හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීම සහ ඔහු එංගලන්තයේ රාජකීය නාවික හමුදා ඇකඩමියට පුහුණුවක් සඳහා යැවීම ආදී කරුණු මුල්කරගෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් සිදු කළේය. එම විමර්ශනයට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන අයට අද (20) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්ර භාරදීම සිදු විය.
දූෂණය නම් වරද සිදුකිරීම පිළිබඳව වූ මෙම නඩුවේ පළමු සැකකරු හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ වන අතර, දෙවැනි සැකකරු ලෙස යෝෂිත රාජපක්ෂ නම් කර ඇත. ඒ අනුව සාක්ෂිකරුවන් 25 දෙනෙකුගේ නම් සහ සාක්ෂි ලේඛන 47ක් අල්ලස් කොමිසම විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
අධිචෝදනා පත්ර භාරදීමෙන් පසුව විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට මහාධිකරණය කටයුතු කළේය.






