ෆෙරන් ටොරස්ගේ රන් ගෝලයෙන් ස්පාඤ්ඤය ජය තහවුරු වෙයි..!

fifa final knews

ෆෙරන් ටොරස් 106 වෙනි මිනිත්තුවේ ගහපු ගෝලයත් එක්ක, නිව්යෝර්ක් නිව් ජර්සි ක්‍රීඩාංගනයේ පසුගිය 20වෙනිදා උදේ පැවති, ෆීෆා ලෝක කුසලාන අවසන් මහා තරගයේදී, ලුයිස් ඩි ලා ෆුවෙන්ටේගේ ස්පාඤ්ඤ කණ්ඩායම ආර්ජන්ටිනාව 1-0 ක් ලෙස පරාජය කරමින්, පාපන්දු ඉතිහාසයේ දෙවන වරටත් ලෝක ශූරයන් බවට පත්වුණා.

‘ඒ ගෝලය ගැහුවේ මිලියන 47ක අපේ රටේ මිනිස්සු වෙනුවෙන්. මම එහෙමයි හිතන්නේ’ 2026 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහනය කළ ස්පාඤ්ඤ කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ෆෙරන් ටොරස් තරගයෙන් පස්සේ මාධ්‍යට එහෙම කියනවා.

‘අද දිනයේ ප්‍රතිඵලය කලින්ම ලියවී තිබූ එකක්. අපි අපේ රටේ ජනතාවගෙන් බොහෝ දුරස්ව සිටියත්, තරගය ජයග්‍රහණය කිරීමට අපට අවස්ථාව තිබුණා. මෙසී ප්‍රතිවාදී කණ්ඩායමේ සිටින විට චකිතයක් සැමවිටම ඇති වෙනවා. නමුත් අවසානයේ අපි හැමවෙලාවෙම අපේම පාපන්දු රටාවවෙන් ක්‍රීඩා කළා’. ෆෙරන් ටොරෙස් එහෙම කියනවා.

තරගයේ මුල සිට අග දක්වාම ආධිපත්‍යය දැරුවේ ස්පාඤ්ඤය. දක්ෂතාවය අහසට පොළව වගේ. ඒත් වාසනාව ආවේ සෑහෙන්න පමා වෙලා. එමිලියානෝ මාර්ටිනෙස්ව පහුකරලා පන්දුව හරියට ගෝලයට විදින්න ස්පාඤ්ඤයට 106 වැනි මිනිත්තුව වෙනකම් බලාගෙන ඉන්න උනා. ආජන්ටිනාව මේ තරගයේ ළඳරුවෝ වගේ තමයි සෙල්ලම් කළේ. ඒත් හැමවෙලාවෙම වාසනාව ඔවුන්ගේ අත්දෙක උඩ බලාගෙන හිටියා.

කොහොමවුණත් යුරෝපයේ පාපන්දු ශූරයන් සහ දකුණු ඇමරිකාවේ පාපන්දු ශූරයන් ගේ මේ හමුව පාපන්දු ලෝලීන්ට හොඳ තරගයක් බලන්න අවස්ථාව උදා කළා.

‘ඔවුන් සුවිශේෂී දක්ෂතා ඇති ක්‍රීඩකයින්. ඔවුන් සමඟ මෙම ගමනට එක්වීමට ලැබීම මට මහත් ගෞරවයක්. ආපසු හැරී බලන විට මට ඉතා හැඟීම්බර බවක් තමයි තියෙන්නේ. අපි ක්‍රීඩකයින් සමඟ බොහෝ දේ කතා කරලා තියෙනවා. අපි සියල්ල ජයගෙන තිබෙනවා. එය පුදුම සහගතයි.’ ස්පාඤ්ඤ සාර්ථකත්වය පිටිපස්සේ හිටිය යෝධයා ස්පාඤ්ඤ පුහුණුකරු ලුයිස් ඩි ලා ෆුවෙන්ටේ එහෙම කියනවා.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...