ඉරානයේ වෙරළ කලාපයට අමෙරිකානු හමුදාව එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, ඉරානය ජෝර්දානයේ ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරයත් සමඟ එම ගුවන් හමුදා කඳවුර අවට ගිනි ගැනීම් සිදුව ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කරන්නේ, මෙම ප්‍රහාරය ඉරාන වෙරළබඩ හමුදා කඳවුරු වෙත අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමේ පළමු අදියර බවයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින් පසුගිය මාසයේදී අත්සන් කරන ලද අමෙරිකා – ඉරාන සටන් විරාම ගිවිසුම, මෙම නව ප්‍රහාර මාලාවත් සමඟ තවදුරටත් ක්‍රියාත්මක වන්නේ ද යන්න සැකසහිත බව වාර්තා වේ. අමෙරිකාව දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයේ පාලනය තමන් සතු කරගැනීමට ඉරානය දරන උත්සාහය නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.






