හම්බන්තොටත් ගොවි විරෝධතා ඇවිලේ..!

hambantota farmers protest knews

තමන්ගේ වී අස්වැන්නට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා කිරිඳිඔය ඒකාබද්ධ ගොවි ව්‍යාපාරයේ සංවිධාන 62ක ගොවි නියෝජිතයින් විශාල පිරිසක් අද (13) වීරවිල මංසන්ධියට එකතුව රජයට සිය විරෝධය දක්වනු ලැබීය.

මෙම විරෝධතාවට එකතුවූ ගොවියෝ මාධ්‍යවෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 120ක් පමණ පිරිවැයක් දරන්න වෙන පසුබිමක, වී කිලෝවක මිල රුපියල් 85ත් 90ත් දක්වා පහළ යෑම තමන්ට දරාගන්නට නොහැකි බවයි.

බැංකුවලට සහ පොලීකරුවන්ට ණය වී සිටින තමන්ට යම් සහනයක් ලබාගන්නට නම් වී කිලෝ එකක මිල රුපියල් 150ක් වත් විය යුතු බව ප්‍රකාශ කරන ගොවියන් රජයට යෝජනා කර සිටින්නේ, වී කිලෝවක් රුපියල් 150ක සහතික මිලකට රජය විසින් මිලදී ගත යුතුයි කියා ය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...