නීති ප්‍රජාවගේ මතයට නෑසූ කන් ඇතිව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය ගෙන එන්නට සූදානම් වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජාත්‍යන්තර විනිසුරු සංගමය සිය කනස්සල්ල පළ කර ඇති බව වාර්තා වෙයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දී ඇත්තේ, මෙවැනි සංශෝධනයක් අත්තනෝමතික, තාවකාලික සහ හදිසි තීරණ මත සිදු නොකළ යුතු බවයි.
1953 වසරේ ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් නගරයේදී ආරම්භ කර ඇති මෙම සංගමය ලෝකයේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර විනිසුරු සංවිධානය වන අතර, එය වර්තමානයේ ඉතාලියේ රෝම නගරය මූලස්ථානය කරගෙන අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා ලෝක මට්ටමින් කැප වී කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයකි.






