429 කියන්නේ, චෙම්මනිවල මිනිසුන් පණපිටින් වැළලූ කතාවද?

human skeleton no 429 was identified

යාපනය චෙම්මනි සමූහ මිනීවළේ තුන් වැනි අදියරේ කැණීම් කටයුතු සිදු කළ 37 වැනි දිනය බවට සටහන් වූයේ පසුගිය ජූලි 19 වැනි දා ය. සාමාන්‍යයෙන් හමුවන ඉරියව්වලට වඩා වෙනස්, හිඳ සිටින ආකාරයේ ඉරියව්වකින් යුත් අංක 429 දරන අස්ථි සැකිල්ල අනාවරණය කරගැනීමට එදින යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ කැණීම් කණ්ඩායම සමත් විය. 

සමූහ මිනීවලවල් තුළින් සාමාන්‍යයෙන් හමුවන්නේ දිගහැරුණු හෝ ඇද වී ගිය සිරුරු වුවද, මෙම 429 වන අස්ථි සැකිල්ල හමු වී තිබුණේ බඳ කොටස ඉදිරියට නමා, එරමිණියා ගොතාගෙන වාඩි වී සිටින ස්වභාවයකිනි. චෙම්මනි භූමියෙන් මෙවැනි අසාමාන්‍ය භූමදාන ඉරියව්වක් වාර්තා වූ දෙවන අවස්ථාව මෙය වේ. 

එදිනම සොයාගත් අනෙකුත් ඇටසැකිලි නවයත් සමඟ මේ වන විට අස්ථි සැකිලි 446ක් අනාවරණය කරගෙන ඇති අතර ඒ අතුරින් 434ක් ම සම්පූර්ණයෙන්ම ගොඩගෙන අවසන් ය. කෙසේ වෙතත් 429 වන සැකිල්ලේ පැවැත්ම යුද සමයේ සිදුවූ අතුරුදන් කිරීම් සහ සමූහ ඝාතන පිළිබඳව විමර්ශනය කිරීමේ අවශ්‍යතාවය නැවතත් මතු කර තිබේ.

human skeleton no 429 was identified

අධිකරණ වෛද්‍ය පරීක්ෂණවලට අනුව මෙම සිරුර තැන්පත් කර තිබී ඇත්තේ ඉතා නොගැඹුරු, හදිසියෙන් පස් දමා වසා දැමූ අක්‍රමවත් වළක ය. විශේෂඥ මතයට අනුව, මරණය සිදු වූ පසු ශරීරයේ මාංශ පේශි අක්‍රිය වන බැවින් බාහිර බලපෑමකින් තොරව සිරුරක් ස්වභාවිකව මෙලෙස වාඩි වූ ඉරියව්වක පවතින්නේ නැත. 

යම් ලෙසකින් සිටුවා වෙඩි තැබුවද, පටු වළක බිත්තිවලින් හෝ වහාම පස් දැමීමෙන් ආධාරකයක් නොලැබුණහොත් සිරුර පැත්තකට ඇද වැටීම ස්වභාවිකය. එම නිසා, අත් පා මෙලෙස තදින් ඇකිලී තිබීමෙන් පැහැදිලි වන්නේ අදාළ පුද්ගලයා මියයමින් සිටිය දී හෝ මරණය සිදු වූ වහාම බලහත්කාරයෙන් එම ඉරියව්වට පත් කර ඇති බවයි. තවද, ප්‍රධාන සන්ධි පිහිටා ඇති ආකාරය අනුව පෙනී යන්නේ දේහය මුලින්ම තැන්පත් කළ ස්ථානයේ දී ම දිරාපත්ව ඇති බවයි.

මෙම අසාමාන්‍ය තත්ත්වය හේතුවෙන් අදාළ තැනැත්තා පණපිටින් වළදමන ලද්දේ ද යන්න පිළිබඳව සැක මතු වුවද ශ්වසන මාර්ගයේ පස් අඩංගු වීම හෝ බේරීමට දැඟලූ බවට නිශ්චිත සාක්ෂි නැතිව එය තහවුරු කළ නොහැකි බව අධිකරණ වෛද්‍ය මතයයි.

human skeleton no 429 was identified

චෙම්මනියෙන් මේ වන විට අස්ථි සැකිලි විශාල සංඛ්‍යාවක් සොයාගෙන තිබුණ ද 1995 කාලවකවානුවේ හඳුනාගත් සිරුරු කිහිපය හැර අන් කිසිදු දේහයක අනන්‍යතාව තහවුරු කරගැනීමට හැකි වී නැත. රට තුළ විධිමත් DNA බැංකුවක් හෝ DNA පරීක්ෂණ සඳහා අනුගමනය කරන ස්ථාවර වැඩපිළිවෙළක් නොමැති වීම ඊට ප්‍රධාන බාධාවකි. 

නොගැඹුරු වළක, අසාමාන්‍ය ඉරියව්වකින්, කිසිදු ගෞරවයකින් තොරව සඟවා ඇති 429වන අස්ථි සැකිල්ල සහ අනෙකුත් ඇටසැකිලි 445ම අතීත යුද සමයේ සිදු වූ බියකරු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සප්‍රමාණික සාක්ෂියක් ලෙස අද දවසේ අනාවරණය වෙමින් පවතී.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...