ශ්‍රී ලංකාව කැමති නම් ඉන්දියාව පාලම හදන්න කැමතියි

sri lanka india bridge knews

ශ්‍රී ලංකාව කැමති නම් තමන් වහාම ශ්‍රී ලංකාව හා ඉන්දියාව ගොඩබිමින් යා කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට සූදානම් බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. සඳහා පාලමක් හෝ උමඟක් සෑදීමට ඉන්දියාව සූදානම් බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මාර්ගයකින් සම්බන්ධ කිරීම සඳහා කිලෝමීටර් 30 ක පාලමක් යෝජනා කර ඇති අතර, මෙය 2002 වසරේ සිට නිරන්තරව කාලෙන් කාලයට මතුවෙමින් යට යමින් පවතී. එහෙත් මෙවර ශ්‍රී ලංකාවෙන් ඒ සඳහා විරෝධයක් නොමැති නම් ඉන්දියාව එම පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට සූදානම් බව වාර්තා වෙයි.

පසුගිය දිනෙක ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ගොඩනැගීමේ අවශ්‍යතාව ගැන අවධාරණයෙන් කතා කර තිබූ අතර, එහිදී ඔහු දෙරටේ සමීපතම ස්ථාන දෙකක් අතර දුර කිලෝමීටර් 30ක් තරම් කෙටි වුවත් ඍජු මාර්ගයක් නැතිවීම ගැන මෙන්ම බලශක්ති ජාල සම්බන්ධතාවයක් නැතිවීම අසාමාන්‍ය තත්ත්වයක් බව ප්‍රකාශ කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ස්ථාවර සම්බන්ධයක් භූමිය හරහා ඇතිවීම මගින් මුළු කලාපයේම ආර්ථික‍ය පරිවර්තනය වේ යැයි එහිදී ඔහු විශ්වාසය පළ කර තිබුණි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...