ඇතිහැකි ලක්ෂ 7කට අස්වැසුම කැපෙයි

aswasuma news knews

මින් ඉදිරියට අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ දීමනා ගෙවනු ලබන්නේ දුප්පත් සහ අන්ත දුප්පත් පවුල් සඳහා පමණක් බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිල වශයෙන් නිවේදනය කර තිබෙන අතර ඒ අනුව මේ වනවිට ලක්ෂ 7කට වැඩි ප්‍රථිලාභීන් ප්‍රමානයකට අස්වැසුම අහිමිකර ඇතැයි වාර්තා වෙයි.

2023 වසරේදී ආරම්භ කරන ලද අස්වැසුම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබාගත් ප්‍රතිලාභීන්ගේ ප්‍රතිලාභී ලැයිස්තුව 2025 අප්‍රේල් මාසයේදී වර්ගීකරණය කිරීමෙන් පසු සංක්‍රාන්තික කාණ්ඩයේ පසුවූ ප්‍රතිලාභීන් තුන්ලක්ෂ පහළොස්දහසකගේ දීමනා අත්හිටුවීමට පියවර ගැනුණ අතර මෙම වසරේ ජූනි මාසයේදී අවදානමට ලක්වූ කාණ්ඩයේ තවත් ප්‍රතිලාභීන් හාරලක්ෂ විසිපන්දහසකගේ දීමනා ගෙවීම ද නතර කර ඇත. ඒ අනුව මේ වනවිට ප්‍රතිලාභීන් ලක්ෂ 7කට වඩා වැඩි පිරිසකට අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම නතරකර ඇත.

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අස්වැසුම සහකාර කොමසාරිස් අශාන් දර්ශක ප්‍රකාශ කරන්නේ දීමනා අත්හිටුවන ලද මෙම කාණ්ඩ දෙකට අයත් පවුල්වලට අසාධාරණයක් සිදු නොවන බවය. එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ මෙම කපාදමන ලද පවුල් අතරින් සැබවින්ම දුප්පත් හෝ අන්ත දුප්පත් මට්ටමේ පසුවන බවට හඳුනාගන්නා පවුල් සඳහා, සංශෝධිත නව ක්‍රමවේදය යටතේ නැවත සහනාධාර ලබා ගැනීමට සුදුසුකම් ලැබීමේ යම් අවස්ථාවක් පැවතිය හැකි බවය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...