‘කැන්ඩි ළමිස්සි’ ට සුබ ගමන්..!

mariazelle goonetilleke kandy lamissi tribute knews

ශ්‍රී ලාංකේය සංගීතයේ තවත් එක් මතක හිටින හඬක් සිය ජීවිත සිහිනයෙන් ඇහැරී ඇත. මරියසෙල් ගුණතිලක පරම්පරා කිහිපයකම රසිකයන්ගේ ආදරය සහ ගෞරවය දිනාගත් සුවිශේෂී කලාකාරිනියකි. ඇයගේ සමුගැනීමත් සමඟ ලාංකේය පොප් සහ බයිලා සංගීත ඉතිහාසයේ එක් ස්වර්ණමය යුගයක නිමාව සනිටුහන් වේ.

හැත්තෑවේ දශකයේ දී ලාබාල දැරියක ලෙස සංගීත ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූ මරියසෙල්ගේ හඬ අපිට තවමත් මතකයට නැඟෙන්නේ කැන්ඩි ළමිස්සී ගීතයේ මතකයත් එක්ක පැටලී වෙළීගෙනය. බටහිර සංගීත ආභාසය සහ දේශීය බයිලා සංගීත රිද්මයන් අතරින් ඇය උපන්නා ය. එහෙත් ඇය එක රාමුවකට කොටුවුණ ගායිකාවක් නොවුණා ය. ඇය එක එක සංගීත ශෛලීන්වලට ගීත ගායනා කළාය.

80 සහ 90 දශකවල ප්‍රසංග වේදිකාවේ මරියසෙල්ගේ හඬට සහ පෞරුෂයට හිමිවූයේ සුවිශේෂී ස්ථානයකි. පිනවන්නියක ලෙස වේදිකාවට ගොඩවූ සහ එන්ටර්ටේනර් කියන භූමිකාව හරිහැටි හඳුනගත්ත ලංකාවේ පළවෙනි ගායිකාව ඇය බව මගේ හැඟීමයි. එළිමහන් ප්‍රසංග කලාව ස්ත්‍රී හඬින් සහ දැඟලිල්ලෙන් ඇය මෝහනය කලාය. ඊටපසු ඇය පසුපස අද කාන්තා පොකුරක්ම වේදිකාව දෙවනත් කරමින් සිටියි. ඒ මරියසෙල් පරපුරයි.

ඉතිං කැන්ඩි ළමිස්සීට සුබ ගමන්..!

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...