ඇමරිකා – ඉරාන යුද්ධය තවත් දරුණු වෙයි

usa iran war knews

ඇමරිකාව ඉරානය වෙත 10 වෙනි දිනයටත් අඛණ්ඩව ප්‍රහාර එල්ලකරමින් සිටින බව වාර්තා වෙන අතර මේ පිළිබඳව අදහස් දක්වමින් ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ප්‍රකාශ ක‍රන්නේ තම රට ඇමරිකාව සමග මහා පරිමාන යුද්ධයකට එලබ ඇති බවයි.

හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන්කරන නෞකාවලට නිදහසේ ගමන් කිරීම සඳහා ඉරාන අවහිර කිරීම් මැඬලීමට මෙම නව ප්‍රහාර මාලාව එල්ලකරන බව ඇමරිකානු මධ්‍යම විධානය ප්‍රකාශ කරන අතර ඉරානය තවදුරටත් ප්‍රකාශ කරන්නේ තමන් අසල්වැසි රටවල ඇමරිකානු මර්මස්ථාන ඉලක්ක කර ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.

මේ අතරදී පසුගිය දා ඉරාන ප්‍රහාර හමුවේ ජෝර්දානයේදී සහ ඉරාකයේදී මියගිය අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු පිළිබඳ සඳහන් කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මේ සඳහා ඉරානයට දැඩි ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි කියා යි.

ඉරානයේ හමුදා සහ සන්නිවේදන මධ්‍යස්ථාන ඉලක්ක කර එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කර ඇති අතර මීට ප්‍රතිචාර වශයෙන් ඉරානය බහරේනය, ජෝර්දානය සහ සිරියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර ඇත. මෙම ප්‍රහාර පිළිගනිමින් ජෝර්දානය ප්‍රකාශ කරන්නේ තමන් ඉරාන මිසයිල තුනක් බිමහෙළනු ලැබූ බවයි. කුවේට් හමුදාව ද ඉරාන ඩ්‍රෝන යානා වෙත ප්‍රහාර එල්ල කළ බව ප්‍රකාශ කර ඇත.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ තෙල් නැව් දෙකක් පුපුරා ගොස් ඇති බව ඉරාන මාධ්‍ය ප්‍රකාශ කළත් ඇමරිකානු මධ්‍යම විධානය එම මාධ්‍ය වාර්තාවන් ප්‍රතික්ෂේප කරයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...