ඝාතනය කර මුහුදට දැමුවා යැයි කියන කුප්‍රකට ගන්සයිට් අපරාධ වැලට අමතරව තවත් අපරාධ රැසක් මෙම පරිශ්‍රයේ සිදුව ඇතැයි තොරතුරු අනාවරණය වීම නිසා මෙම භූගත සිරමැදිරි සංක්‍රීර්ණය සීල් කරන්නට සීඅයිඩීය කටයුතු කර ඇතැයි කරුණු වාර්තා වෙයි.
ඒ අනුව මෙම පරිශ්‍රය නිරීක්ෂණය කිරීම සඳහා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා එලබෙන 17 වැනි දින මෙම ස්ථානයට පැමිණෙන බව දැනගන්නට ලැබේ. මෙම ලියුම්කරු පුද්ගලයන් 11 දෙනාගේ ඝාතනයන්වලට අදාළව තොරතුරු සොයන කාලයේදී මෙම පරිශ්‍රයේ 28 දෙනෙක් පමණ රඳවාගෙන සිට ඝාතනය කර ඇතැයි තොරතුරු තිබුණ අතර එම සංඛ්‍යාව 50ත් 60ත් අතර විය හැකියැයි දැන් වාර්තා වෙයි.
2009 වර්ෂයේ යුද්ධය අවසන් වීමත් සමඟ මෙම ස්ථානය, නාවික හමුදාව විසින් කුප්‍රකට වධකාගාරයක් සේ පවත්වාගෙන ගොස් තිබෙන අතර එය එවක හමුදාපති වසන්ත කරන්නාගොඩ මෙන්ම බොහෝ ඉහළ නාවික හමුදා නිලධාරීන් දැන සිට ඇත.
ඡායාරූපය – AI




