දිගාගේ ‘සිඹිමි රඟබිම දිගාවී’ ජනගත කරයි..!

nissanka diddeniya sibimidigavee knews

ප්‍රවීණ රංගන ශිල්පී නිශ්ශංක දිද්දෙණිය විසින් රචිත ‘සිඹිමි රඟබිම දිගාවී’ ස්වයං චරිතාපදානය අගෝස්තු 4 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී ජනගත කරනු ලැබීය.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සාහිත්‍යධර ආචාර්ය ගුණදාස අමරසේකර සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය සුනිල් ආරියරත්න සහභාගි වූහ. ප්‍රධාන දේශනය මහාචාර්ය සරත් විජේසූරිය විසින් සිදු කළ අතර බුද්ධදාස ගලප්පත්ති විසින් කෙටි මතකාවර්ජනයක් සිදු කරනු ලැබීය. මෙම උත්සව සභාවේ පූරක භූමිකාව ප්‍රවීණ මාධ්‍යවේදී සමන් ආතාවුදහෙට්ටි විසින් සිදු කළ අතර කොළඹ විශ්වවිද්‍යාලීය කලාගාරය දිගාට ආදරය කරන සුවහසක් රසකාමීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණි.

nissanka diddeniya sibimidigavee knews karts

මෙම චරිතාපදානය හුදෙක් එක් පුද්ගලයෙකුගේ කතාවක් පමණක් නොව, ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍යයේ රන් යුගයේ සමාජීය හා කලාත්මක පසුබිම වාර්තා කළ ලිඛිත සාක්ෂියක් ලෙස හැඳින්විය හැකිය. නිශ්ශංක දිද්දෙණිය රත්නපුර පනාවැන්නේ උපත ලබා, පනාවැන්න ධර්මාරාම විද්‍යාලයෙන් අධ්‍යාපනය අරඹා, පැල්මඬුල්ල ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය අවසන් කර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබාගෙන ඇත.

nissanka diddeniya sibimidigavee knews katagassma2

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණීමත් සමඟ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කණ්ඩායමට එක්වීම නිශ්ශංක දිද්දෙණියගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය. ඔහුගේ රංගන ජීවිතයේ කූටප්‍රාප්ති අවස්ථාව වූයේ වසර විසිහයක් පුරා (1970-1996) ‘සිංහබාහු’ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑමයි.

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය හැරුණු විට දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන, ප්‍රසන්න විතානගේ, ලූෂන් බුලත්සිංහල ඇතුළු නිර්මාණකරුවන්ගේ වේදිකා නාට්‍ය 40කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබා දී ඇති ඔහු චිත්‍රපට ක්ෂේත්‍රයේ ද “තිලක හා තිලකා” (1976), “එයා දැන් ලොකු ළමයෙක්” (1977), “බිත්ති හතර” (1982) සහ “දුවන මුවන්” (2014) ඇතුළු නිර්මාණ සඳහා දායකත්වය දක්වා ඇත.

nissanka diddeniya sibimidigavee knews katagassma3

මෙම පොත් දොරටවැඩීමේ උත්සවය සංගීතවත් කළේ මහානාම වික්‍රමසිංහ සහ නවරත්න ගමගේ විසිනි. රත්නා ලාලනී ජයකොඩි, නිහාරි සෝමසිරි, මාදනී මල්වත්තගේ, කාංචනමාලා රණසිංහ, රවින්ද්‍ර අලගියවන්න, මනුජ දිද්දෙණිය හා නිශ්ශංක දිද්දෙණිය ඇතුළු කලාකරුවෝ නාට්‍ය ගීතාවලියක් ඉදිරිපත් කළහ.

nissanka diddeniya sibimidigavee knews katagassma

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...