නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරයි.
2006 දෙසැම්බර් 15දා කොළඹ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වීමෙන් අනතුරුව අතුරුදන් වූ එම මහාචාර්යවරයා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයන් සිදුකරනු ලැබූ අතර ඒ අනුව 2025 අප්‍රේල් 8 වැනි දින එම දෙපාර්තමේන්තුව විසින් හිටපු මහ ඇමතිවරයා අත්අඩංගුව ගනු ලැබීය. ඉන්පසුව රැඳවුම් නියෝග මත දින 359ක් රඳවාගෙන සිටි හිටපු මහ ඇමතිවරයා පසුගිය 2026 අප්‍රේල් 2 දා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ හිටපු උප කුලපතිවරයා පොලොන්නරුව සෙවණපිටිය කඳවුරට රැගෙන ගොස් ඝාතනය කර, පුළුස්සා ඇති බවයි.






