රත්නපුර කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ද ඊයේ (6) රාත්‍රියේ සිට නොසන්සුන්කාරී තත්ත්වයක් වර්ධනය වෙමින් තිබුණු බවත්, එය අද (7) උදෑසන වන විට තවත් වර්ධනය වීම නිසා එම තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට සිදුව ඇති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
කුරුවිට රැඳවියන් අතර පැවති මෙම නොසන්සුන්තාවය අද උදෑසන තවදුරටත් වර්ධනය වීමත් සමඟ ඔවුන් බන්ධනාගාර රෝහලට ද අලාභහානි කර ඇති බව වාර්තා වෙයි.
ඊයේ (6) රාත්‍රියේ බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ ද මෙවැනි තත්ත්වයක් වාර්තා වූ අතර එය සාර්ථකව පාලනය කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එම පුවත මෙතනින් – https://knews.lk/harshana-nanayakkara-magazine-prison-unrest-controlled/






