[gtranslate]

මාතලේට යුක්තිය හිමි නැද්ද?

mathale samuha miniwala knews

2013 වසරේ මාතලේ මහ රෝහලේ ජීවවායු ඒකකයේ ඉදිකිරීමක් සඳහා පොළොව කැණීමේදී මිනිස් අස්ථි කොටස් හමුවුණා. එහි අවම වශයෙන් පුද්ගලයන් 154 දෙනෙකුගේ සිරුරු කොටස් තිබෙන බව සොයා ගැනුණා. එම සිරුරු ගෞරවනීය ලෙස වළදමා නොතිබීමත්, මිනීපෙට්ටි නෂ්ටාවශේෂ හෝ අවමංගල චාරිත්‍රවලට සම්බන්ධ කිසිවක් හමුනොවීමත් නිසා මේ ඇත්තේ ඝාතනය කොට සමූහ වශයෙන් වළදැමීමක සාක්ෂි බව තහවුරු වුණා.

රාජපක්ෂ පාලන සමයේදී විමර්ශනයකින් තොරව මේ මිනිස් අස්ථි වළදමා වසා දැමීමට පියවර ගත්තත්, 1987-89 වකවානුවේ මාතලේ විජය විද්‍යාලය ඇතුළු ස්ථාන කිහිපයක පවත්වාගෙන ගිය වධකාගාරවලදී මරාදැමූ අයගේ සිරුරු මෙතැන ඇති බව කියමින් ඥාතීන් අඛණ්ඩව උද්ඝෝෂණ ගෙනගියා. එම වකවානුවේ මාතලේ හමුදා අණදෙන නිලධාරියා ලෙස වධකාගාර පවත්වාගෙන ගියේ පසුව ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ.

2015 දී යහපාලන ආණ්ඩුව මෙම අපරාධය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවට මැතිවරණ වේදිකාවල පොරොන්දු වුණා. නමුත් ඔවුන් බලය ගත් සැණින් මෙය වසන් කිරීම සඳහා ව්‍යාජ වාර්තා සැකසුවා. මේ පිළිබඳව විමර්ශනය කළ ලාංකික වෝහාරික විශේෂඥයන් මේ අස්ථි කොටස් 1980 – 1990 අතර කාලයට අයත් බව තහවුරු කර තිබියදී, එවකට ආණ්ඩුව විදේශීය වාර්තා කැඳවීමේ ප්‍රෝඩාවක් දියත් කළා. ඇමරිකා එක්සත් ජනපදයේ ආයතනයකින් කරන ලද විශ්ලේෂණයක නිගමනය ලෙසින් පොලිසිය 2015 නොවැම්බර් මස මැද දී අධිකරණයට දැනුම් දුන්නේ මාතලේ සමූහ මිනීවලෙන් ගොඩගත් අස්ථි කොටස් හැට වසරකට වඩා පැරණි ඒවා බවයි.

මාතලේ අස්ථි ශේෂ 1950 ට පෙර යුගයක බව සඳහන් කරමින් ෆ්ලොරීඩාවේ මියාමි හි බීටා ඇනලටික් නම් ආයතනය විසින් නිකුත් කළ බවට පොලිසිය සපයන වාර්තාව ‘කිසිසේත් පිළිගත නොහැකි’ බව අදාළ කැණීම් මෙහෙයවූ ලාංකික වෝහාරික පුරාවිද්‍යාඥයා අධිකරණයට පැවසුවත්, විමර්ශන අත්හිටුවා නඩුව බහා තැබුවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැදිහත් වී එතැන මරා දමන්නට ඇතැයි සැලකෙන අයගේ ඥාතීන්ගේ ලේ සාම්පල පොලීසියට ලබාදී ජාන පරීක්ෂණයක් ඉල්ලා සිටියත් යහපාලන ආණ්ඩුව එය නොතකා හැරියා.

“කවරකු විසින් හෝ කුමන හේතුවක් නිසා පුද්ගලයන් 154 දෙනකුගේ නිදහසේ මිය යාමට ඇති අයිතිය උදුරාගෙන ඇති බව මාගේ වෘත්තීය සීමාවෙන් ඔබ්බට කල්පනා කරන විට හදවතට දැනෙමින් තිබේ.” මෙම සමූහ මිනීවලේ පුරාවිද්‍යා පර්යේෂණය සිදුකළ මහාචාර්ය රාජ් සෝමදේව රජයට ලබාදුන් වාර්තාවේ එලෙස සඳහන් කර තිබෙනවා.

