යෝෂිත අත්අඩංගුවට

yoshitha knews

බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුව ලැබීමට යාම ආශ්‍රිතව සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සහ මුදල් අවභාවිත කිරීම් ආදිය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (17) උදේ යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුට පසුගිය 16 දා එම කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබුණත් ඔහුට එම දිනයට පැමිණීමට නොහැකි වී තිබුණු අතර ඒ අනුව අද දිනයේ ඔහු එම කොමිසමට පැමිණි පසුව ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇත.

යෝෂිත රාජපක්ෂ 2006 දෙසැම්බර් 14 වන දින නාවික හමුදාවට එක්වී ඇති අතර, අදාළ තනතුරු සඳහා අවශ්‍යව තිබූ උසස් පෙළ විද්‍යා/ගණිත සුදුසුකම් සපුරා නොතිබුණු ද, පසුව එම සුදුසුකම් සංශෝධනය කර ඔහුව බඳවා ගැනීම, ඔහු නාවික හමුදාවට බඳවාගන්නටත් ප්‍රථම හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් යෝෂිත රාජපක්ෂ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා ඇකඩමියට යැවීම පිළිබඳව එම ආයතනයෙන් විමසා තිබීම, රජයේ මුදල් වියදම් කරමින් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුණු පසුව 2007 වසරේ ජනවාරියේ දී ඔහු මෙම පුහුණුවට බ්‍රිතාන්‍ය වෙත යැවීම ආදී සිදුවීම් කිහිපයක් පිළිබඳව මෙම විමර්ශනයේදී කරුණු සොයා බලන බව ද ඒ අනුව යෝෂිත රාජපක්ෂට විරුද්ධව ඉතාමත් ඉක්මනින් අධිචෝදනා ගොනුකරන බව ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...