හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට..!

wasanthakarannagoda knews

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගෙන බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණුවකට යැවීම පිළිබඳව විමර්ශනය කරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගෙන තිබේ.

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීමටත් ප්‍රථම බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික විද්‍යාලයේ පුහුනුවට යැවීම සඳහා සැලසුම් කිරීම, යෝෂිත නාවික හමුදාවට බඳවා ගැනීම සඳහා සම්මත බඳවා ගැනීම් ක්‍රමවේදයන් වෙනස් කිරීම ආදී චෝදනා රැසක් හිටපු නාවික හමුදාපතිවරයාට එල්ලවෙන අතර ඔහු මේ හරහා දූෂණය නම් වරද සිදුකර ඇතැයි එම කොමිසම ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පසුගිය ජුනි 16 වෙනිදා එම කොමිසම හමුවේ පෙනී සිටින්නැයි හිටපු නාවික හමුදාපතිවරයාට සිතාසි යොමුකර තිබුණත් එම සිතාසිය නිල වශයෙන් ලැබී නොමැති බව පවසමින් ඔහු එදින පෙනී සිටියේ නැත.

මෙම විමර්ශනයටම අදාළව පසුගිය ජුනි 17දා යෝෂිත රාජපක්ෂ එම කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් මිලියන 5 බැගින් වූ පුද්ගලික ඇප තුනක් මත මුදා හරින ලදී.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...