පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිත් සිරගෙට..!

mp chaminda wijesiri sentenced to prison knews

බදුල්ල මහාධිකරණය විසින් එම දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එකහමාරක සිර දඬුවමක් නියම කර තිබෙන බව වාර්තා වෙයි.

පසුගිය 2019 පෙබරවාරි 10 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී එම මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ජීප් රථයකින් බණ්ඩාරවෙල නගරයේ ගමන් කරමින් සිටියදී එහි වටරවුමක් අසලදී පොලිස් ජීප් රථයක් විසින් ඔවුන්ගේ රථය ඉස්සර කර යාමේදී ඇති වූ බව කියන බහින්බස් වීමක් මෙම සිද්ධියට පාදක වී ඇත.

මේ පිළිබඳව පොලිසිය සිදු කළ විමර්ශනයෙන් අනතුරුව, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කිරීම, පහර දීම, අයුතු අවහිරය සිදු කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට, ඔහුගේ රියදුරුට සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ නඩු පවරනු ලැබිණි.

එම නඩුව විභාග කළ බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා විසින් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ එවකට ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළේ යැයි කියන බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා හතරකටත්, ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා තුනකටත් වරදකරුවන් බවට තීරණය කර ඇත.

ඒ අනුව මන්ත්‍රීවරයාට මෙම දඬුවම මහාධිකරණය විසින් ලබා දී ඇති අතර, එවකට රියදුරු ලෙස කටයුතු කළ බන්දුල රත්නායක මේ වන විට මිය ගොස් ඇති බව ද අනාවරණය වේ.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...