පාර්ලිමේන්තු වරප්‍රසාද පනත මහිලා සමිතියක් වන් මන්ත්‍රී සංසදයට අදාළනෑ

bbc-journalists-privileges-committee-slwja-knews

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කළ දෝෂාරෝපණ වාර්තා කිරීම නිසා බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට සැරසෙන පසුබිමක, පාර්ලිමේන්තු වරප්‍රසාද පනත සංසදවලට අදාළ නොවන බවට නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය පැහැදිලි කරමින් ඔහු සිය මුහුණු පොතට තබා තිබූ සටහන පහත දැක්වේ.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධයෙන් හැරුණු කොට අනෙක් සියලු අධිකරණ බලය තියෙන්නේ අධිකරණ පද්ධතිය සතුවයි.

වරප්‍රසාද සමබන්ධයෙන් වුණත් ඒ වෙලාවට බලපවත්නා නීතීන් අනුව තමයි පාර්ලිමේන්තුවට අධිකරණ බලය භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ තියෙන බලය විතරමයි.

ව්‍යවස්ථාව සහ ඒ පනත අනුව සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව “සංසද” කියන්නේ පාර්ලිමේන්තුව හෝ එහි කමිටුවක් හෝ කාරක සභාවක් හෝ එහි අනු කමිටුවක් නෙමෙයි.

ඒ කියන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද පනත ඔය එක එක සංසද වලට අදාළ වෙන්නේ නෑ.

ආහ්! තව පොඩ්ඩෙන් අමතක වෙනවා!

යම්කිසි දෙයක් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතට වැටෙනවාද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් අධිකරණයට මිසක් පාර්ලිමෙන්තුවට නෙමෙයි.

මූලාශ්‍ර: Erskin May Parliamentary Practice, 23rd ed (2004); R v Chaytor and others [2010] UKSC 52; Stockdale v Hansard (1839) 9 Ad & E 1″

මේ අතර, ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ පැමිණිල්ලකට අනුව කථානායක නියෝගයෙන් බීබීසී සිංහල සේවයේ කර්තෘ ඉෂාරා ධනසේකර සහ මාධ්‍යවේදී සම්පත් දියානායක එළඹෙන 23 වනදා මෙලෙස වරප්‍රසාද කාරක සභාවට කැඳවීමට ආණ්ඩුව ගෙන ඇති පියවර ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි ලෙස හෙළා දකියි.

හිටපු අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහි ළමා අපයෝජන චෝදනාවලට අදාළව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අධිකරණයේ දී දැක්වූ අදහස් ගැන මන්ත්‍රීවරියන්ගේ සංසදය කළ දෝෂාරෝපණ වාර්තා කිරීම නිසා මෙලෙස මාධ්‍යවේදීන් කැඳවීම භාෂණයේ නිදහසට එල්ල කළ බරපතල තර්ජනයක් සහ මාධ්‍ය මර්දනයක් බව පෙන්වා දෙන සංගමය, මෙම ක්‍රියාමාර්ගය වහා අත්හිටුවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින අතර ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ලෙස සියලු මාධ්‍ය, සිවිල් සංවිධාන සහ මහජනයාගෙන් ඉල්ලා සිටී.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...