ජනාධිපතිවරයා විසින් 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට යෝජනා කර ඇති අතර ඒ අනුව නව දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් පසුගිය 27දා ප්‍රකාශයට පත්කර ඇත.
මෙම නව පනත මගින් සංශෝධන කිහිපයක් හඳුන්වා දීමට යෝජිත අතර ඒ අනුව දැනට තිබෙන යම් යම් හිඩැස් නීතිමය බාධාවන් ඉවත්වී පනත තවදුරටත් දැඩි එකක් වෙනු ඇති බවත් එය ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගනු ඇති බවත් වාර්තා වෙයි.






