වියානා ඇළ මතුපිට සෝලාර් ව්‍යාපෘතියක්

viana-canal-solar-power-project-knews

ඇළ මාර්ගයක් උපයෝගී කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රථම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය, වියානා ඇළ ආශ්‍රිතව ආරම්භ කිරීම සඳහා වන මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු නිම කර තිබේ. මහියංගනයෙන් ඇරඹී කිලෝමීටර් 20කට වැඩි දුරකට විහිදෙන මෙම ඇළ මාර්ගය වසරේ වැඩි කාලයක් හොඳින් හිරු එළිය ලබන ප්‍රදේශයක පිහිටා තිබීම මෙම තේරීමට ප්‍රධාන හේතුව වී තිබේ.

පසුගිය 20 වනදා මහවැලි අධිකාරියේ හා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ඉංජිනේරුවන් ද, ලෙකෝ ආයතනයේ නිලධාරීන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද සහභාගීත්වයෙන් මීට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්විණි.

ඇළ මතුපිට සූර්ය පැනල ඇතිරීම මගින් ජලය වාෂ්පීභවනය වීම වැළකෙන අතරම ව්‍යාපෘතියට අනුබද්ධිත විදුලි අලි වැට නිසා වන අලින් ඇළට වැටී අනතුරුවලට ලක්වීම ද වැළකෙන බව බලධාරීන්ගේ අදහසයි. එසේම අනාගතයේ දී හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘති සඳහා ද මෙය පදනමක් වනු ඇත.

කෙසේ වෙතත්, ස්වාභාවික ජල මූලාශ්‍ර සහ වැව් ආශ්‍රිතව මෙලෙස සූර්ය පැනල සවිකිරීම මඟින් ජලජ පරිසර පද්ධතිවලට මෙන්ම සතුන්ගේ හැසිරීම්වලට ද දැඩි බලපෑම් එල්ල වන බව පවසමින් පරිසර සංවිධාන මෙවැනි ව්‍යාපෘති කෙරෙහි සිය විරෝධය පළ කර සිටියි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...