ඉරානයෙන් ජෝර්දානයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

iranayen jordanayata drone praharayak knews

ඉරානයේ වෙරළ කලාපයට අමෙරිකානු හමුදාව එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, ඉරානය ජෝර්දානයේ ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයත් සමඟ එම ගුවන් හමුදා කඳවුර අවට ගිනි ගැනීම් සිදුව ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කරන්නේ, මෙම ප්‍රහාරය ඉරාන වෙරළබඩ හමුදා කඳවුරු වෙත අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමේ පළමු අදියර බවයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින් පසුගිය මාසයේදී අත්සන් කරන ලද අමෙරිකා – ඉරාන සටන් විරාම ගිවිසුම, මෙම නව ප්‍රහාර මාලාවත් සමඟ තවදුරටත් ක්‍රියාත්මක වන්නේ ද යන්න සැකසහිත බව වාර්තා වේ. අමෙරිකාව දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයේ පාලනය තමන් සතු කරගැනීමට ඉරානය දරන උත්සාහය නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...