පුද්ගලික බැංකු ලොක්කෝ 4ක් අත්අඩංගුවට

fcid arrests four bank managers over financial scam knews

ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට ඇස්තමේන්තුගත ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක පමණ මුදලක් නීතිවිරෝධී ලෙස ප්‍රේෂණය කිරීමේ ජාවාරමට සම්බන්ධ බව සැකකරන ප්‍රමුඛ පෙළේ පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සතර දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙයි.

ශ්‍රී ලංකාව තුළ බැංකු කළමනාකරුවන් පිරිසක් එකවර මෙසේ අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවට වාර්තා වෙන අතර මෙම ජාවාරම පිටුපස සිටින බවට සැකකරන ප්‍රධාන පුද්ගලයා විසින් අදාළ බැංකු නිලධාරීන් සිව්දෙනාට සතිපතා මුදල් ගෙවීම් කර ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම විමර්ශනයන්වලට අනුව මෙම නිලධාරීන්ට සතියකට රුපියල් තිස් දහසත් ලක්ෂයත් අතර මුදලක් ගෙවා ඇත. මෙසේ අත්අඩංගුවට පත්වූ බැංකු කළමනාකරුවන් සිව්දෙනාගෙන් එක් අයෙකු එක් අවස්ථාවකදී රුපියල් මිලියන 1ක පමණ මුදලක් ලබාගෙන ඇති බව ද අනාවරණය වී ඇත.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...