පසුගිය 17දා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන අය රනිල් වික්‍රමසිංහගේ නිවසේදී හමුවී සාකච්ඡා කර තිබුණ අතර එහිදී ඉතා ඉක්මනින් සමගි ජන බලවේගය සහ එජාපය අතර දේශපාලන සන්ධානයක් නිර්මානය කරගැනීම පිළිබඳව අදහස් හොවමාරුවී ඇතැයි කරුණු වාර්තා වෙයි.
ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා සහ ව්‍යාපාරික ලක්ෂ්මන් ෆොන්සේකාද දෙපාර්ශවය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එකතුවී තිබුණ අතර එහිදී ඔවුන් මෙම පක්ෂ දෙක ඉතාමත් ඉක්මනින් දේශපාලන සන්ධානයකට එකතුවිය යුතු බවත් එසේ එකතුව ශක්තිමත් පදනමක සිට ආණ්ඩුවට අභියෝග කළ යුතු බවත් සාකච්ඡා කර ඇත.
ඒ අනුව ඉදිරියේදී මෙම පක්ෂ දෙකෙහි මහ ලේකම්වරුන් මෙම සන්ධානය පිළිබඳව සාකච්ඡා කර මූලික එකඟතාවයක් වෙනුවෙන් ලියවිල්ලක් සකස් කරනු ඇති බවත්, එහි ඉදිරිය පියවර ලෙස ඉක්මනින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් නිල වශයෙන් දේශපාලන සන්ධානයක් ගොඩනගා ගනු ඇති බවත් කරුණු අනාවරණය වෙයි.






