අද (7) උදෑසන කුරුවිට බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය අතරතුර එහි සිටි රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් තවත් 11 දෙනෙක් තුවාල ලබා ඇතැයි කුරුවිට පොලීසිය ප්රකාශ කරයි.
ඊයේ රාත්රියේ සිට කුරුවිට බන්ධනාගාරයේ පැවතුනා යැයි කියන නොසන්සුන්තාවය අද උදෑසන උත්සන්න වී ඇති අතර ඒ අනුව රැඳවියන් අතර සිදුව ඇතැයි කියන ගැටුම අතරතුර 4 දෙනෙක් තුවාල වී ඇත. එම තුවාල ලද පිරිසෙන් දෙදෙනෙක් පසුව මියගිය බව පොලීසිය ප්රකාශ කරයි.
කුරුවිට බන්ධනාගාරයේ ඇතිවූ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් කඳුළු ගෑස් ප්රහාර එල්ලකර අහසට වෙඩි තබා ඇතැයි නිල නොවන වාර්තා සඳහන් කරයි.
මේ පිළිබඳ කලින් පුවත් – https://knews.lk/kuruwita-prison-unrest/