“මම කරන්නේ මගේ වෘත්තීය වගකීම. එක එක පත්තරවලට දේශපාලනය උත්තේජනය කරන දේවල් මගෙන් අහන්න එපා. ඒවා මට අදාළ කාරණා නෙමෙයි. අපි වෛද්‍යවරු හැටියට වෘත්තීය වගකීම මිසක් එක එක්කෙනාගේ දේශපාලන න්‍යායපත්‍ර පිළිබඳ උනන්දුවක් නෑ. ඊයෙත් අදත් හෙටත් අපි කරන්නේ වෘත්තීය වගකීම.” මෙම සමූහ මිනීවලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා වන වෛද්‍ය අජිත් ජයසේන කරුණු විකෘති කිරීමට සැරසෙන රාජ්‍ය මාධ්‍යයකට පවසා තිබුණා.

මේ සම්බන්ධයෙන් වැඩ කළ වෘත්තිකයන්ට එල්ල වූ දේශපාලන බලපෑම ගැන එම ප්‍රකාශ දෙක නිදසුනක්.

චෙම්මනි සමූහ මිනීවලේ ආන්දෝලනය මැද යළිත් වරක් වින්දිතයන්ගේ ඥාතීන් මෝසමක් හරහා අධිකරණයෙන් ඉල්ලා සිටියේ බහා තැබූ නඩුව යළි සක්‍රීය කරන ලෙසයි. නමුත් ඒ සඳහා වන ඉල්ලීම ඊයේ ප්‍රතික්ෂේප කෙරුණා. රාජපක්ෂ පාලනය මෙම විමර්ශන සැඟවූයේ ගෝඨාභය මෙයට ගෑවී ඇති නිසා. යහපාලනය කට්ටි පැන්නේ මෙම අපරාධය එක්සත් ජාතික පක්ෂ පාලනයක සිදුවූ නිසා.

නමුත් දැන් ජනතා විමුක්ති පෙරමුණත් පාර්ශ්වකරුවෙකු වන ජාතික ජන බලවේග ආණ්ඩුව අපරාධ වසන් කිරීමට සැරසෙන බවට සැක පහළ වී තිබෙනවා. ඒ බටලන්ද ඝාතන චෝදනා වෙනුවට රනිල් වික්‍රමසිංහට බිරිඳගේ කටයුත්තකට විදෙස්ගත වීම ගැන නඩු පවරන්නාක් මෙන්, වසීම් තාජුදීන් ඝාතනයේ පරීක්ෂණ යට ගසා යෝෂිත රාජපක්ෂට ඉඩම් නඩුවක් පටලවන්නාක් මෙන්, ගෝඨාභය රාජපක්ෂට ද මිනීමැරුම් චෝදනා වෙනුවට මෘදු විවේචනයක් එල්ල කර අත්අඩංගුවට ගැනීමේ සංදර්ශනයක් කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරන නිසාද?

මාතලේ සමූහ මිනීවළ සම්බන්ධයෙන් මේ ආකාරයට කටයුතු කරන ආණ්ඩුවක් චෙම්මනි සමූහ මිනීවළට සාධාරණය ඉටු කරාවිද? මළවුන් උදෙසා යුක්තිය ඉටු කිරීම යනු ජීවත්ව සිටින්නවුන් සඳහා ආරක්ෂාව තහවුරු කිරීමකි. අනාගත පරම්පරාවලට වධකාගාරවල ඝාතනය වී රහසිගතව වැළලී යාමේ ඉරණම අත් නොවන බවට ලබාදෙන සහතිකයකි. එනිසා රට පුරා, උතුරේත් – දකුණේත් ඇති සියලු සමූහ මිනීවළවල් සඳහා සත්‍යය හෙළි කර ගැනීමටත්, යුක්තිය ඉටුකර ගැනීමටත් අරගල කරමු. අපරාධ රාජ්‍යයට සිය අපරාධ වසන් කිරීමට ඉඩ නොතබමු.

-පුබුදු ජයගොඩ –

(මෙහි ඡායාරූපය සරෝජ් පතිරණ මාධ්‍යවේදියාගේ මුහුණු පොතෙනි.)

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...