ඉරාන – අමෙරිකා අර්බුදය නැවතත් උත්සන්න වීම සහ අමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය ගල්ෆ් කලාපයේ තම අසල්වැසි රටවලට එල්ල කරන ප්‍රහාර දැඩි කර ඇති තත්ත්වය තුළ, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් තිබේ.
බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 2.34කින් හෙවත් 3.08%කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව එහි බැරලයක නව මිල ඩොලර් 78.35ක් ලෙස වාර්තා වේ.
WTI බොරතෙල් මිල ඩොලර් 2.21කින් හෙවත් 3.09%කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව එම වර්ගයේ බොරතෙල් බැරලයක නව මිල ඩොලර් 73.62ක් ලෙස වාර්තා වේ.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) වාර්තාවලට අනුව ජූනි මාසයේදී ගෝලීය තෙල් සැපයුම දිනකට බැරල් මිලියන 4.1කින් ඉහළ ගොස් තිබුණ ද, එය යුද්ධයට පෙර පැවති මට්ටමට වඩා දිනකට බැරල් මිලියන 9.4කින් අඩු මට්ටමක පවතී.






