කෘතිම බුද්ධිය මිනිසුන්ගේ රැකියා අහිමි කරනවා යන්න මිත්‍යාවක් බවත් ඒ වෙනුවට AI විසින් ශ්‍රමිකයින් සඳහා වැඩි ඉල්ලුමක් ඇති කරනු ඇති බවත් ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් පැරිසියේ පැවති තාක්ෂණික සමුළුවක් අමතමින් ප්‍රකාශ කර ඇත.
ලොව බුද්ධිමතුන් බොහෝමයක් AI මගින් මිනිසුන්ගේ රැකියා අහිමි කරනු ඇති බවට විශාල කනස්සල්ලක් ඇති කර තිබෙන බව ප්‍රකාශ කරන ඔහු තමන් මේ ජනප්‍රිය මතය සමඟ තමන් එකඟ නොවෙන බවත් ඇත්තටම සිද්ධවෙනු ඇත්තේ AI නිසා ශ්‍රම වෙළඳපොළේ විශාල හිඟයක් ඇති වීම බවත් ප්‍රකාශ කරයි.
ලෝකයේ මුල්පෙළේ බිලියනපති ව්යවසායකයෙක්වන ජෙෆ් බෙසොස් මෙසේ ප්‍රකාශ කළේ භෞතික නිෂ්පාදන වේගවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ඔහුගේ නව AI ව්‍යාපෘතිය වන ප්‍රොමිතියස් පිළිබඳව සඳහන් කරමින් ය. යුරෝපයේ විශාලතම තාක්ෂණ ප්‍රදර්ශනය වන VivaTech Paris වෙත පැමිණෙමින් අභ්‍යවකාශ ගවේෂණය සඳහා වන ඔහුගේ දිගුකාලීන දැක්ම ලෝකයට අනාවරණය කරන්නට ද මෙහිදී ඔහු කටයුතු කළේය.






