ජීවිත හීනය පුරා කට්ට සෙරෙප්පු දෙක හැඳි නන්දා..!

nanda malini tribute knews

නන්දා මාලිනිය සිය ජීවිත හීනයෙන් අවදිව අප අතරින් නික්මිලා වැඩි වෙලාවක් නෑ. මම ඊයේ ඉඳලා කල්පනා කරනවා ඇය ගැන. නන්දා කියන්නේ ප්‍රේමයට. ඇය ප්‍රේමය උතුරපු නොසිඳි ප්‍රේම උල්පතක්.

මම ඊයේ ඉඳලා කල්පනා කරනවා මේ නන්දාමය ප්‍රේමය ගැන. නන්දා කියන්නේ මට මිහිරි හඬක්. ඒක හරියට රත්නපුරේ ඉන්න දවසක උදෑසනක ඇහැරිලා නිදිගැට හරින නිමේෂයක වැයෙන කුරුලු ගීතයක් වගේ.

නන්දා මොන ගීතය කීවත් ඒ ගීතය අස්සේ දුක තැවරිලා තිබුණා. අපි ඒ දුක දිගේ ඇවිදගෙන යනකොට අපිට මඟදී ප්‍රේමය හමුවුණා. ඒක තමයි නන්දාමය ආනන්දය.

කට්ට සෙරෙප්පුව දාගෙන නන්දා සිය ජීවිත හීනය පුරාම ඇවිදලා නේද කියලා මට වෙලාවකට හිතෙනවා. සමනැල් මිනිස්සු අස්සේ කටුසු මිනිස්සු අස්සේ කොටහේනේ නන්දා ; විජයබා මාවතේත් හිටියා. ඒක එක අතකට පුදුමයක්!. ඒ පුදුමයට හේතුවත් නන්දාගේ ආත්මය වසා ගත් ප්‍රේමයම වෙන්න ඇති.

මම අද උදේ කල්පනා කළා, අපි නන්දලාගේ පරපුරේ නොවුණත්, නන්දාගේ සිංදු දශකයකට දෙකකට පස්සේ අහපු පරපුරක් විදිහට ඇයි දෙයියනේ මේ ගෑනිට මෙච්චර ආදරේ කියලා. ඒකට හේතුව අම්මගේ නැළවිලි ගී අහපු අවසන් පරපුර අපි වීම වෙන්න ඇති. ඉතින් නන්දාගේ මොන සිංදුව ඇහුවත් මට ඒක ඇහෙන්නේ මගේ අම්මගේ කටහඬින් ගැයෙන ලස්සන නැළවිලි ගීයක් වගේ. නන්දාගේ සිංදුවලට අපි තවමත් ඇලෙන්න ඒකත් එක හේතුවක් වෙන්න ඇති කියලා මට හිතෙනවා. සංගීතය ගැන එහෙමට දැනුමක් නැතිවුණත් මට එච්. එම්. ජයවර්ධනගේ තනුවලත් මේ ගුණය අහුවෙලා තිබෙනවා. මොකද්දෝ දුකක් ඒ හැම තනුවකම තිබෙනවා නේදෝ කියලා හිතෙනවා.

ලෝකයේ තියෙන උසස්ම සංගීත භාණ්ඩය මිනිස් කටහඬ. ඒක තමයි ඔරිජිනලය. වයලීනය වගේ ඒවා කරන්නේ මේ කටහඬ අනුකරණය කරන එක. මෙහෙම කියන්නේ මම නෙවෙයි අමරදේව මාස්ටර්. ඉතින් සිංහල ගැහැනු කටහඬවල් අස්සේ නන්දා තමයි ඔරිජිනලය. ඒ මට හිතෙන හැටි.

මම නන්දාගේ ආසම සිංදුව සුළං කපොල්ලේ තැනූ කැඳැල්ලේ කියන ගීතය. ඇයිද මන්දා මම පාළුවක් තනිකමක් දැනුණු බොහෝ වෙලාවට මේ සිංදුව අහන්න පුරුදුවෙලා ඉන්නවා.

ඉතින් නන්දා දැන්වත් සුවෙන් නිදන්න..!

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...