අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඕමානයට බෝම්බ හෙළන බවට කළ තර්ජනය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) නැවතත් ඉහළ ගොස් ඇත.
මෙම නව තත්ත්වය සමඟ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 ඉක්මවා ඉහළ නැඟ ඇති අතර එහි නව මිල ඇ.ඩො. 91.24ක් ලෙස සටහන්වී ඇත.
මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.70ක් ලෙසත්, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 85ක් ලෙසත් ඉහළ නැඟ ඇත.
තමන් ඉරානය සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡාවලට බාධා පැමිණවීම කළහොත් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බව පසුගිය 17 දා ෆොක්ස් නිව්ස් සමඟ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය සහ එහි පාලනය පිළිබඳව මේවනවිට ඉරානය සහ ඕමානය අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර, අමෙරිකාවද වෙනමම සාකච්ඡාවන් පවත්වමින් සිටී.






