ආයෙත් තෙල් අර්බුදයක්…!

fuel crisis sri lanka knews

මැදපෙරදිග යුද තත්ත්වයත් සමග ගෝලීය තෙල් වෙළඳපොළේ බොරතෙල් සහ පිරිපහදු කරන ලද තෙල්වල මිලගණන් ඉතා ඉක්මනින් ඉහළ යමින් තිබෙන පසුබිම තුළ සහ දැනට පවතින වියලි කාලගුණ තත්ත්වය වැනි හේතු නිසා නැවතත් ඉන්ධන අර්බුදයක පෙරනිමිති පහළ වී ඇතැයි ද ඒ අනුව මෙම නව අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ඉක්මනින් සාකච්ඡාවක් ලබාදෙන්න යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ වනවිට ලෝක වෙළඳපොළේ තෙල් මිල, ඩීසල් 45%කින් ද පෙට්‍රල් 30%කින් ලෙස ජූලි මාසයේ මුල් සතියේ පැවති මිලට වඩා ඉහළ ගොස් ඇති අතර බොරතෙල් මිලද විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.

පවතින වියලි කාලගුණ තත්ත්වය නිසා ජල විදුලිය සීමිත බව වාර්තා වෙන අතර ගල්අඟුරු අර්බුදය නිසා නොරොච්චෝලේ බලාගාරය එහි උපරීම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කර ගැනීමේ ප්‍රශ්නයක් ද උද්ගතව ඇත. මෙම තත්ත්වය නිසා ඩීසල් දහනය කරමින් විදුලිය වැඩි වශයෙන් නිපදවන්නට සිදුව ඇතැයි පැවසෙන අතර මෙම තත්ත්වය තුළ ජනතාව ඉන්ධන පරිභෝජනය සීමා නොකළහොත් අර්බුදය උත්සන්න විය හැකි බව ද වාර්තා වෙයි.

මැදපෙරදිග යුද තත්ත්වයට විසඳුමක් පෙනෙන මානයකවත් නැති තත්ත්වය තුළ සහ මෙම වියලි කාලගුණ තත්ත්වය ඉදිරියේදී නියඟයකට හැරේවි යැයි අනතුරු ඇඟවීම් කෙරෙන පසුබිමක ඉන්ධන අර්බුදය උග්‍රවිය හැකි යැයිද එනිසා ඉක්මන් ක්‍රියාමාර්ග නොගතහොත් තෙල් පෝලිම් ඇතිවෙනු ඇති බවද එනිසාම ඉක්මනින් ජනාධිපතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කරන්නට එම සංස්ථාව අදහස් කරන බව ද ප්‍රකාශ වෙයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...