ලිංගිකත්වය වෙනස් කරන්න ඉඩ දෙන චක්‍රලේඛවට අභියෝග කළ පෙත්සම වීසිවෙයි..!

gender transition knews

වෛද්‍යමය ක්‍රියාවලියක් හරහා පුද්ගලයන්ට තම ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමට අවසර දෙන රජයේ චක්‍රලේඛවල නීත්‍යානුකූලභාවයට අභියෝග කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමා ඇත.

විශ්‍රාමික ගුවන් හමුදා සෙබළෙකු වන ශාන්ත ජයතිලක විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර, එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු කිහිප දෙනෙකු නම් කර තිබුණි.

මෙම පෙත්සම නීතියෙන් නියමිත කාලය ඉක්මවා ගොනු කළ එකක් බවට වගඋත්තරකරුවන් විසින් මතු කරන ලද මූලික විරෝධතා ඇතුළු කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම පෙත්සම නිශ්ප්‍රභ කර ඇත.

වත්මන් රජය ද ඇතුළුව පැවති රජයන් විසින් නීතියට පටහැනි ආකාරයෙන් ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමේ ක්‍රියා පටිපාටි සඳහා පහසුකම් සලසා දී ඇති බවත් මෙම පෙත්සම හරහා ප්‍රකාශකරන පෙත්සම්කරු, ජීව විද්‍යාත්මක පදනමකින් තොරව ශල්‍යකර්ම මගින් පුද්ගලයෙකුට තම ස්ත්‍රී පුරුෂභාවය පිරිමියෙකුගේ සිට කාන්තාවක දක්වා හෝ කාන්තාවකගේ සිට පිරිමියෙකු දක්වා වෙනස් කර ගැනීමට ශ්‍රී ලංකා නීතියෙන් අවසර නැති බව තර්ක කරයි.

2016 වසරේදී එවකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ, මනෝ වෛද්‍යවරුන් විසින් කරනු ලබන නිර්දේශ මත පදනම්ව පුද්ගලයින්ට තම ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කරගැනීමට අවසර දී ඇති බවටද ඔහු මෙහිදී තවදුරටත් චෝදනා කර ඇත.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...