මේ දිනවල දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පවත්වන්නට නියමිත 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට (05) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
විභාග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යන ආයතනවල ප්‍රධානීන් අතර මෙම හමුව සිදුවන බව වාර්තා වන අතර, මෙහිදී පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ විභාග කටයුතු සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේ, අගෝස්තු මාසය වැසි අඩු කාලයක් වුවත් මෙවර මෝසම සක්‍රීය වීමත් සමඟ මෙම තාවකාලික කාලගුණ තත්ත්වය දිවයිනට බලපෑවත්, ඉදිරි පැය 72ක කාලය තුළ මෙම වැසි තත්ත්වය පහව යනු ඇති බවයි. ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ උසස් පෙළ විභාගය ලබන 10 වැනිදා ආරම්භ වන විට මෙම තත්ත්වය බොහෝ දුරට මඟ හැරෙනු ඇති බවයි.






