යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවනු ඇතැයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පසුගිය 9 වැනිදා පාර්ලිමේන්තුවේ දී ඉඟි කළේය.
“අපි මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා. එහි පිරිවැය සහ භාවිත කරන මගීන් සංඛ්‍යාව සීමිත වීම සැලකිල්ලට ගැනීමේ දී සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ප්‍රායෝගික නොවන බව පෙනී ගොස් තිබෙනවා. මේක ඵලදායී ව්‍යාපෘතියක් නොවෙයි කියලා අපි තීරණය කර තිබෙනවා,” යැයි අමාත්‍යවරයා පැවසීය.
මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය වැනි විකල්ප ව්‍යාපෘති ආර්ථික වශයෙන් වඩාත් ලාභදායී බව පෙනී ගොස් ඇති බැවින්, එවැනි විකල්ප ව්‍යාපෘති කෙරෙහි මේ වනවිට අවධානය යොමු කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.






