[gtranslate]

රතුමස් පරිභෝජනය අධෛර්යමත් කළොත් මොකද වෙන්නේ?

the truth about red meat & dairy industry in sri lanka knews

පසුගිය දවසක මරණයට කැපවූ අහිංසක ගවයෙකුට යළි ජීවය ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගත්තා. අපි හැවෝම මේක අගය කරනවා. සතෙකුට ජීවත් වෙන්න නිදහස දෙනවා කියන්නේ කොච්චර දෙයක් ද?. මේක සංවේදී අවස්ථාවක්. ඒත් අපි පුද්ගලිකව මෙහෙම දේවල් කළත් අමාත්‍යාංශ මට්ටමින් රාජ්‍ය මට්ටමින් මෙහෙම දේවල් කරන්න පුළුවන් ද? ඒක ජාතියේම පෝෂණයට සහ ජාතියේම අනාගතයට බලපාන්නේ නැතිද?

ශ්‍රී ලංකාවේ දෛනික කිරි අවශ්‍යතාවයෙන් තවමත් දේශීයව නිෂ්පාදනය කරන්නේ 40% කටත් ආසන්න ප්‍රමාණයක් විතරයි. ඉතිරි 60% කට අධික ඉල්ලුම සඳහා අපට තවමත් වාර්ෂිකව රුපියල් බිලියන ගණනක් වැය කරන්න සිදුවෙලා. දේශීය කිරි ගොවියා නඟා සිටුවීමට නම් ඉහළ කිරි අස්වැන්නක් දෙන ගව විශේෂ හඳුන්වා දෙන්න ඕනෑ. නවීන තාක්ෂණය දෙන්න ඕනෑ. මස් කර්මාන්තයත් ඊට සමඟාමියව දියුණු කරන්න ඕනෑ. ඒකයි කතාව. 

අපිට තියෙන්නේ කුඩා මස් කර්මාන්තයක්. කොටින්නම කියනවා නම් ඒක කිරි කර්මාන්තයේම අතුරුඵලයක් ය. බයි ප්‍රොඩක්ට් එකක්. ඉතිං අපි දැනටත් කන මස් ප්‍රමානය තවත් අඩු කළොත් කිරි කර්මාන්තය කඩාගෙන වැටෙනවා. මොකද ලාභදායී කිරි කර්මාන්තයක් පවත්වාගෙන යන්න නම් මස් කර්මාන්තය දියුණු වෙන්න ඕනෑ.

අපි හරිම අඩුවෙන් රතු මස් පරිභෝජනය කරන රටක්. අවුරුද්දකටම එක පුද්ගලයෙක් කන්නේ රතුමස් කිලෝ දෙකට අඩුවෙන්. අහෝ! මෙහෙම ගියොත් අපේ ජාතියම ඉවරයි. දුර්වලයෝ රංචුවක් තමයි හැදෙන්නේ. රතු මස් කියන්නේ මානවයාගේ හොඳම ප්‍රෝටීන මූලාශ්‍රය. හොඳම යකඩ මූලාශ්‍රය. හොඳම බී 12 මූලාශ්‍රය. හොඳම සින්ක් මූලාශ්‍රය. ඉතිං මේවා ඇගට හරියට ආවේ නැතිවුණාම මිනිස්සු කුරු වෙනවා. ප්‍රතිශක්තිය අඩුවෙනවා. ඉක්මනින් ලෙඩවලට ගොදුරු වෙනවා. ස්නායු පද්ධතිය දුර්වල වෙනවා. කකුල් අතපය හිරිවැටෙනවා.

ඉතුරු ටිකට වීඩියෝව අහන්න..!

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

රතුමස් පරිභෝජනය අධෛර්යමත් කළොත් මොකද වෙන්නේ?

පසුගිය දවසක මරණයට කැපවූ අහිංසක ගවයෙකුට යළි ජීවය ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගත්තා. අපි හැවෝම මේක අගය කරනවා. සතෙකුට ජීවත් වෙන්න නිදහස දෙනවා කියන්නේ කොච්චර දෙයක් ද?. මේක සංවේදී අවස්ථාවක්. ඒත් අපි...

හිමගිර පාමුල

ගස් අතු ඉති සිරි සිරියක පැටලිලා. කඩේ පියැස්සෙන් බිමට විසි කරන වැසි දිය පුංචි දිය සීරා​වක පැටලිලා ගඟ හොයනවා. ඈතින් හිමගිර වසාගත්ත සුදු වළාකුළු වැස්ස වලාහක දෙවියන්ට තව තවත් ඇරයුම් කරනවා. දෙවියන්ගේ රටේ...

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...